ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රවාහන සේවා විසඳුම් සමාගමක් වන PickMeහි වාර්ෂික ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘නැණ පහන’ පසුගියදා අඛණ්ඩව 3 වැනි වරටත් සංවිධානය කෙරිණි. 2019 දෙසැම්බර් 11 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘මිහිලක මැඳුර’හිදී මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙහිදී PickMe සමඟ සම්බන්ධ වී සිටින ත්‍රිරෝද රථ, මෝටර් රථ, ට්‍රක් රථ සහ යතුරුපැදි රියැදුරන් (මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා සහ ආහාරපාන බෙදාහැරීම්) 1,200කට අධික පිරිසකගේ දරුදැරියන් වෙනුවෙන්, ලිපිද්‍රව්‍ය, පාසල් උපකරණ සහ පාසල් බෑගයක් ඇතුළත් වටිනා තෑගි කට්ටලයක් පිරිනැමීම සිදුවිය. එමෙන්ම සමුපකාර රක්ෂණ සමාගම සමඟ අත්වැල් බැඳගෙන, PickMe රියැදුරන්ගේ දරුවන් අතරින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් වෙනුවෙන් වටිනා මුදල් වවුචරද පිරිනමන ලදී.











