විදුර වික්‍රමනායක මහතා සිය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
රාජගිරියේ පිහිටිි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් කොට යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යන ලෙසට නියෝග ලබා දී තිබියදීත් නිලධාරීන් පිරිසක් ඊට අකුල් හෙලමින් එම නියෝග ක්‍රියාත්මක නොකර සිටීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා වහාම තීන්දුවක් ගත යුතු බවත්, දූෂිත නිලධාරීවාදයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතු බවත්, මෙම ඇතැම් නිලධාරීන්ට ගිවිසුම් අත්සන් කිරීමේදී චෙක්පත් ලැබී ඇත්දැයි තමන් මේ දිනවල සොයාගෙන යන බවත් වික්‍රමනායක මහතා සදහන් කොට ඇත.










