• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පෙබරවාරි 4 වැනිදාට ITN එකත් නිදහස්

January 15, 2020
in Heart
Reading Time: 1 min read
A A
පෙබරවාරි 4 වැනිදාට ITN  එකත් නිදහස්
Share on WhatsAppShare on Facebook

ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ 1990 කෙටි කතාවක් ටෙලිනාට්‍යයකට නඟමින්. ඉන්පසු බැද්දේගෙදර, වනවදුලේ වසන්තය, අඹුදරුවෝ, කරුවල ගෙදර, ස්වයංජාත, ගිරිකුළ ආදී ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමට නිර්මාණශීලී වූ ඔහු එතැනින් නතර නොවී සුදු කළුවර චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට කටයුතු කළේය. අද ඔහු ඒ සියලුම අත්දැකීම් එකතු කරමින්. ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයට පත්වී සිටින්නේය. නිර්මාණශීලීත්වය වටිනාකම් දන්නා ඔහු හෙට දිනයේ ටෙලි නාට්‍ය කලාවට නව පණක් දෙමින් වෙනත් මාවතකට පියනඟන්නට කටයුතු කරනු නිසැකය. මේ මොහොතේ කාර්යබහුලත්වය තුළ වුවද ස්වාධීන රූපවාහිනියේ නව සභාපති ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහතා අප සමඟ කතා කළේ මේ විදියටය.
ඔබව අප එදා දැක්කේ සුවිශේෂී නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයකු ලෙසට. එහෙත් අද රූපවාහිනී මහ ගෙදරට ඇවිත් එය ගැන පැහැදිලි කිරීමක් කළොත්?
ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයකු ලෙසට මාව තෝරාපත්කර ගැනීම ගැන මම සතුටු වෙනවා. මේ අවස්ථාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට සහ අග්‍රාමාත්‍යතුමන්ට වගේම සියලුම දෙනාට මම ස්තුතිය පුද කරනවා. මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ ආයතනයක මට මේ වගේ තනතුරක් කරන්න ලැබෙයි කියලා. මම සභාපති ධුරය කරන පළමු අවස්ථාව මෙයයි. මෙයට කලින් ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංසදයේ කටයුතු කළා. මගෙන් වියයුතු උපරිම දේ කරමින් සුබවාදී යහපත් මාධ්‍ය කලාවක් සකසමින් සංස්කෘතියට ගැළපෙන විදියට යහපත් පරිපාලන ක්‍රමවේදයක් ඇසුරින් හැමදෙනාගේ සහාය ඇතිව දියත් කරන්න තමයි බලාපොරොත්තුව.
ඔබතුමන්ට මේ ලැබුණු සභාපති ධුරයත් සමඟ ඉදිරියේදී ස්වාධීන රූපවාහිනියේ වෙනසක් දකින්න ලැබෙනවාද?
මම මේ ධුරයට පැමිණීමට කලින් මම නිර්මාණශීලීත්වය වෙනුවෙන් කලාව වෙනුවෙන් හඬක් නඟපු කෙනෙක්. මම සුවිශේෂී නිර්මාණ ප්‍රේක්‍ෂක රසික ජනතාවට රසවිඳීමට නිර්මාණය කළා. අද බිහිවන නිර්මාණවල කිසිම හරයක් නැහැ. එහි සමාජයට ගතහැකි දෙයක් නැහැ. කලාව විනාශ වෙලා ඉවරයි. මෙය අපි එදා දැකපු නිර්මාණශීලීත්වය සහිත ගුණාත්මක කලාවක තත්ත්වයට ගෙන ඒමයි මගේ එකම බලාපොරොත්තුව. යහපත් කලාවක් තුළ යහපත් රටක පුරවැසියන් හදන්න අවශ්‍ය විදියේ විධිමත් වැඩපිළිවෙළක් දැනටමත් සකස් කරමින් යනවා. ජනවාරි 1 වැනිදා සිට ස්වාධීන රූපවාහිනිය හරහා එදා ඔබ දැක්ක නිර්මාණශීලීත්වය සහ ගුණාත්මක වෙනස නැවැත දැකබලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවේ පෙබරවාරි 4 ජාතික නිදහස් දවස වන විට නිදහස් කලා රසාස්වාදයක් උදෙසා පුරෝගාමියකු ලෙසට ස්වාධීන රූපවාහිනිය නිදහස් නාළිකාවක් බවට පත්වෙයි.
2020 නැවැත නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් අපේ ජාතික නාළිකා දෙක අම්මයි, තාත්තයි වගේ එකට අත්වැල් බැඳගන්නා බවට ආරංචියි?
ස්වාධීන රූපවාහිනිය අම්මා ලෙසටත්, ජාතික රූපවාහිනිය තාත්තා ලෙසටත් හැඳින්වීමේ වරදක් නැහැ. රටේ ජාතික රූපවාහිනි නාළිකා දෙක එකට අත්වැල් බැඳගෙන මවුපියන් විදියට ආදර්ශවත් දරුපරපුරක් බිහිකරන්නයි සූදානම. රටේ පෞද්ගලික නාළිකා රැසක් තිබෙනවා. ඒ හැම මාධ්‍ය නාළිකාවකටම ආදර්ශවත් වන විදියට නිර්මාණ බිහි කරන්න දැනටමත් කටයුතු දියත් කරමින් යනවා.
ඔබත් නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයකු ලෙසට ගුණාත්මක ටෙලි නිර්මාණ දායාද කළා. එහෙත් වර්තමානයේ දකින නිර්මාණවල කිසිම හරයක් නොමැති බව අපිට දැනෙනවා?
අපි ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරන්නේ 1982 මහාචාර්ය ඩී. බී. නිහාල් සිංහයන් නිර්මාණය කළ දිමුතු මුතු ටෙලිනාට්‍යයෙන්. මේ වෙනකොට ටෙලිනාට්‍ය කලාවට වසර හතළිහක් සපුරලා තිබෙනවා. එදා ආරම්භ වුණු ගුණාත්මක කලාව කෝ. එදා ටෙලිනාට්‍යවල දෙබස්වල යම් හරයක් තිබුණා. ඒ කතාවල ප්‍රේක්‍ෂක ජනතාවට යම් ආදර්ශයක් වගේම නිර්මාණශීලීත්වයක් තිබුණා. ඒත් අද දේශීය ටෙලිනාට්‍ය අනුකරණයට ලක්වෙලා. එයින් එක්කෝටි පනස් ලක්‍ෂයක් විතර ප්‍රේක්‍ෂක ජනතාවක් විනාශ වෙනවා. අපේ සංස්කෘතිය නැත්තටම නැතිවෙලා. එදා පාසල්, පල්ලි, කෝවිල් වගේ අපේ දේ ගැන කතා කරන නිර්මාණ කලාවක් තිබුණා. කලාව, සරසවිය, වගේ බුද්ධිමත් තැනක් වුණා. සෝමවීර සේනානායක නිර්මාණය කළ පළිඟු මැණිකේ වගේ ටෙලිනාට්‍ය ගත්තාම ඒ තුළ යම් හරයක් තිබුණා. ඔවුන් පෙරනිමිති දැක්කා. ඔවුන් නිර්මාණ හරහා හරවත් දෙයක්, රසාස්වාදයක් නිර්මාණය කළා.
තාක්‍ෂණය පැත්තෙන් දියුණු වෙලා. හොඳ නිර්මාණ දකින්න ලැබෙන්නේ කලාතුරකින්. මෙගා ටෙලිනාට්‍ය සංස්කෘතියක් ආවා. අපි නිහඬව හිටියා. අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණත් හැදුණා. ඒත් එයිනුත් සමාජයට ලැබුණු දෙයක් නැහැ. දේශීය ටෙලිනාට්‍ය නිර්මාණකරණය දුර්වල වෙලා. ඉතින් විධිමත් ක්‍රමවේද මාලාවක් යටතේ ඉදිරියේදී මේ වැටුණු කලාව නැවැත සුබවාදී විදියට නිර්මාණශීලීත්වයෙන් පිරුණු නිර්මාණ කලාවක් ලෙස දැකගන්න ලැබේවි.
රූපවාහිනි නාළිකාවක සභාපතිවරයකු ලෙස කටයුතු කරන ඔබ නාළිකාවලට අනුව ශිල්පීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ගැන මොකද හිතන්නේ? ඉදිරියේදී ඔබේ නාළිකාවෙත් එහෙම වෙයිද?
කිසිසේත්ම නැහැ. නිර්මාණකරුවන් නිර්මාණ ක්‍ෂේත්‍රයට පමණයි අදාළ. එයට පාට, පක්‍ෂ භේද අදාළ නැහැ. කලාකරුවන් විදියට සියල්ලෝම පොදුයි. දේශපාලන දෘෂ්ටියකින්, න්‍යායකින් තොරව නැවුම් බවින් පිරුණු නිර්මාණ කලාවක් ඉදිරියෙහි බිහිවෙයි. දක්‍ෂ නිර්මාණකරුවන්ගේ විශිෂ්ට ගණයේ නිර්මාණ හරහා දක්‍ෂ ශිල්පීන් බිහිවෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දංකොටුව පෝසිලේන් ජය මාවතේ ඉදිරියටම

Next Post

ජීවිත නසන නාසක පාදය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.