රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයක නිරත වූ බව කියන හිටපු මහාධිකරණ විනිසුරු ජානකී රණවක මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සදහා අද (20) සවස කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත.
නීතිපතිවරයා විසින් කරනු ලැබ තිබූ දැනුම්දීමකට අනුව මෙම ප්‍රකාශය ලබා දීම සදහා හිටපු විනිසුරුවරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
මෙහිදී පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීීමෙන් පසු හිටපු විනිසුරුවරිය කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් ඇති බවද දැනගන්නට ඇත.










