• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

August 19, 2019
in Astrology
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook


2019 අගෝස්තු 11 ඉරිදා සිට 17 සෙනසුරාදා දක්වා


2019 අගෝස්තු 11 ඉරිදා සිට 17 සෙනසුරාදා දක්වා

මේෂ
අවිවේකී සතියක්
ඔබගේ ලග්නාධිපති කුජ පස්වැන්නේත්, සඳු 9, 10, 11 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය ඔබට කාර්යබහුල අවිවේකී බවෙන් යුතුව ගෙවී යයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අතර කලක් බලාපොරොත්තුවෙන් සිටි වැඩ කොටසක් නිමකර ගැනීමට හැකිවේ. ඥාතියකුගේ වියෝවක් නිසා දුකට පත්වීමටද සිදුවේ. හදිසි අනතුරුවලට මුහුණපෑමට ඇති බැවින් කල්පනාකාරී වන්න. දරුවන්ටද නොයෙක් අසනීප වැලඳිය හැකි සතියකි.
ජය අංකය – 5, ජය වර්ණය – කහ පාට.

වෘෂභ
විශ්වාසය බිඳවැටේ
මෙතෙක් ඔබ කෙරෙහි තිබුණු විශ්වාසය බිඳවැටෙන ආකාරයේ සිදුවීමක් මේ සතිය තුළදී සිදුවිය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න. ලග්නාධිපති සිකුරු 3, 4 භාව හරහාද, සඳු 8, 9, 10 භාව හරහාද ගමන් ගනී. වරින්වර අසනීප ගති මතුවිය හැකිය. ගෘහ ජීවිතයේ සතුට සැනසීම අඩුවන කාලයකි. විදෙස්ගතව සිට පැමිණි ඥාතියකු සමඟ ඇවිදීමට සිදුවන බැවින් අවිවේකී ලෙස කාලය ගෙවේ.
ජය අංකය – 05, ජය වර්ණය – සුදු පාට.

මිථුන
ප්‍රසිද්ධිය
මේ සතිය තුළදී ඔබ ගැන ප්‍රසිද්ධියක් සමාජය තුළ ඇතිවන බවක් පෙනෙන අතර සඳු 7, 8, 9 භාව හරහාද ලග්නාධිපති දෙවැන්නේද ගමන් ගනී. කලක සිට කරගෙන ආ වැඩක නිසි ප්‍රතිඵල ලැබෙන කාලයකි. අලුත් හිත මිතුරන් කීපදෙනකුම හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. ගුප්ත විද්‍යා කටයුත්තකින් නිසි ප්‍රයෝජන ලබාගත හැකිවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින මිථුන ලග්න හිමියන්ට අලුත් අලුත් කරුණු හොඳින් තේරුම් ගැනීමට හැකිවන කාලයකි.
ජය අංකය 02, ජය වර්ණය – රන්වන් පාට

කටක
ස්වාධීනව කටයුතු කරයි
බාහිර බලපෑම්, අනුන්ගේ උපදෙස් ගණන් නොගෙන ස්වාධීනව කටයුතු කර ජයග්‍රහණ අත්කර ගන්නා සතියකි. ලග්නාධිපති සඳු 6, 7, 8 භාව හරහා ගමන් ගනී. ජීවිත කාලයටම අමතක නොවන විශේෂ ජයග්‍රහණයක් අත්කරගෙන තමන්ගේ තත්ත්වය උසස් කරගනී. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවීමටද ඉඩ තිබේ. දරුවකුගේ අසනීප ගතියක් නිසා දුකට පත්වීමටත් කරගෙන යන අනෙකුත් කටයුතු කලට වේලාවට කරගෙන යෑමටත් නොහැකි විය හැකිය.
ජය අංකය – 07, ජය වර්ණය – ළා කහ පාට

සිංහ
මුරණ්ඩු ගතිගුණ
වෙනදාට වඩා හිතුවක්කාර, මුරණ්ඩු ගතිගුණ සිතට පහළ විය හැකි බැවින් ඉතාමත් ඉවසීමෙන් සාමකාමීව වැඩකටයතු ඉටුකිරීමට වගබලා ගන්න. ඔබගේ ලග්නාධිපති රවි 12, 1 භාව හරහාද සඳු 5, 6, 7 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. සිත් තැවුල්, කරදර නිතර ඇතිවන ශරීර සෞඛ්‍ය පිරිහෙන කාලයක් වුවද වැඩකටයුතු අධික බැවින් නිසි ප්‍රතිකාර පවා ලබාගැනීමට නොහැකි වේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කරන වැඩකින් පාඩුවක් විඳීමට සිදුවේ.
ජය අංකය – 03, ජය වර්ණය – රතු පාට

කන්‍යා
දියුණුව සැලසේ
ලග්නාධිපති බුධ අයස්ථානය වන 11 වැන්නේද, සඳු 4, 5, 6 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යයි. මේ සතිය තුළදී ඔබගේ වැඩකටයුතුවල විශේෂ දියුණුවක් සැලසෙන බව පෙනේ. කාර්යබහුල වුවද ආදායම් තත්ත්වය යහපත් වී මුදලක් ඉතිරිකර ගැනීමට අවස්ථාව සැලසේ. කලක් අසනීපයෙන් පසුවූ කන්‍යා ලග්න හිමියන්ට සුවය ලැබී නැවත එදිනෙදා වැඩකටයුතුවල නියැලීමට අවස්ථාව උදාවේ. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට උසස් අධ්‍යාපන කටයුතුවලට යොමුවීමට අවස්ථාව ලැබේ.
ජය අංකය – 02, ජය වර්ණය – දම් පාට.

තුලා
ආදර බන්ධන
අවිවාහක තුලා ලග්න හිමියන්ට මංගල යෝග උදාවන අතර විවාහක අඹු සැමියන් අතර සාමය සමගිය ඇතිවී ගෘහ ජීවිතය සතුටින් ගෙවී යයි. ලග්නාධිපති සිකුරු 10, 11 භාව හරහාද, සඳු 3, 4, 5 භාව හරහාද ගමන් ගනී. රැකියා ව්‍යාපාර ආදියෙහි දියුණුවක් ඇතිවී අතමිට සරු වුවද ඊර්ෂ්‍යාකරුවන් නිසා යම් යම් හානිද සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සතිය මුලදී ඇතිවන හෘද රෝගයක් නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැක.
ජය අංකය 01, ජය වර්ණය – කොළ පාට

වෘශ්චික
සිත් වේදනා
මේ සතිය තුළදී ඔබට නොයෙකුත් සිත් වේදනා විඳීමට සිදුවන අතර ලග්නාධිපති කුජ 10 වැන්නේද, සඳු 3, 4 භාව හරහාද ගමන් ගනී. වැඩිහිටියකුගේ වියෝවක් සිදුවිය හැකි කාලයකි. මුදල් ගනුදෙනුවකින් බලාපොරොත්තු නොවූ ලෙස පාඩුවක් සිදුවිය හැකිය. දරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ.
ජය අංකය – 01, ජය වර්ණය – දුඹුරු පාට.

ධනු
මුදල් ලාභයක්
සඳු 1, 2, 3 භාව හරහාද ලග්නාධිපති ගුරු 12 වැන්නේද ගමන් ගනිමින් ගෙවීයන මේ සතිය තුළදී ඔබට හදිසි මුදල් ලාභයක් ඇතිවිය හැකි බැවින් ලොතරැයි ආදිය මිලදීගෙන වාසනාව උරගා බැලීම සුදුසුය. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ධනු ලග්න හිමියන්ට විශේෂ ලාභ අත්වන කාලයකි. රැකියා ස්ථානයේ වගකීම් හරියාකාරව ඉටුකිරීමෙන් ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්වේ. ශරීර සෞඛ්‍යය යහපත්ව පවතී.
ජය අංකය 02, ජය වර්ණය – කොළ පාට.

මකර
ආදායම අඩුවේ
ඔබගේ ආදායම් තත්ත්වය පැහැදිලි ලෙස අඩුවන සතියක් වන අතර ලග්නාධිපති ශනි වැය ස්ථානය වත දොළොස්වැන්නේද සඳු 12, 1, 2 භාව ස්ථාන හරහාද ගමන් ගනී. වියදම් ත්ත්වය වැඩි වී තැන්පත් ධනයෙන් මුදලක් ලබාගැනීමට සිදුවිය හැකියි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින මකර ලග්න හිමියන්ට නව විෂය කරුණු පිළිබඳව දැනීමක් ලබාගැනීමට යහපත් මගපෙන්වීමක් ලැබෙන සතියකි. සෙම් රෝග, උගුරේ ආබාධ ඇතිවිය හැකිය.
ජය අංකය – 09, ජය වර්ණය – සුදු පාට.

කුම්භ
සහෝදරයකුට අපලයි
මේ සතිය තුළදී ඔබගේ සහෝදරයකුට හෝ සහෝදරියකට සිදුවන කරදරයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අතර ලග්නාධිපති ශනි අය ස්ථානය වන 11 වැන්නේද, සඳු 11, 12, 1 වැනි භාව හරහාද ගමන් ගනී. බලාපොරොත්තු රහිත දුර ගමනක් හදිසියේ යෙදෙන අතර එයින් ඔබට තරමක මුදල් අලාභයක් ඇතිවේ. මෙතෙක් කරගෙන ආ කටයතුවල වෙනසක් සිදුවන අතර එය බොහෝ විට ඔබගේ යහපත පිණිස හේතුවේ. සති අන්තය වන විට උදරාබාදයක් ඇතිවිය හැකිය.
ජය අංකය – 04, ජය වර්ණය – නිල් පාට.

මීන
ව්‍යාපාර දියුණුවක්
ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානය වන නව වැන්නේද, සඳු 10, 11, 12 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවීයයි. රැකී රක්ෂා කටයුතු, වෙළෙඳ ව්‍යාපාර ආදියෙහි දියුණුවක් ඇතිවන කාලයකි. ආදායම කෙතරම් යහපත් වුවද ඔබට මේ සතිය තුළදී මුදලක් ඉතිරි කරගැනීමට නම් නොහැකි වේ. ස්ථීරවූත්, ප්‍රයෝජනවත්වූත් දෙයකට ලොකු මුදලක් යෙදවීම සඳහා දැඩි උත්සාහයක් දරන අතර බොහෝ විට එම උත්සාහය සාර්ථක වේ. ලිපි ලේඛන කටයුතුවල යෙදෙන මීන ලග්න හිමියන්ට විශේෂ ප්‍රසිද්ධියක් ඇතිවන සතියකි.
ජය අංකය – 09, ජය වර්ණය – ළා නිල් පාට.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද ජ්‍යොතිෂ ශිරෝමනී දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි
0775489695

SendShareShare
Previous Post

ලග්න රැසකට වාසනාව උදාකරන්න ගුරු ලෑස්තියි

Next Post

කුජ මාරු වුණා ඊළගට මොකද වෙන්නේ?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.