හිමකැට විසිරුණු, සීතලෙන් ඇළලූණු, විනෝද රසාස්වාදය මධ්‍යයේ එක්සෙල් වර්ල්ඩ් සිය අතිශය ජනප්‍රිය හිම ලෝකය, ‘ස්නෝ වර්ල්ඩ්’ වසර තුනක විරාමයකින් අනතුරුව පසුගියදා යළි දියත් කරන ලදී. දෙසැම්බර් 12 වැනිදා එක්සෙල් වර්ල්ඩ්හි පැවති මාධ්‍ය සඳහා සුවිශේෂ වූ දියත් කිරීමේ උත්සවයේදී අයිස් කැටවලින් පිරුණු මෙම හිම අවකාශය ජනතාව වෙත විවෘත කෙරුණේ උත්තර ධ්‍රැවයේ නත්තල් සීයාගේ සංචාර සිහිපත් කරවන අත්දැකීමක් ලබාදීම උදෙසා සැකසූ නවාංග රැසක් සමගිනි.
‘ස්නෝ වර්ල්ඩ්’ නැවත විවෘත කිරීම ප්‍රධාන අනුග්‍රාහකයා වන පෙප්සි-කෝ සහ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහක වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක්, මුල් පෙළේ මාධ්‍යවේදීන්, එක්සෙල් රෙස්ටුරන්ට්ස් සහ බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
යළි දියත් කිරීමේ උත්සවයද හිමෙන් පිරුණු පරිසරය සිහිගන්වන තේමාවක් අනුව නිර්මාණය කරන ලද අතර සාම්ප්‍රදායික පොල්තෙල් පහන වෙනුවට අයිස් පහනක් දැල්වීම, ‘තූර්යා’, කාන්තා බෙර වාදන වෘන්දය ඉදිරිපත් කළ සිසිලස දනවන සංදර්ශනය, හිමෙන් සපිරි කොක්ටේල් ඇතුළු බොහෝ දෑ ඊට ඇතුළත් විය.
‘ස්නෝ වර්ල්ඩ්’හි සුවිශේෂත්වය වන්නේ මින් පෙර කිසිදා හිමේ අත්දැකීමක් නොමැති සියලු වයස් කාණ්ඩවල අමුත්තන්ට හිම මල් පියල්ලෙන් නවමු අත්දැකීමක් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය වීමයි. ‘ස්නෝ වර්ල්ඩ්’ හිම අවකාශය දෙසැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා හිමකැට අතර, උත්සව සමයේ විනෝදාස්වාදයක් ලබාදීම සඳහා මහජනතාව වෙනුවෙන් දැන් විවෘතයි. මීට අමතරව, එක්සෙල් වර්ල්ඩ් දෙසැම්බර් මාසය පුරාම මුළු පවුල වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ක්‍රීඩා සහ විනෝදාස්වාදයන්ගෙන් සමන්විත උත්සව සැණකෙළියක්ද සංවිධාන කරයි.
මුළු පවුලටම විනෝදාස්වාදය සපයන කොළඹ නගරයේ ජනප්‍රියතම විනෝද උද්‍යානය වන ‘එක්සෙල් වර්ල්ඩ්’ එක්සෙල් රෙස්ටුරන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් මගින් කළමනාකරණය කරනු ලබනු අතර, බ්‍රවුන්ස් සමූහයට අයත් එක්සෙල් රෙස්ටුරන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකෘත සමාගම් සමූහයක් වන LOLC හි අනුබද්ධ සමාගමකි. බ්‍රවුන්ස් සමූහය විදුලි ජනනය, නිවාස සහ කාර්යාල විසඳුම්, කෘෂිකාර්මික සහ වතු වැවිලි සහයක සේවා, ඖෂධ, ආයෝජන, නාවික, නිෂ්පාදන මෙන්ම සංචාරක හෝටල් සහ සත්කාරක සේවා ඇතුළු වේගවත් වර්ධනයක් සහිත ප්‍රධාන පෙළේ ක්ෂේත්‍ර රැසක අගනා සන්නාම රැසක් කළමනාකරණය කරයි.











