ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE පසුගියදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
ලැබූ සම්මානය පිළිබඳ අදහස් දැක්වූ HNB FINANCEහි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි චමින්ද ප්‍රභාත් මහතා, “අපගේ කැපවීම සහ උත්සාහයන් සඳහා ලැබුණු මෙම පිළිගැනීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වෙනවා. සෑම වසරකම අපගේ අභ්‍යන්තර ක්‍රියාදාමයන්, නිෂ්පාදන සහ සේවාවන් වැඩිදියුණු කිරීමේ හා නව්‍යකරණය කිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරනු ලබන අතර එය වසර පුරා අපට අඛණ්ඩව බොහෝ සම්මාන ලබා ගැනීමටත් අප නිවැරැදි මාවතේ ගමන් කිරීමටත් බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. සැබවින්ම මෙම සම්මානය අපගේ වටිනා පාර්ශ්වකරුවන්ට සහ අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දෙනවා” යැයි පැවැසීය.











