පිළිකා රෝගය ලෝකයේ සිදුවන මරණවලට හේතුවන ප්‍රධානතම හේතුන් 10 අතර ඉහළින්ම පවතින හේතුවක් වන අතර විද්‍යාව සහ තාක්ෂණය උපයෝගි කර ගනිමින් වඩාත් පර්යේෂණ කරන ලද විෂයක් වේ. එමඟින් අද වන විට පිළිකා සුවපත් කිරීමට හැකියාව ඇති බවට සුබවාදී ප්‍රතිඵල ළඟා කර ගෙන ඇත.
ඒ අනුව ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිකා රෝගීන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතිකාර හා සත්කාර ලබා දීම උදෙසා ආරම්භ කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා ප්‍රතිකාර සේවා පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (CTSI)හි ප්‍රමුඛතම ජාත්‍යන්තර මධ්‍යස්ථානය වන ඇමෙරිකානු ඔන්කොලොජි ඉන්ස්ටිටියුට් (AOI) සමඟ සහයෝගිත්වයෙනි. එමගින් පිළිකා රෝගීන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතිකාර නවීන තාක්ෂණය භාවිත කරමින් උසස්ම තත්වයෙන් ලබා දීමට ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය කැප වී සිටී.
ශ්‍රී ලංකාවේ උසස්ම, පුළුල් හා දියුණු පිළිකා ප්‍රතිකාර ඒකකය, ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර ඔවුන් රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවන් සහ උපකාරක සේවා, උසස් මට්ටමේ ප්‍රතිකාර ක්‍රමවේද, සහ සානුකම්පිත සේවාවක් ලබා දීමේ අවශ්‍යතාව අවබෝධ කරගෙන සිටී.
පිළිකා රෝගය ජීවිතය වෙනස් කරන රෝගී තත්වයක් වුවද, ආසිරි ්ධෂ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝගීන්ට ජීවිතය පිළිබඳව නව බලාපොරොත්තු ගෙන ඒම සඳහා විද්‍යාවේ සහ නව තාක්ෂණයේ මහිමය යොදා ගනිමින් ප්‍රතිකාර සිදු කරනු ලබයි. රෝගීන්ට ආසිරි AOI පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවේ උසස්ම හා අති නවීනතම රේඛීය ත්වරණ තාක්ෂණය (state-of-the-art linear accelerator technology) භාවිත කර සිදුකරන විකිරණ ප්‍රතිකාර මගින් ඉතා නිරවද්‍ය ලෙස අනෙකුත් නිරෝගී පටක විනාශ නොවන පරිදි පිළිකා කාරක සෛල විනාශ කරමින් ප්‍රතිඵල ලබා දිය හැකි බව පර්යේෂණවලින් සනාථ කර ඇත.