භද්‍ර යෞවනයේ තරුණයකු සහ තරුණියක පෙම් සබඳතාවක් ගොඩනඟාගෙන යන කාල පරාසය තුළ ඔවුන්ටම වෙන්වූ දෙදෙනාම නිර්මාණය කරගත් ලෝකයක ජීවත් වීම ස්වභාවිකයි.
එවන් සෞන්දර්යාත්මක වින්දනයකට කෙනකු වපර ඇසින් බලා නිර්දය ලෙස පහර දෙන්නේ නම් අතිශයින්ම පිළිකුල්සහගතය. එය අහිංසක ප්‍රේමයේ ක්‍ෂේම භූමිය විනාශ කරන විෂම ප්‍රයත්නයකි. පෙම්වතුන් යුවළ කලක් පෙම් කර කෙටිකලකින් හෝ දිගු කලකින් දෙපැත්තට යන අයුරු දක්නට ලැබේ. සෑහෙන පිරිසක් යුග දිවියට ඇතුළු වී වේදනා විඳිමින් එක් වහලක් යට දිවිගෙවන අතර, එවැනි ජීවිත පාවෙනසුලුය. සතුටින්, සාමයෙන්, ළෙන්ගතුව ජීවත් වන පවුලක් සොයාගැනීම අද වන විට කළුනික සෙවීමක් බඳුය. පැරණි දෙමහල්ලෝ ඉතාම සතුටින් සරල දිවි පෙවෙතක් අනවශ්‍ය බලාපොරොත්තු නැතිව ගතකළහ.
තරගකාරී මුදල් පසුපසම පිම්මේ දුවන සමාජය රැල්ලකට හසුවී තිබේ. සාරධර්ම මානවහිතවාදී බව නැත්තටම නැති වී තිබෙන බැව් පෙනේ. වත්මන්හි වැදූ දරුවෝ හැදීමද ඔවුන්ට බරක් ලෙස දැනේ. එදා පවුලේ දරුවන් 10කටත් වඩා සිටියහ. අද එක දරුවෙක් පවා හදාගැනීමට මැසිවිලි නඟන තැනට පත්වී තිබේ. දැව හා මැටි ගෙයක් තුළ සෞඛ්‍යසම්පන්නව අඹුදරුවන් සමඟ ජීවත් වූ අතර, අද ලෙඩක් නැති කිසිම පවුලක් නැත. ව්‍යායාම රහිත නිසා හැදෙන රෝගයක් වූ දියවැඩියාව (සීනි) අද උපදින විටම අරන් එන රෝගයක් බවට පත්වී තිබේ.
මව දියවැඩියාවෙන් දරුණු ලෙස පෙළෙන්නේ නම් කුස තුළ වැඩෙන දරුවාටද එය දායාදයක් සේ ලැබේ. උපන්දා සිට බෙහෙත්ය. මුළු ජීවිත කාලය තුළම දියවැඩියාව, කොලොස්ටරෝල්, රුධිර පීඩනය වැනි ව්‍යාධිවලින් පොහොසත් වී තිබෙන බව සත්‍යයකි.
ඇස් පෙනීම අඩුයි. නේත්‍ර රෝග අධිකයි. වැඩි සංඛ්‍යාවක් උපැස් යුගල (කණ්ණාඩි) පාවිච්චි කිරීමට පෙලඹෙයි.
සිංහලයා දිනපතාම මෙච්චර මිරිස් කන්දරාවක් කන නිසා ඔවුන්ගේ ඇස අන්ධ නොවී තිබෙන්නේ බස්තමත් පැළවෙන සරුසාර ලංකා පොළොවේ මුගුණුවැන්න ශාකය තිබීමේ වාසනා ගුණය නිසා යැයි රොබට් නොක්ස් සූරීන් පවසා තිබේ.
දේශීය ආහාර පාන රටාව නැත්තටම නැතිවී ක්‍ෂණික ආහාරපානවලට ඇබ්බැහි වී සිටී. ඒවා රසකාරක අඩංගු ලේ නෑයෙකි. අද සිදුවෙමින් පවතින ක්‍රමයක් වනුයේ ගැබිනි සමයේදී මව ජලය පානය නොකිරීමයි. වේල් තුනටම වතුර කෝප්ප තුනක් පමණක් බොන අතර, දරුවාට දරු ගැබේ නිදහස්ව හැසිරීම ජලය නොමැති වීමයි. උ්එැර ඊ්ට එක වියළි තත්ත්වයට පත්වීමයි. දිනකට වතුර ලීටර් දෙකක් හෝ තුනක් නිරෝගී අයකු පානය කළ යුතුමය. පෙණහලුවලට වායුවත්, හදවතට රුධිරයත්, උදරයට ආහාර ලැබෙන අතර, වකුගඩු පමණක් අතරමං වී වියළි තත්ත්වයෙන් පසුවීම හරහා ලේවලද යම් යම් වෙනස්කම් ඇති වෙයි.
ගර්භය තුළ ක්‍රමයෙන් වැඩෙන දරුවාට ජල බෑගය පිරී තිබීම ස්වභාවික අවශ්‍යතාවකි.
දරු ගැබ දරුවාගේ මොන්ටිසෝරියයි. මෙලොව එළිය දකින දරුවාගේ පූර්ණ කායික හා මානසික සංවර්ධනයක් ඇති වීමට මව නිරෝගී මනසක් සහ කයකින් යුක්ත වීම අනිවාර්ය වෙයි.
අපේ පැරණි ගැබිනි මාතාවන් ඒ කාලය තුළ සිය මනස ඉතාම පවිත්‍රව තබාගන්නා ලදී. ඍණ ශබ්ද තරංගවලට දරුවා නතු වීමෙන් මනසට වදයක් වේවි. මව ආගමික වතාවත්වල නිරන්තරයෙන්ම යෙදීමත් කලා සෞන්දර්යම රස විඳීමත් තිබිය යුතුමය. ගර්භධාරණ ශක්තියෙන් යුතු ගැබ රැකීමේ ගර්භධාරණ ශාන්තිකර්මයන් පෙර කාලයේදී අනුගමනය කළ බව සැබෑවකි. ඒ හරහා දරුවාටත්, මවටත් සහනයක් විය.
ගැබ්ගත් පසු තුන් මසකින් බිරිය සිය මවුපියන්ගේ ගෙදරට කැටුව යන සිරිතක් එදා පැවැතිණි. මවුපියන්ගේ ආදරය, සෙනෙහස නිදහස් මානසික සුවයෙන් දවස ගෙවීම අත්‍යාවශ්‍යම කරුණකි.
පෙර කරන ලද කුශලාකුශල කර්ම බලවේගයන් පාදක කොට ගෙන මෙලොව ජන්මලාභය ලැබූ විට සනිටුහන් වන කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව ජීවිතයේ සියලුම කරුණු කාරණා ඉටුවේවි.
අධ්‍යාපනය, රැකියාව, විවාහය සහ විවාහය පවත්වාගෙන යෑම ඇතුළු දහසක් කරුණු පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් ගතකළ යුතු දිවි පැවැත්මේ නිසි ගමන්මඟ පැහැදිලිවම සටහන් වන ජන්ම පත්‍රය ජීවිතකාලීන නිත්‍යමය ඔප්පුවකි.
තවද ජීවිතයේ ඇති වන විවිධ කායික, මානසික වධවේදනා, කම්කටොලු, කායික, මානසික ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබාගැනීමට හැකිවන්නේද ජන්මපත්‍රය තුළිනි.
ඍෂිවරු ලොවට ප්‍රකාශ කර ඇති අන්දමට යන්ත්‍ර – මන්ත්‍ර බලියාග හෝම හා විවිධ ශාන්තිකර්ම හරහා වැරදි තැන් නිවැරැදි කරගැනීමට හැකිවන්නේය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදිම අත්දැකීම් හා පළපුරුද්දයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











