• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අතක් බලලා ජීවිත කතාව කියන්නේ කොහොමද

January 23, 2021
in Astrology
Reading Time: 1 min read
A A
අතක් බලලා ජීවිත කතාව කියන්නේ කොහොමද
Share on WhatsAppShare on Facebook

වර්තමාන සමාජය තුළද අතක් බලා ජීවන තොරතුරු දැනගැනීමට ආශා කරන බොහෝ පිරිසක් සිටී. ඒ අයගේ බලාපොරොත්තු ඉටු කිරීම හස්ත රේඛා ශාස්ත්‍රඥයකුගේ යුතුකමකි. එය ඉටු කිරීමට නම් ශාස්ත්‍රඥයා පරිණත අයකු විය යුතුය. එවැනි අයකු පහත සඳහන් ක්‍රමයන්ට හස්ත රේඛා පරීක්‍ෂාවක් කළහොත් ඉතා නිවැරැදිව පලාපල කිව හැකි බව අපගේ දිගුකාලීන පරීක්‍ෂණයන් තුළින් ඔප්පු වී ඇත. අතක් බලා පලාපල කීමේදී සැලකිය යුතු කරුණු බොහෝය. එම කරුණු අතර ප්‍රධාන වන්නේ තමා අත බලන අත කුමන අත් වර්ගයකට අයත් එකක් දැයි සොයා ගැනීමය. අත් වර්ග අනුව කෙනකුගේ ගතිගුණ අදහස් සිතුම් – පැතුම් එකිනෙකාට වෙනස් වන බැවිනි.

ඊළඟට බැලිය යුත්තේ ප්‍රධාන රේඛාවන් පිළිබඳවයි. හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව ප්‍රධාන රේඛාවන් වන්නේ ජීවන, ශීර්ෂය, හෘදය, දෛවය, රවි හෙවත් සූර්ය රේඛාව, බුධ රේඛාවන්ය. මෙම රේඛාවන්ගේ බල දුබලතාවයන්ට අනුව ඒ ඒ අයගේ ආයුෂය, නිරෝගීකම, ගුණයහපත්කම, වාසනාව හෝ අවාසනාව වැනි කරුණු පිළිබඳව අවබෝධයක් ලැබිය යුතුය. රේඛාවන්ගේ කැඩීම්, බිඳීම්, පලුදුවීම් අනුව ඒ අයගේ හදිසි අනතුරු, මාරක විපත් ආදිය වෙන කාලයන් හඳුනා ගතහැකිය. ඊළඟට ග්‍රහ මණ්ඩලයන්ගේ පිහිටීමට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ග්‍රහ මණ්ඩල වන්නේ රවි, බුධ, ශනි, ගුරු, සිකුරු, සඳු හා කුජ යන මණ්ඩලයන්ය. මෙහිදී කුජට පමණක් ග්‍රහ මණ්ඩල දෙකක් හිමි වන බව ශාස්ත්‍රය පෙන්නා දෙයි. කුජ කලාව වශයෙන් කොටසක්ද වෙන් කර තිබේ. රාහු හා කේතුටද ග්‍රහ මණ්ඩල දෙකක් වෙන්කර තිබුණද වර්තමාන සමාජයේ ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරවන බවක් දක්නට නොලැබේ.

මෙම ග්‍රහ මණ්ඩලයන්හි බල – දුබලතාවයන්ට අනුව ඒ ඒ අයගේ අධ්‍යාපන මට්ටම, ගතිගුණ, රැකියාවන් හා මානසික ගුණාංග බොහෝ දුරට වෙනස් වන බව පෙනේ. ග්‍රහ මණ්ඩලයන්ගේ බල – දුබලතාවයන්ට අනුව ඒ ඒ අයගේ සමාජ මට්ටම වෙනස් වෙයි. මීළඟට බැලිය යුත්තේ අත්ලේ වැටෙන අප්‍රධාන රේඛාවන් පිළිබඳවයි. අප්‍රධාන රේඛාවන් හැටියට ගණන් ගන්නේ කුජ රේඛාව, පරධන රේඛාව, සහෝදර හා දරුඵල රේඛා, සොලමන්ගේ මුද්ද, ගුප්ත කතිරය, සංචරන රේඛා, සුඛ මේඛලාව හෙවත් ශනි චක්‍රය, විවාහ රේඛා, මණිබද්ධ රේඛා, ශාස්ත්‍රීය රේඛා වැනි රේඛාවන්ය. මෙම රේඛාවන් ප්‍රධාන රේඛාවන්ගේ බලය, ශක්තිය කෙරෙහි බෙහෙවින් බලපායි. මීළඟට බැලිය යුත්තේ ඇඟිලිවල තත්ත්වය, අත්ලේ පාට, හැඩය, වර්ණය හා නියපොතුවල තත්ත්වය පිළිබඳවයි. ඇඟිලිවල අග පුරුක්වල වැටෙන සියුම් සලකුණුද කෙනකුගේ චින්තන ශක්තිය පිළිබඳව තදින් බලපානු ඇත. තවද ප්‍රධාන රේඛාවන් හා ග්‍රහ මණ්ඩලයන් තුළ වැටෙන ළිප, තිත් දැල්, ජාලා හා සුබ සලකුණුවලට අනුව එම ස්ථානයන්ගෙන් නිකුත් වන සුබ හෝ අසුබ පලාපලයන්ගේ තත්ත්වයන්හි වෙනස් වීම් කෙරෙහි තදින් බලපානු ඇත.

ඉහත සඳහන් හස්ත රේඛා සලකුණු හොඳින් නිරීක්‍ෂණය කර පලාපල කීමෙන් අතක් බලා ඉතා නිවැරැදිව පලාපල කිව හැකි බව අපගේ දිගුකාලීන පරීක්‍ෂණයන් තුළින් සනාථ වී ඇත.
ප්‍රවීණ හස්තරේඛා විශේෂඥ ජ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ

SendShareShare
Previous Post

මම නිර්මාණ කරන්නෙ බහුතරය වෙනුවෙන්…

Next Post

මට මේක ශාන්තිකර්මයක් වගේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.