සරස්වන්‍ය ලක්‍ෂ්ම්‍ය විධිභාරි
සපන්නො විහරතෙ
රංතෑ පතිවෘත්‍යම් ශිථිලයානි
රම්යේන වපුස චීරම් ජීවන්
එවක්ශපිත පාශුපාශා ව්‍යති කාරඃ
පාරානන්දා භිච්‍යම් රාසයාති
රසමිත්වච් භජනවම්
ජ්‍යොතිෂ සිද්ධාන්ත මත කාන්තාවන්ට කුජ භෞම දෝෂය ජන්මයෙන්ම ඇති වූ විට විශේෂයෙන් විවාහක කාන්තාවන්ගේ ලග්නයේ 01-02-04-07-08-12 යන ස්ථාන කුජ ග්‍රහයා අසුබව පිහිටි කල්හි තම ස්වාමියාට හදිසි අනතුරු විපත් ගෙන දෙනවා මෙන්ම තම යුගදිවියට බාධා ගෙන දීමේ ප්‍රවණතාවය වැඩිය.
ඊශ්වර හෙවත් ශිව දෙවියන්ගේ ප්‍රියන්බිකාව ලෙස හැඳින්වෙන පාර්වතී හෙවත් උමයන්ගනා දේවිය උදෙසා ඉතා පාරිශුද්ධ භාවයෙන් යුතුව පහන් සිතින් ඉහත දැක්වෙන ශ්ලෝකය දිනපතා උදේ – සවස භාවිත කිරීමෙන් තම ස්වාමියාගේ අපල, විපත් දුරුකර දීර්ඝායුෂ ලැබීමට වඩාත් ඉවහල්වනු ඇත.
මෙයට අමතරව කුජගේ පාප බලය නිසා තම මංගල කටයුතු ප්‍රමාද වන අයට මෙන්ම යුගදිවිය අවුල්සහගත වන අයට කුජගේ දෝෂ විපත් මඟහරවාලන යහපත් ශාන්තිකර්ම ක්‍රමවේදයන් ඇති බවද සිහිපත් කරමි.
ජ්‍යොතිෂවේදී ජේ.එම්. ජයන්ත ඒකනායක











