• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගහෙන් වැටිල්ලෙයි ගොනා ඇනිල්ලෙයි වෙනස

January 12, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ගහෙන් වැටිල්ලෙයි ගොනා ඇනිල්ලෙයි වෙනස
Share on WhatsAppShare on Facebook

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි. එය පැරැණි කියමනකි. ගහෙන් වැටුණොත් මොකද වෙන්නෙ…..
වාහනයක හැපුණොත් මොකද වෙන්නෙ….
දීමට පිළිතුරු රාශියක් ඇත. එයට පෙර ඇසිය යුතු පැනයක් ද ඇත. අතපය කැඩිලද? අතපය තැළිලද? එහෙම නැතිනම් රෝගියා මැරිලද? පිළිතුරු එසැණින් හිමිවෙයි.
මරණයක් සිදුවී නොමැත. වාසනාවකි. අත් පා කැඩී ඇත.
අත්පා කැඩීම, හදිසි අනතුරු, ශල්‍යකර්ම, රුධිරය වැගිරීම් ආදියට ජ්‍යොතිෂයේ මූලික වන්නේ කුජ ග්‍රහයාය. කුජ ග්‍රහයා පීඩාවට පත්වූ ජන්ම පත්‍රයක හදිසි අනතුරු පිළිබඳව පූර්ව දැනුම් දීම් ඇත. එහෙත් අත්පා බිඳී ගිය රෝගියකුගේ ජන්ම පත්‍රය පිරික්සීමෙන් ඵලයක් නොවේ. කඩිනමින් කළ යුතු වන්නේ නිසි ප්‍රතිකාර ලබා දීමයි.

හදිසි අනතුරක් වීමෙන් යමකුගේ සන්ධියක් තුවාල විය හැකිය. සන්ධි හෝ අස්ථි භග්නයක් හෙවත් කැඩීමක් තුළින් ශරීරයේ අනෙකුත් සන්ධි පීඩාවට පත්වීම් ක්‍රමවේදයන් දෙකකට අනුව සිදුවිය හැකිය. එය කැඩුම් බිඳුම් වෙදකමේ උඵක්කුවක් සහ විස්ථාපනය යන නමින් හැඳින්වේ. සන්ධියක බන්ධනයක් ඉරීයෑම උඵක්කුව වේ. සන්ධියක් සෑදෙන අස්ථි කෙළවර එකිනෙකින් සම්පූර්ණව ඈත්වීම විස්ථාපනය නම්වෙයි.
උඵක්කුවීම් වැඩි වශයෙන් ඇතිවන්නේ වළලුකර සන්ධියේය. එහෙත් දණහිස- වැළමිට-මැණික් කටු සන්ධි හා ඇඟිලිවල සන්ධිවල උඵක්කුවීම් ඉඳහිට ඇතිවේ.
ක්ෂණික විස්ථාපනය ඇතිවන්නේ හදිසි අනතුරක් නිසාය. වැටීමකින්, පහරවැදීමෙන් හෝ ගාත්‍රයක් ඇඹරීයෑමෙන් විස්ථාපනය ඇතිවිය හැකිය. උරහිස-වැළමිට-උකුඵ සන්ධිවල විස්ථාපනය බොහෝ විට ඇතිවේ. විස්ථාපනයන්හිදී අස්ථි බොහෝ විට ඈත්වෙයි. එවිට ඒවා සම්බන්ධ කරන බන්ධන හා අස්ථි සන්ධි ප්‍රාවර ඇදී හෝ ඉරී යයි. විස්ථාපනයක් වූ විට එම සන්ධියේ සාමාන්‍ය චලනය වෙනස්වීම සන්ධිය අවට තිබිය යුතු සාමාන්‍ය හැඩය වෙනස්වීම විස්ථාපනවල ලක්ෂණ හා නිමිති වේ. තැළීම-ඉදිමීම-වේදනාවද ඇතිවීම පීඩාවේ සොබාවයකි. දුරස් වූ අස්ථි කෙළවර නියමිත තැනට දැමීම විස්ථාපනය සකස් කිරීම වෙයි. අස්ථියක් කැඩීමකට වඩා බිඳීම වෙනස් වෙයි. අස්ථියක් බිඳීමෙන් ඇට කැබැලි රාශියක් භග්නය තුළ විසිරීමට ඉඩ ඇත. භග්නය සිදු වූ ස්ථානයේ ඉදිමීම ඇතිවේ. චලනය අපහසු වෙයි. භග්නයේ ස්වභාවය අනුව රෝගියාගේ නාඩි ගමන වේගවත් විය හැකිය. රුධිර පීඩනය දුර්වල වෙයි. ශරීරය සුදුමැලි වීමද අධික පිපාසය සහ සිහිමුර්ඡාවද ඇතිවීමට ඉඩ තිබේ. වමනය ඇතිවීම, ශරීරය සීතල වීමද රෝගී සොබාවය අනුව අඩුවැඩි වෙයි. ඉළ ඇට බිඳුණු විට රෝගියාට පිරිසුදු ගිතෙල් ස්වල්පයක් බීමට දී බිඳුණු ඇට මත ගිතෙල් හෝ සන්ධිතෙල් තවරා ඒ මත උණපතුරු වැනි පතුරු තබා වෙඵම් පටි යෙදිය යුතුය.
කොඳු ඇට බිඳුණු විට උඩට නෙරා ගිය ඇටය පහත් කර පහතට ගිය ඇටය ඔසවා තෙල් ගල්වා වෙ`ඵම්පටි යොදන අතර කළවා ඇට බිඳුණු විට එම ඇට එකතු කර නොසෙල්වෙන ලෙස පැත්ත සන්ධිවන අයුරින් බැඳිය යුතුය. රෝග විනිශ්චයේදී ප්‍රතිකාරක ක්‍රමවේදයන් වෙනස් වෙයි.
හදිසි අනතුරකින්- අස්ථි බිඳීමෙන් පීඩාවට පත් රෝගියකුගේ සොබාවය පිළිබඳව රෝගියාගේ භාරකරුවන් දැනුවත් වීම වැදගත්ය. වැටීම්-තැළීම්- ඇට බිඳීම්- කැඩීම් ආදී පීඩාවන්ගෙන් වාත කෝපවීම් සිදුවේ.
මලමුත්‍ර අඩස්සිය, ශ්වසනය අවිධිමත් වීම, බඩ පිපුම, ස්වර භේදය, අප්‍රාණිකත්වය, දෙඩවීම ආදී ලක්ෂණ වාත කෝපවීමෙන් ඇතිවේ.
රෝගියා මෙම පීඩාවන්ගෙන් මුදවා ගැනීමට වාත උපක්‍රම අතරින් වස්ති කර්මය ප්‍රධානය. වාත කෝප සමනයට එරඬු තෙල් වැනි තෙල්වලින් අංග මර්දනය කිරීම, වෙළීමද මූලික ප්‍රතිකාරක රටාවනට අනුගතය.
මිනිස් ශරීරයේ ප්‍රධාන ශක්තිත්‍රය වා, පිත්, සෙම් වන අතර මින් යමක් විකෘතිවීම දෝෂ වශයෙන්ද සියල්ල නියමිත පරිදි ක්‍රියාකොට ශරීරය පවත්වාගෙන යෑම ධාතු නමින්ද, විකෘති වූ සෙම් ශරීරය කිලිටි කිරීම මල නමින්ද හැඳින්වේ. ශරීරයක පැවැත්ම උදෙසා මලද ඉතා අවශ්‍ය කොටසකි. ප්‍රධාන වශයෙන් මල කොටස් තුනකි.
1.ස්වේද/දහදිය 2. මුත්‍ර 3. පුරීෂ(අසූචි) යනුවෙනි.
ශරීර මූලයන්හි තෙවැනි කොටස වන මල ශරීරයෙන් පිට කිරීම තුළින් ශරීරය පිරිසුදු වෙයි. ශරීර ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් නිසා ශරීරයට හිතකර දේ මෙන්ම අහිතකර දෙයද නිපදවෙයි. ශරීරයේ යහපත් පැවැත්ම උදෙසා අහිතකර දේ ශරීරයෙන් බැහැර කළ යුතුය.
පිට කළ යුතු අහිතකර දේ, ශරීරයෙන් පිටනොවීම බරපතළ හානියකි. මල මුත්‍ර අඩස්සිය, උදරය පුරවා දැමීම භග්න රෝගියකුට හානිකර වුවද මල මුත්‍ර බැහැර කිරීමෙන් බරපතළ පීඩාවන් දුරුවෙයි. රෝගියාට නිවැරැදි ස්මෘතිය ඇති වෙයි. එය වෛද්‍යවරයාට රෝගී සොබාවය නිසිව හඳුනා ගන්නට පහසුවකි.
ගසෙකින් මිනිසකු වැටීම, ක්ෂණිකව සිදුවෙයි.නැඟී සිටීමට දීර්ඝ කාලයක් ගතවෙයි. ගසෙක පංචාංගයම මිනිස් සර්වාංගය සුවපත් කිරීමට සැදී පැහැදී සිටියි. කැඩුම් බිඳුම් වෙදකමේ අරුමැසියද එතැනය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

හරීන් අන්තිම කාලෙ කරපු ‌වැඩක් ගැන ඩලස්‌ගෙන් ‌හෙළිදරව්වක්

Next Post

භාචිට සනීපයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.