• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ

September 21, 2019
in Astrology
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

2019 සැප්තැම්බර් 22 ඉරිදා සිට 28 සෙනසුරාදා දක්වා

මේෂ ලග්නය – දෝෂාරෝපණ
ලග්නාධිපති කුජ 5, 6 භාව ස්ථාන හරහාද, සඳු 3, 4, 5 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට නොයෙකුත් දෝෂාරෝපණ අසන්නට සිදුවෙයි. එදිනෙදා වැඩකටයුතුවලට අවශ්‍ය මුදල් සොයාගැනීමට අපහසු වන කාලයකි. දිගු කලක් පවතින අලුත් අසනීපයක් මතුවීමට ඉඩ ඇත. දරුවකුට අනතුරක්, කරදරයක් සිදුවිය හැකිය බැවින් කල්පනාකාරී වන්න. රැකියා, ව්‍යාපාර, අධ්‍යාපන කටයුතු ගැන වෙනදා තිබුණු උනන්දුව නැතිව ගොස් උදාසීනව කටයුතු කරන බවක් පෙනේ.
ජය අංකය : 5, ජය වර්ණය : රතු පාට

වෘෂභ ලග්නය – ප්‍රශංසා
අනුන්ගෙන් ප්‍රශංසා, හොඳ නම ලැබෙන සතියක් වන අතර, ඔබගේ ලග්නාධිපති සිකුරු පස්වැන්නේද, සඳු 2, 3, 4 භාව හරහාද ගමන් ගනී. පැවති අසනීපයක් සුවවී නිරෝගීව, සතුටින් කාලය ගෙවී යයි. වෘෂභ ලග්න හිමි විවාහ අපේක්‍ෂිත තරුණ තරුණියන්ට මංගල යෝග උදාවන කාලයකි. විවාහක අඹු – සැමියන් අතර සාමය, සමගිය වර්ධනය වෙයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමෙන් වෙනදාට වඩා හොඳ ආදායමක් ලැබීමට හේතු වෙයි.
ජය අංකය : 5, ජය වර්ණය : කොළ පාට

මිථුන ලග්නය – අලුත් වැඩක් අරඹයි
කලක් තිස්සේ සිතේ තිබුණු වැඩක් අලුතින් ආරම්භ කිරීමට ඔබට මේ සතිය තුළදී හැකි වන අතර, සඳු 1, 2, 3 භාව හරහාද, ලග්නාධිපති බුධ හතර වැන්නේද ගමන් ගනී. විභාගවලට, තරගවලට ඉදිරිපත් වන මිථුන ලග්න හිමියන්ට ජය අත්වන කාලයකි. මවු පාර්ශ්වයේ ඥාතීන්ගෙන් විශේෂ උපකාර ලබාගත හැකිය. වගා කටයුතුවලින්, වෙළෙඳ කටයුතුවලින් වෙනදාට වඩා හොඳ ආදායමක් ලැබෙන බව පෙනී යයි. තුනටියේ හෝ දණහිසේ වේදනාවක් ඇති විය හැකිය.
ජය අංකය : 4, ජය වර්ණය : කහ පාට

කටක ලග්නය – තැන්පත් ධනය වැයවෙයි
මේ සතිය තුළදී ඔබගේ තැන්පත් ධනය අඩු වීමට හේතු වන ලෙස වියදම පැත්ත වැඩි වන අතර, ලග්නාධිපති සඳු 12, 1, 2 භාව හරහා ගමන් ගනී. දුර-දිග නොබලා කතා කිරීමෙන් අසල්වැසියකු සමඟ තිබුණු හොඳ හිත නැතිකර ගනී. තිබුණු ගෞරවය නැති වී සමාජයෙන් අවනම්බු ලැබීමට නියමිත බැවින් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න. කලට, වේලාවට තමන්ගේ යුතුකම්, වගකීම් හරිහැටි ඉටුකර ගැනීමට නොහැකි වෙයි. ශාරීරික වේදනාවක්ද ඇති විය හැකිය.
ජය අංකය : 3, ජය වර්ණය : ලා නිල් පාට

සිංහ ලග්නය – ආඩම්බර ගති
තමන් ගැන තමන්ටම මහත් ආඩම්බරකමක් සිතෙහි ඇති වන සතියකි. ලග්නාධිපති රවි දෙවැන්නේද, සඳු 11, 12, 1 යන භාව හරහාද ගමන් ගනී. තත්ත්වය උසස්කර ගැනීම සඳහා සැලකිය යුතු මුදලක් වියදම් කිරීමට පෙළඹෙයි. පවුලට අලුතින් සාමාජිකයකු එකතු වන බවක් පෙනේ. ගෙදර-දොර සතුට, සමඟිය ඇතිව සතුටින් කාලය ගතවෙයි. අලුත් ආදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට උත්සාහ දැරුවද, එම කරුණ ඉටුකර ගැනීමට ඔබට මේ සතිය තුළදී නොහැකි වෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : දම් පාට

කන්‍යා ලග්නය – අලුත් ඉගෙනීමකට යොමුවෙයි
සිතට නොයෙකුත් සිතුවිලි පහළ වන කාලයක් වන අතර, විශේෂයෙන් ඉගෙනීමේ කටයුත්තක් අලුතින් ආරම්භ කරයි. ලග්නාධිපති බුධ ලග්න භාවයේද, සඳු 10, 11, 12 භාව හරහාද ගමන් ගනී. ලිපි ලේඛන කටයුතු, මුද්‍රණ කටයුතුවල යෙදී සිටින කන්‍යා ලග්න හිමියන්ට විශේෂ දියුණුවක් ඇති වන සතියකි. තමන්ගේ වැඩකටයුතුවලට අන් අයගෙන් නොඅඩුව උදව් උපකාර ලැබෙන බව පෙනේ. ඥාතියකුගේ හදිසි වියෝවක් ගැන කනගාටුවට පත්වෙයි. සුළු ධන ලාභද ඇති විය හැකියි.
ජය අංකය : 1, ජය වර්ණය : කොල පාට

තුලා ලග්නය – රැකියාවේ ප්‍රශ්න
ඔබගේ ලග්නාධිපති සිකුරු 12 වැන්නේද, සඳු 9, 10, 11 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. රැකී – රක්‍ෂා කටයුතුවලට නොසිතූ බාධක එල්ල විය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න. වැඩකටයුතු ගැන තිබුණු උනන්දුව අඩුවී උදාසීනව කාලය ගතකිරීමට බලයි. තමන් වෙත පැවරෙන වගකීම් ඉටු නොකර විනෝදයෙන් කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වයි. සමිති, සමාගම් කටයුතු, පොදු කටයුතුවල යෙදී සිටින තුලා ලග්න හිමියන්ට කාර්යබහුල අවිවේකී කාලයකි.
ජය අංකය : 3, ජය වර්ණය : දුඹුරු පාට

වෘශ්චික ලග්නය – ගෞරව සැලකිලි
සමාජයෙන් ගෞරව, සැලකිලි ලැබෙන අතර, ලග්නාධිපති කුජ 10, 11 භාව හරහාද, සඳු 8, 9, 10 භාව හරහාද ගමන් ගනී. වෙනදාට වඩා උසස් ලෙස කටයුතු කරන අතර, පිනට – දහමටද සිත යොමු වෙයි. දරුඵල බලාපොරොත්තුවෙන් සිටි වෘශ්චික ලග්න හිමියන්ට එම අදහස් ඉටුවන කාලයකි. ගෙදර-දොර ප්‍රීතිය, වාසනාව ඇතිවෙයි. අලුත් හිතමිතුරන් හඳුනාගැනීමට අවස්ථාව ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වන අතර, සාමාන්‍ය දියුණුවක්ද ඇතිවෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : තද රතු පාට

ධනු ලග්නය – ධන හානි
ලග්නාධිපති ගුරු 12 වැන්නේද, සඳු 7, 8, 9 භාව හාරහාද ගමන් ගනිමන් ගෙවීයන සතිය තුළදී ඔබගේ ධනය නිකරුණේ නාස්ති වී යා හැකි බැවින් මුදල් කටයුතුවලදී ඉතාමත් ප්‍රවේශම විය යුතුය. පවුලේ දියුණුව වෙනුවෙන් පියවරක් ඉදිරියට තැබීමට උත්සාහ කරයි. කාර්යබහුල අවිවේකී සතියකි. පවතින ගැටලුවකට ගුප්ත කටයුතුවලින් විසඳුමක් සොයන අතර, එයින් එතරම සාර්ථක විසඳුමක් නොලැබේ. නිතර නිතර සුළු ගමන්වල යෙදීමට සිදුවන අතර, දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් ගැන සතුටු විය හැකිය.
ජය අංකය : 3, ජය වර්ණය : කහ පාට

මකර ලග්නය – සිත්තැවුල්
සඳු 6, 7, 8 භාව හරහාද, ලග්නාධිපති ශනි 12 වැන්නේද ගමන්ගනී. බාධක කරදර නිසා ඇති වන සිත්තැවුල් මැද කාලය ගෙවී යයි. මතගැටුමක් දුරදිග යෑමෙන් ඥාතීන් අතර තිබුණු සුහදතාව පළුදුවෙයි. ආදායම් මාර්ගවලට නොසිතූ ලෙස අවහිරතා ඇතිවෙයි. පදිංචි ස්ථානය සම්බන්ධ කටයුත්තකට සැලකියයුතු මුදලක් වැය කිරීමට සිදුවෙයි. කලකින් හමුනොවූ පැරණි හිතවතකු මේ සිතිය තුළදී ඔබට මුණගැසේ. සෙම් රෝග, උණ රෝග ආදිය මතුවිය හැකිය.
ජය අංකය : 3, ජය වර්ණය : නිල් පාට

කුම්භ ලග්නය – ධන ලාභ
ලග්නාධිපති ශනි අයස්ථානය වන 11 වැන්නේද, සඳු 5, 6, 7 භාව හරහාද ගමන්ගනී. සුළු ධන ලාභයක් ලැබීමට ඉඩ ඇති සතියක් බැවින් ලොතරැයි ආදිය මිලදී ගැනීම සුදුසුය. නිතර ගෙදරට අමුත්තන් පැමිණෙන අතර, ඔවුන්ගෙන් ප්‍රවේශම් වීමට වගබලා ගන්න. අත්හැර දමා තිබුණු වැඩක් නැවත ආරම්භ කිරීමට සැලසුම් කරයි. පවුලේ වැඩිහිටි කෙනකු සතුව තිබූ දෙයක් මේ කාලය තුළදී ඔබට හිමිවෙයි. භූමිය ආශ්‍රිත ව්‍යාපාරවල යෙදී සිටින කුම්භ ලග්න හිමියන්ට විශේෂ වාසි අත්වෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : නිල් පාට

මීන ලග්නය – දුරගමනක්
දුරබැහැර ප්‍රීතිමත් ගමනක යෙදීමට ඔබට අවස්ථාව සැලසෙන අතර, ලග්නාධිපති ගුරු නවවැන්නේද, සඳු 4, 5, 6 යන භාව හරහාද ගමන්ගනී. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි මීන ලග්න හිමියන්ට එම අදහස ඉටුවෙයි. විවාහකයාගේ ඥාතීන් සමඟ වෙනදාට වඩා සුහදව ඇසුරු කරන බවක් පෙනේ. විවිධ මාර්ගවලින් තමන්ගේ අතට මුදල් ලැබෙන කාලයකි. විශේෂයෙන්ම වැඩිහිටි අයගෙන් උදව් උපකාර ලැබෙන අතර, අනාගත දියුණුව සඳහා අලුතින් දෙයක් ආරම්භ කිරීමට උත්සාහ දරයි.
ජය අංකය : 9, ජය වර්ණය : කහ පාට

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී,
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව චෙක්පත් නිෂ්කාශන සේවා කාලය දීර්ඝ කරයි

Next Post

මහරාජා අතින් ‌මේ මිනිසා ඉවර විය යුතුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.