ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කරනු ලබන ඓතිහාසික දුරුතු මහා පෙරහැර මෙවරත් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පෙරහැර නැරඹීමට දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය සංචාරකයන් දහස් ගණනක් සෑම වසරකම පැමිණෙති.
ප්‍රධාන රන්දෝලි පෙරහැරට සමගාමීව ධර්ම දේශනා, පිරිත් දේශනා ඇතුළුව විවිධ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි.
මෙවරත් සුපුරුදු පරිදි ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව මෙම පෙරහැර සඳහා බැතිබර දායකත්වය දක්වයි. ඒ සඳහා වූ චෙක්පත පසුගියදා ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / මහා කළමනාකරු සෙනරත් බණ්ඩාර මහතා විසින් දියවඩන නිලමේ ධම්මික ආටිගල මහතා වෙත පිරිනමනු ලැබීය. කැලණි රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමියන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.











