• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යෝගය දන්නවා නම් අභියෝගයක් නෑ

January 19, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
යෝගය දන්නවා නම් අභියෝගයක් නෑ
Share on WhatsAppShare on Facebook

යෝගය නම් පඤ්චාංගයේ සිව්වැනි අංගයයි. යෝග යන්නෙහි අර්ථයද එක්වීම, සම්බන්ධ වීම යන්නයි. ඖෂධ කිහිපයක් එකතු කිරීම යෝගයක් වශයෙන් ආයුර්වේදයේ හඳුන්වනවා සේම, ව්‍යායාම මගින් ශාරීරික මානසික සෞඛ්‍ය රැක ගැනීම යෝග ව්‍යායාම වශයෙන්ද හඳුන්වනු ලබන අවස්ථාවන් පවතිනු ඇත. මේ අන්දමින් ජ්‍යොතිෂයේද විවිධ යෝග පෙන්වා දී ඇත. විශ්කම්භාදී සත්විසි යෝග, ආනන්දා දී අටවිසි යෝග, විශිෂ්ට යෝග සහ ග්‍රහ යෝග දහස් ගණනකි. මින් පඤ්චාංගයට අයත් වන්නේ විෂ්කම්භාදී සත්විසි යෝගයන්ය. ඒ ඒ දිනවල උදාව පවතිනා යෝගය ලිත්වලින් බලා ගත හැකි සේම යෝග 27හි ශුභ අශුභ සහ ඒ එක් එක් යෝගයෙන් උපන් අයගේ ගති ලක්ෂණ අද ඔබට පෙන්වා දීමට කැමැත්තෙමි.

  1. විශ්කම්භ – යෝගයෙන් උපදින අය මුදු මොළොක් ඉරියව්වලින් යුක්ත වන අතර, මිතුරු මිතුරියන් සමඟ සුහදව කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති එදිනෙදා කටයුතුවල උනන්දුවෙන් යෙදෙන සැමියාගේ හෝ බිරියගේ ආදරය දිනාගෙන යහපත්ව දිවි ගෙවන අයෙකි.
  2. ප්‍රීති – යෝගයෙන් උපන් අය ප්‍රසන්න පෙනුමෙන් සහ ප්‍රිය මනාප කතා බහෙන් සමාජයේ කැපී පෙනෙන අතර, ඥාන ශක්තිය, ධාරණ ශක්තිය යහපත් බැවින් ශිල්ප ශාස්ත්‍රාදියේ උසස් දියුණුවක් ලබයි.
  3. ආයුෂ්මන් – ගුණ යහපත් සාධාරණ හැඟීම්වලින් යුතු ස්වභාව දහමට ඇලුම් කරන නිරහංකාර ජන්මියකු ඇති කරයි.
  4. සෞභාග්‍ය – යෝගයෙන් උපදින විට ධනයෙන් බලයෙන් බුද්ධියෙන් යුතු අය ගුණ යහපත්කමින් සත්‍යවාදී බවින් සමාජයේ ප්‍රභූත්වයක් ලබන උත්තමයන්ය.
  5. ශෝභන – යෝගයෙන් උපදින අය ප්‍රසන්න පෙනුමෙන් යුතු පරිත්‍යාගශීලී දක්ෂ බුද්ධිමතුන්ය.
  6. අතිගණ්ඩ – යෝගයෙන් උපන්නෝ කරදර මධ්‍යයේ කල් යවන විරූපී හෝ අංගවිකල කලහකාරී පුද්ගලයන්ය.
  7. සුකර්ම – යෝගයෙන් උපදින අය ක්‍රියාශීලී, උපක්‍රම ශීලී, කලා කුසලතාවලින් යුතු සමාජ සේවයට කැමැති අය වෙති.
  8. ධෘති – යෝගයෙන් උපන්නෝ කාර්යයබහුල විවිධ අංශවලට දක්ෂ ආගමික භක්තියෙන් යුතු සංවේදී පුද්ගලයන් වෙති.
  9. ශූල – මෙවැන්නෝ උදරාබාධවලින් පෙළෙන ගුණ නැණ හීන අහංකාර අශෝභන, සමාජයෙන් කොන්වන පුද්ගලයන්ය.
  10. ගණ්ඩ – යෝගයද සැරපරුෂ, ප්‍රකෝපකාරී නෑ හිත මිතුරන් අඩු, දුරාචාරයට පොලඹවන අසත්පුරුෂයන් උපදවයි.
  11. වෘද්ධ – බොහෝ ඇසූපිරූ තැන් ඇති අයෙකුගේ ගති ඉරියව් පෙන්නුම් කරන රූපයෙන්, ධනයෙන්, බලයෙන් යහපත් සමාජ තත්ත්වයෙන් යුතු ජන්මියකු වෙයි.
  12. ධෘව – යෝගයෙන් උපදින අය දැනුමෙන් බුද්ධියෙන්, චතුර කථිකත්වයෙන් ධන සම්පත්, දරු සම්පත් හිමි වාසනාවන්ත අයයි.
  13. ව්‍යාඝාත – ප්‍රාණ ඝාතයට කැමැති, මස් මාංස අනුභවයට කැමැති, කරුණාව දයාව අනුකම්පාව අඩු, සිතේ සතුට සහනය නොලබන අසත්පුරුෂයන්ය.
  14. හර්ෂණ – යෝගයෙන් උපදින අය රන් රිදී ආභරණ, මිල මුදල් ලබන රතු වස්ත්‍රවලට ප්‍රිය කරන, කාන්තිමත් දේහයකින් යුතු බැබළෙන වාසනාවන්තයෝය.
  15. වජ්ර – යෝගයෙන් උපදින්නෝ සියලු සැප සම්පත්තීන් බුක්ති විඳීමේ භාග්‍යයෙන් යුතු, දනට පිනට කැමැති ප්‍රසන්න පුද්ගලයන්ය.
  16. සිද්ධි – යෝගයෙන් උපදින අය සිතන පතන සැම දෙයක්ම නිරායාසයෙන්ම සාර්ථක කර ගනු ලබන, රූපයෙන්, ධනයෙන්, ඥානයෙන් යුතු භාග්‍යවන්තයෝය.
  17. ව්‍යතිපාත – අන් අයගේ පීඩාවන්ට ලක් වන , නිතර රෝගාබාධයන්ට හෝ අනතුරුවලට ලක් වන, දුගතියට පහසුවෙන් යොමුවන අවාසනාවන්තයන්ය.
  18. වාර්යන් – ගුණ යහපත්, සාධාරණ, කාරුණික හැඟීම්වලින් යුතු පාලනයෙහිද දක්ෂ සමාජයට රටට හිතවත් දේශ ප්‍රේමියකු බිහි කරයි.
  19. පරිඝ – කතා බහ අඩු, හොර බොරු කරන සුරා සූදු දුෂ්චරිතවලට පෙලඹෙන, නපුරු අය උපදිති.
  20. ශිව – යෝගයෙන් උපන්නෝ තෘප්තිමත් මෙන්ම ගෞරවනීය විවාහයක් මෙන්ම වාසනාවන්ත දරුවන් ලබන, ගුප්ත ශාස්ත්‍ර, දේව භක්තිය විශ්වාස කරන තැන්පත් අය වෙති.
  21. සිද්ධ – යෝගයෙන් උපන් අයට බලාපොරොත්තු පහසුවෙන් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී. ගුණ නුවණින් යුතු පින්වන්තයෝ ය.
  22. සාධ්‍ය – යෝගයෙන් උපන්නෝ රූපයෙන්, ධනයෙන් මෙන්ම ඥාන ශක්තියෙන්, ධාරණ ශක්තියෙන් යුතු බුද්ධිමතුන්ය.
  23. ශුභ – යෝගයෙන් උපදින ජන්මියා උනන්දුව උත්සාහය ඇති ප්‍රිය වචන කතා කරන, යහපත් අදහස් ඉදිරිපත් කරන හැම දෙයක්ම ශුභවාදීව බලන අයෙකි.
  24. ශුභ්‍ර – ගුණ යහපත්, තැන්පත්, ආත්ම ගෞරවය ආරක්ෂා කරන පතිවත රකින සතුරන්ගෙන් ජය ලබන අයකු උපදියි.
  25. බ්‍රහ්ම – යෝගයෙන් උපදින්නේ පෙර කරන ලද කුසල් බලයෙන් මෙලොව සැප සම්පත් භුක්ති විඳීමේ වාසනාවෙන් යුතු අනුන්ට යටත් නොවන තත්ත්වයේ අයයි.
  26. මහේන්ද්‍ර – යෝගයෙන් කීර්තිය ප්‍රසිද්ධිය ලබන වැදගත් සමාජ මෙහෙවරක යෙදෙන සත්‍යවාදී, ත්‍යාගශීලී ශ්‍රේෂ්ඨයන් බිහි කරයි.
  27. වෛධෘති – යෝගයෙන් අනුකම්පාව අඩු, කරුණාව අඩු, උපායශීලී කපටි පුද්ගලයන් බිහි කරයි.
    මේ ආකාරයෙන් දක්වන්නට යෙදුණු යෝගයන්ට අදාළව උපන් යෝගයට අදාළ ඔබගේද ගති ලක්ෂණයන් ඉහතින් පෙන්නනවා ඇත. ඔබගේ උපන් යෝගය පිළිබඳ නිසි අවබෝධයෙන් දී ඇති ගති ලක්ෂණයන් කෙබඳුදැයි ඔබ, ඔබ පිළිබඳවම අවංකව අවබෝධයක් ලබා ගන්න.
    ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර
SendShareShare
Previous Post

Lenovo ප්‍රදර්ශනාගාරයක් ශ්‍රී ලංකාවේදී විවෘත වේ

Next Post

තණමල්විල කොල්ලෙක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.