• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

2021 උසස් පෙළ විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනැමෙන BOC නැණ ජය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවේ…

November 27, 2022
in Business
Reading Time: 2 mins read
A A
2021 උසස් පෙළ විශිෂ්ටයන් වෙනුවෙන් පිරිනැමෙන BOC නැණ ජය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවේ…
Share on WhatsAppShare on Facebook

ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව විසින් ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට අත්වැලක් වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ‘නැණ ජය’ උසස් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ලංකා බැංකුව නිවේදනය කරයි.

2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ දරු දැරියන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ සෑම වසරකම රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැවීමට ලංකා බැංකුව කටයුතු කර ඇති අතර, 2021 වසර සඳහාද ශිෂ්‍යත්ව 382ක් පිරිනැවීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දිවයින පුරා විහිදුණු 647ක් වූ ලංකා බැංකු ශාඛා ජාලයේ 18+ හෝ 18+ SmartGen ගිණුම් පවත්වාගනිමින් බැංකුව සඳහන් කර ඇති පරිදි ගිණුමේ අවම ශේෂය පවත්වාගෙන යන, 2021 වසරේදී ජීව විද්‍යා, භෞතික විද්‍යාල, වාණිජ, කලා, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉන්ජිනේරු තාක්ෂණවේදය යන ප්‍රධාන විෂය ධාරා 6 ඔස්සේ අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරු දැරියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, අයැදුම්පත් www.boc.lk වෙබ් අඩවියෙන් බාගත (Download) කරගත හැකිය. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම්පතක් පාසල් නිල ඇඳුමෙන් ලබාගත් පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් සමග සහකාර මහා කළමනාකරු (අලෙවි), අලෙවි අංශය, 16 වැනි මහල, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය, ලංකා බැංකු චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනය වෙත 2022 දෙසැම්බර් 31 වැනි දිනට ප්‍රථම එවිය යුතුය.

2003 වසරේ ආරම්භ කළ අ.පො.ස. උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටන, 2016 වසරේදී ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකරමින් ‘නැණ ජය’ නමින් ක්‍රියාත්මක කිරීම ඇරැඹිණි. 2003 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 90කට වැඩි වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2,580ක් ප්‍රදානය කිරීමට ලංකා බැංකුව සමත්ව ඇත.

දැයේ සුවහසක් දූදරුවන්ගේ නැණැස පාදන්නට නිබඳවම කැපවන ලංකා බැංකුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පෙරහුරු සම්මන්ත්‍රණ දිවයින පුරා පවත්වනු ලබන අතර මාපියන් වෙනුවෙන් උපකාරක හා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරයි. දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය ලෙසින් අඛණ්ඩව 14 වැනි වරටත් පිදුම් ලැබූ ලංකා බැංකුව ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට නම්කෙරෙන්නේ දිවයිනේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව තව තවත් තහවුරු කරමිනි.

ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ඉතුරුම් සාක්ෂරතාව බලගන්වන්නට රන් කැකුළු ගිණුමෙන් ආරම්භ කරන ලද ඉතුරුම් පුරුද්ද 18+ SmartGen ගිණුම දක්වා අඛණ්ඩව පවත්වාගැනීමේ ප්‍රතිලාභ අතර නැණ ජය ශිෂ්‍යත්ව ප්‍රතිලාභයද ප්‍රධාන තැනක් ගනී. එම නිසා ලංකා බැංකුව සමග ඉතුරුම් පුරුද්ද අඛණ්ඩව පවත්වා ගන්නා ලෙසත්, එහි ප්‍රතිලාභ සමග ජීවිතය ආලෝකමත් කරගන්නා ලෙසත් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව දැයේ දූ පතුන්ට ආරාධනා කර සිටියි.

SendShareShare
Previous Post

අමරවීරත් නයිට් ලයිෆ් පටන්ගන්න ලෑස්ති වෙයි!

Next Post

මහජන සම්පතට 5000යි…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.