• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ ඉටුදෙවියන් හඳුනා ගන්න

January 21, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ඔබේ ඉටුදෙවියන් හඳුනා ගන්න
Share on WhatsAppShare on Facebook

අපගේ ජන්ම පත තුළ තැන්පත්, අපගේ අපලයට පිහිට වී අපල සපල කර අපේ ජීවිතය ආරක්‍ෂා කරන ඉටු දෙවිවරු කවුද යන්න සොයා බැලෙන විමර්ශනාත්මක කාලීන ජ්‍යොතිෂ ලිපියකි. වර්තමාන ජනසමාජය දෙස අවධානය යොමු කිරීමේදී මේ සමාජය තුළ ජීවත්වන බහුතර මිනිසාට අනේකවිධ වූ ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුව ඇත. වත්මන් සමාජයේ මිනිසා අවිවේකී රොබෝවරයකු බවට පත්වී ඇත. ඔවුන්ට අද හුස්ම ගැනීමටවත් වේලාවක් නැත. ඒ තරමටම ජීවන අරගලය තරගකාරී වී තිබේ. සමාජයේ සියලුම අංශයන්හි විවිධාකාරයේ ප්‍රශ්න මෙන්ම ගැටලු ඇති වී තිබේ. විවිධාකාරයේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, පවුලේ අඹු-සැමියන් අතර, දරුවන් අතර, පෙම්වතුන් අතර ප්‍රශ්න, රැකියාවල, ව්‍යාපාරවල මෙකී නොකී සියලු දේවල ඇති ප්‍රශ්නවලින් මිදීමට මිනිසා විසින් විසඳුම් සොයන්නට විවිධාකාරයේ උත්සාහයන්වල නිරත වන ආකාරය අප කොතෙකුත් දැක ඇත.

කෙනකු විසඳුම් සොයන්නට ගොස් එයින් පැරැදී ජීවිතයෙන් පලා යන ආකාරයද දැකගත හැකිය. ඒ නිසාවෙන් කොතරම් විද්‍යාත්මක ලෝකයක් තුළ වුවත් ඇසට නොපෙනෙන දේ පිළිබඳ විශ්වාසය තැබීමටත් බහුතර මිනිසා පෙලඹී ඇත. එයට හේතු වී ඇත්තේ එම ඇසට නොපෙනෙන ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම තුළින් ඉහත දැක්වූ අනේකවිධ වූ ගැටලු සඳහා යහපත් වූ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි නිසාවෙනි. එසේ නම් එම ගුප්ත ශාස්ත්‍රය ක්‍රම අතරින් අප මුලින්ම විශ්වාසය තැබිය යුත්තේ අපගේ හඳහන වෙතය. ඒ තුළ ඉහත සඳහන් ප්‍රශ්න ගැටලු සඳහා අපට උදවු කරන නිශ්චිත දෙවි දේවතාවුන් වහන්සේලා කවුද යන්න සටහන් වී ඇත. අපේ ජීවිතයේ කැඩපත වූ ජන්ම පත ගැඹුරින් පරීක්‍ෂා කිරීම තුළින් එම ජන්ම පත තුළ සැඟව ඇති අපට උදවු කරන අපව ආරක්‍ෂා කරන එසේම අපේ දුකට පිහිට වන මෙන්ම අපගේ අපල උපද්‍රව දුරු කරන ඔබගේ ඉටු දෙවියන් කවුරුන්ද යන්න සොයාගත හැකිය. එසේ නම් එම දෙවිවරු කවුද යන්න අපට සොයාගත හැකි පහසු ක්‍රමයක් පහත දැක්වෙයි.

කෙනකු මේ ලෝකයේ උපදින වේලාවට නැඟෙනහිර ක්‍ෂිතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන පුරාණ ඉසිවරු යම් නක්‍ෂත්‍ර ගණිත ක්‍රමයකට සකසන සටහන අපි සරලව හඳහන, වේලාපත්කඩ, ජන්ම පත්‍රය කියලා හඳුන්වනවා. ඉතින් මේ සටහන තුළ කෙනකු පූර්ව ආත්මයේ කළ කී දෑ පින් පව් ලෙස කොටු 12ක් තුළ හරි අපූරුවට සටහන්ව තිබෙනවා.

හඳහනක හෙවත් ජන්ම පත්‍රයේ අපි මේ ලෝකයට ජන්ම ලාභය ලබන අවස්ථාවේ කොටු 12 හෙවත් රාශි 12 තුළ තැන්පත් නවග්‍රහයන් අතරින් හිරු, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු හා සෙනසුරු යන ග්‍රහයන් 7 දෙනා අතරින් කේන්දරයේ අංශක 30 වූ රාශියක් තුළ වැඩිම දුරක් ගමන් කරලා තිබෙන ග්‍රහයා අප ජ්‍යොතිෂයේදී ආත්මකාරක ග්‍රහයා වශයෙන් හඳුන්වනු ලබනවා. ඒ වගේම අපේ ජන්ම පත්‍රයේ ඉහත දැක්වූ ග්‍රහයන් 7දෙනා අතරින් ඊළඟට රාශියක් තුළ වැඩිම දුරක් ගමන් කොට ඇති ග්‍රහයා අමාත්‍ය කාරක ග්‍රහයා ලෙස අප ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබනවා.
ඒ අනුව පහත පරිදි එම එක් එක් ග්‍රහයන්ට හා රාශිවලට අදාළ දෙවි දේවතාවුන් වහන්සේලා පහතින් දක්වා ඇත.

ජන්ම පත්‍රයේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ හෙවත් ඉටු දෙවියා සොයාගත යුත්තේ එහි වැඩිම අංශක ප්‍රමාණයක් රාශිය තුළ ගමන්ගත් ඉහත සඳහන් කළ ආත්මකාරක ග්‍රහයා නවාංශක කේන්දරයේ සිටින ස්ථානයෙන් 12 වැන්නේ සිටින බලවත් ග්‍රහයාට හෝ රාශියට අදාළ දෙවියන් වහන්සේ සොයා ගැනීම තුළිනි.

එසේම ජන්ම පත්‍රයේ පාලන දෙවියන් කවුද යන්න සොයාගත යුත්තේද ඊළඟට හඳහන තුළ වැඩිම දුරක් ගමන්ගත් ග්‍රහයා සොයාගෙන එම ග්‍රහයා නවාංශක කේන්දරයේ සිටින ස්ථානයෙන් 6 වැන්නේ සිටින බලවත් ග්‍රහයාට හෝ රාශියට අදාළ දෙවියන් වහන්සේ සොයා ගැනීම තුළිනි.
ඒ ඒ ග්‍රහයන්ට හා රාශිවලට අදාළ දෙවි දේවතාවුන් පහත දැක්වෙයි.

  1. රවි ග්‍රහයාට හෝ සිංහ රාශියට ශිව හෙවත් ඊශ්වර දෙවියන්
  2. සඳු ග්‍රහයාට හෝ කටක රාශියට පාර්වතී හෙවත් පත්තිනි මෑණියන්
  3. අඟහරු හෙවත් කුජ ග්‍රහයා හෝ මේෂ, වෘශ්චික රාශිවලට ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්
  4. බුධ ග්‍රහයා හෝ කන්‍යා මිථුන යන රාශිවලට නාරායන් හෙවත් විෂ්ණු දෙවියන්
  5. ගුරු ග්‍රහයා හෝ ධනු, මීන යන රාශිවලට බ්‍රහ්ම හෙවත් සරස්වතී මෑණියන්
  6. ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාට හෝ වෘෂභ, තුලා රාශිවලට ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන
  7. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට හෝ මකර, කුම්භ යන රාශිවලට නාරායන් හෙවත් විෂ්ණු දෙවියන්
  8. රාහු ග්‍රහයාට බ්‍රහ්ම හෙවත් සරස්වතී මෑණියන්
  9. කේතු ග්‍රහයාට නාරායන් හෙවත් විෂ්ණු දෙවියන්
    ඉෂ්ට දේවතාවුන් වහන්සේ හා පාලන දේවතාවුන් වහන්සේ උදෙසා පින් අනුමෝදන් කිරීමට නිවැරැදි බෝධි පූජාවක් තබන ආකාරය
    තමන්ට පහසුවෙන් යෑමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරා ගෙන (වට නොකරන ලද බෝධියක් නම් වඩාත් සුදුසු වෙයි) එම ස්ථානය හොඳින් අතුගා පිරිසුදු කර මල් ආසන හා අදාළ ස්ථානද පිරිසුදු කිරීමෙන් අනතුරුව සුවඳ ධූපයක් දල්වා තෙරුවන්ට, තම ඉෂ්ට හා ආත්ම පාලන දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට පහන් තුනක් ඇතුළු පහන් 7ක් පත්තු කොට නිල්, කහ, රතු, මිශ්‍ර මල් මාලා, කොඩි පුදකර අදාළ ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කරගත්තා වූ මෙම සියලු පින් තමාගේ, තම දරුවාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ වන (ගැලපෙන වචන හිස්තැන්වලට යොදා ගන්න.) ……. ආත්ම පාලන දේවතාවුන් වූ ………. දෙවියන්ටත් පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.

    එදිනෙදා තමන් කළ පින් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.
    මා විසින් කරගත්තා වූ මෙම සියලුම කුසල සම්භාරය මාගේ, මගේ දරුවාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ වූ …………. ආත්ම පාලන දේවතාවුන් වහන්සේ වූ ……… දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ, මගේ දරුවාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකුසල කර්ම අහෝසි කර්ම බවට පත්කර ග්‍රහ අපල හා ඒරාෂ්ටක දෝෂ භංග කර මාගේ, මගේ දරුවාගේ බලාපොරොත්තු ඉෂ්ට කර නිරෝගී බව, දියුණුව හා සහනය, මෙන්ම අපල දුරුකර ශක්තිය ලබා දුන් මැනවි. එසේම මාගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සාර්ථක වේවායි යනුවෙන්ද ප්‍රාර්ථනා කොට සත්‍යක්‍රියා කරන්න.

    ඉහත දක්වන ලද ඉෂ්ට දෙවියන් වහන්සේ හා පාලන දෙවියන් වහන්සේ නිවැරැදි භාව කේන්දරයක ග්‍රහයන් 7 දෙනා ජන්මියා උපදින මොහොතේ ගමන් කර ඇති අංශක ගණන සොයා ගැනීම තුළින් පහසුවෙන් ඔබටම සොයාගත හැකිය. එසේ නම් ඔබත් ඔබගේ ජන්ම පත අනුව නිවැරැදි ඉටු දෙවිවරු සොයාගෙන ඔවුන්ගේ පිහිට ආරක්‍’ෂාව මත ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉහත දැක්වූ ආකාරයට තමාගේ ඉටු දෙවියන් සඳහා නිවැරැදිව බෝධි පූජාවක් පවත්වා පින් අනුමෝදන් කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල උදාකර ගතහැකිය.
    ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ
SendShareShare
Previous Post

රන්ජන් ගැන හිටපු විනිසුරුවරිය කතා කරයි

Next Post

මියගිය පෙම්වතියගෙන් පෙම්වතාට තර්ජන

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) භාරයේ රඳවා සිටියදී මාරාන්තික ආහාර වර්ජනයක් ආරම්භ කර, පසුව අසාධ්‍ය තත්ත්වයෙන්...

Read more
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.