• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දන්න කැලැන්ඩරේ නොදන්න කතාව

January 15, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
දන්න කැලැන්ඩරේ නොදන්න කතාව
Share on WhatsAppShare on Facebook

වසරක් යනු පෘථිවියට සූර්යයා වටා එක් වරක් පරිභ්‍රමණය සඳහා ගතවන කාලයයි. ඒ සඳහා දැනට ගතවෙන නිශ්චිත දින ගණන දින 365කි. තවත් සරල කළහොත් එය මාස දොළහක් ලෙසින්ද සඳහන් කළ හැකිය. සැබෑවටම මෙය සොබාදහම මඟින් සිදුකරන අපූරුම වූ සිදුවීමකි. එහෙත් නිවෙසේ දින දර්ශනයක් නොවන්නට අපටද එම අපූරු සිදුවීම සිතාගැනීමට හෝ අපහසුය. එනිසා දින දර්ශනය යනු අපට ඉතාම වැදගත් දෙයකි. එනිසා අප අද කියන්නට යන්නේ දින දර්ශනයේ කතාව ගැනය. එය ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අපූර්ව කතාවකි. අප කොතරම් දින දර්ශන දැක තිබුණද ඒවා පරිහරණය කළද ඒ තුළත් නොදන්නා වූ කතා රැසක් පවතින බව ඉතා ප්‍රසිද්ධ රහසකි. නමුත් “මව්රට” පාඨක ඔබට එය තවදුරටත් එසේ රහසක් නොවන්නේ ඒ සියල්ල අප අද මුල්වරට හෙළිකරනා නිසාය. සැබෑවටම මෙය දැනගත යුතුම කතාවකි.

දින දර්ශනය අප පහසුවටත් ලේසියටත් දැනට හඳුන්වන්නේ “කැලැන්ඩර්” යනුවෙනි. නමුත් එය නම් ඉංග්‍රීසි වචනයකි. කැලැන්ඩර් හෙවත් Calender යන එම වචනය නිර්මාණය වී ඇත්තේ Calend යන රෝම වචනය හරහාය. Calend යනු නව සඳ ඇති මුල්ම දිනය හෙවත් මාසයේ මුල්ම දිනයයි. මේ අතර එදා සිට මේ දක්වාම මිනිසුන් විසින් දින දර්ශන රැසක්ම භාවිත කරයි. එහෙත් ලොව පුරා පොදුවේ භාවිත කරනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් භාවිත කරනා දින දර්ශනයයි. එය කිතු උපතේ සිට දින ගණින ආකාරයට නිර්මාණය වූ දින දර්ශනයයි. එහිදී Anno Domini යන ලතින් වචනය කෙටි කර AD හෙවත් ක්‍රිස්තු වර්ෂ යනුවෙන් භාවිත කරන අතරම කිතු උපතට පෙර ඇඟවීම සිදුකරන්නේ Before Christ යන ලතින් වචනය කෙටි කර BC හෙවත් ක්‍රිස්තු පූර්ව යනුවෙනි. මේ අතර දින දර්ශනයේ ඇති මාස දොළහට නම් ලැබුණු හැටිද ප්‍රසිද්ධ රහසකි. අප පහත සඳහන් කරන්නේ දින දර්ශනයේ ඇති එම මාස දොළහට නම් ලැබුණු ආකාරයයි.

(01) ජනවාරි – අතීත රෝමයේ දොරටුවට අධිපති දෙවියා වූ Janus යන්නෙන් ඇති වූ මාසය “ජනවාරි” මාසයයි.
(02) පෙබරවාරි – රෝම ස්ත්‍රියක් වූ Janu Februs වෙනුවෙන් කැපකළ මාසය “පෙබරවාරි” මාසයයි.
(03) මාර්තු – යුද්ධයට අධිපති අඟහරු ග්‍රහයා සඳහා වූ මාසය “මාර්තු” මාසයයි.
(04) අප්‍රේල් – ආදරයට අධිපති Aphrodite දෙවියන්ට කැපකළ මාසය “අප්‍රේල්” මාසයයි.
(05) මැයි – මහා දෙවි බ්‍රහස්පති දෙවියන්ට කැපකළ මාසය “මැයි” මාසයයි.
(06) ජුනි – සුප්‍රකට Junius නම් රෝම පවුල වෙනුවෙන් කැපකළ මාසය “ජුනි” මාසයයි.
(07) ජූලි – රෝම දින දර්ශනයේ නිර්මාතෘ වෙන ජූලියස් සීසර්ට වෙන් කළ මාසය “ජූලි” මාසයයි.
(08) අගෝස්තු – ඔගස්ටන් සීසර් වෙනුවෙන් වෙන් කළ මාසය
“අගෝස්තු” මාසයයි.
(09) සැප්තැම්බර් – වසර ආරම්භයේදී සත්වැනි මාසය
“සැප්තැම්බර්” මාසයයි.
(10) ඔක්තෝබර් – වසර ආරම්භයේදී අටවැනි මාසය
“ඔක්තෝබර්” මාසයයි.
(11) නොවැම්බර් – වසර ආරම්භයේදී නවවැනි මාසය
“නොවැම්බර්” මාසයයි.
(12) දෙසැම්බර් – වසර ආරම්භයේදී දසවැනි මාසය
“දෙසැම්බර්” මාසයයි.
ශ්‍රී ලාංකේය අපිට දින දර්ශනයේ ඇති පළමු මාසය වන්නේ ජනවාරි මාසයයි. එනම් අප මේ මොහොතේ ගෙවා දමමින් සිටිනා මාසයයි. අතීතයේදී මෙම අපූරු ජනවාරි මාසය තුළ ඉතාම වැදගත් සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදුව තිබේ. එහෙත් එම සිදුවීම් අතරින් සිදුවීම් දෙක තුනක් හැරුණුකොට අනෙකුත් සිදුවීම් කිසිවක් කියවන ඔබ නොදන්නා හෝ මතකය තුළින් ගලිහී ඇති බව අපේ විශ්වාසයයි.
නලින්ද සම්පත්

SendShareShare
Previous Post

මෛත්‍රී-රන්ජන් හඬපට එනවා: සූදානමින් ඉන්න

Next Post

දංකොටුව පෝසිලේන් ජය මාවතේ ඉදිරියටම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.