• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගේ බාල පුතා රෝහිත ලංකාවට ආඩම්බරයක් ‌ගෙන එමින් පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවා අදට අවුරුදු 10යි! ඩොලර් මිලියන් 20ක ව්‍යාපෘතියකට මහනුවර මුල්ගලත් තිබ්බා මතකද? (PHOTO)

November 27, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මහින්දගේ බාල පුතා රෝහිත ලංකාවට ආඩම්බරයක් ‌ගෙන එමින් පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවා අදට අවුරුදු 10යි! ඩොලර් මිලියන් 20ක ව්‍යාපෘතියකට මහනුවර මුල්ගලත් තිබ්බා මතකද? (PHOTO)
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හෙවත් බොහෝ දෙනා දන්නා චිචී විසින් අභ්‍යවකාශය වෙත යවනු ලැබූ බව කියන සන්නිවේදන චන්ද්‍රිකාව අභ්‍යවකාශයට ගොස් අදට (27) වසර 10ක් වෙනවා.

“ශ්‍රී ලංකාවේ මංගල සන්නිවේදන චන්ද්‍රිකාව SUPREMESAT-1 මීට ටික වේලාවකට පෙර චීනයේ XI-CHANG අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන ලදී” යයි චිචීගේ වැඩිමහල් සොහොයුරු එවකටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නාමල් රාජපක්ෂ 2012 නොවැම්බර් 27 වෙනිදා ප.ව. 5.29ට සිය ෆේස් බුක් හි සටහන් කර තිබුණා.

අභ්‍යවකාශයට යැවූ බව කියන මෙම SUPREMESAT-1 වෙනුවෙන්ම 2011 ඔක්තෝබර් 25 දින SuperSAT (Pvt) Ltd යනුවෙන් ආයතනයක් පවා පිහිටුවා තිබුණා. එම ආයතනය හැඳින්වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම චන්ද්‍රිකා ක්‍රියාකරු ලෙසටයි. එය චන්ද්‍රිකා නිෂ්පාදන ආයතනයක් වන China Great Wall Industry Corporation (CGWIC) සමඟ හවුල්කාරිත්වයක් ඇති බවයි එකල වාර්තා වුණේ.

SuperSAT (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව බව කියමින් SUPREMESAT-1 පළමුව අභ්‍යාවකාශයට යවන බව කියවුණේ 2012 නොවැම්බර් 12 දින යි. ඉන් තවත් දින 15ක ට පසුව චීනයේ Xi-Chang වෙතින් චීචීගේ චන්ද්‍රිකාව දියත් කරන ලද බව කියනු ලැබුවා. එකල සඳහන් වුණේ සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි ලොව 27 වැනි පුද්ගලික සමාගම බවට SuperSAT (Pvt) Ltd පත් වූ බවයි. චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැ‍ඟෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇති බවයි එකල සඳහන් වුණේ.

අදාළ සමාගම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 320කට අධික ආයෝජනයක් කිරීමට සැලසුම් කර ඇති බව එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් ප්‍රවෘත්ති සාකච්ඡා වලදී පවසා තිබුණා.

SuperSAT (Pvt) Ltd විසින් ආයෝජන මණ්ඩලය (BOI) ව්‍යාපෘතියක් ලෙස මෙරට පළමු ‘අභ්‍යවකාශ ඇකඩමිය’ සඳහා මුල්ගල් තබා ඇති බවයි වාර්තා කළේ. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් සහිතව මහනුවර, පල්ලෙකැලේ දී බවයි කියවුණේ. ඒ අතර ශ්‍රී ලාංකිකයින් අතර අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා තාක්‍ෂණය පුහුණු කිරීම ඉලක්ක කර සහ චන්ද්‍රිකා මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා කොග්ගල ප්‍රදේශයේ සැටලයිට් භූමි මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත බව පැවසුවා.

එවකට මෙරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූයේ මේ වනවිට ආණ්ඩුවේ ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පවසන පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ යි. අභ්‍යවකාශයට යැවූ බව කියන චිචීගේ චන්ද්‍රිකාව පිළිබඳව අගය කරමින් ඒ පිළිබඳව වැය කළ මුදල පවා සාධාරණය කරමින් ඔහු විසින් අදහස් දක්වා තිබුණා.

2012 නොවැම්බර් 21 අමාත්‍ය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මහාචාර්ය තිස්ස විතාරණ ඇමතිවරයා පැවසුවේ චිචීගේ චන්ද්‍රිකාව 2013 සිට සන්නිවේදන කටයුතු ආරම්භ කරන බවයි.

“මේ චන්ද්‍රිකාව 2013 ජනවාරි මුල සතියේ සිට අදාළ සන්නිවේදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකා සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණය සපයන පදනමක් බවට මෙම කර්තව්‍යය පත්වෙනවා. මේ සඳහා අවශ්‍ය දැනුම සහ සහයෝගය ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මඟින් ලබා දුන්නා.

නව සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීමත් සමඟ මෙරට විද්‍යුත් සන්නිවේදන අවශ්‍යතා මෙන්ම පරිසර ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ඛණිජ සම්පත් හඳුනා ගැනීම හා ඒවායේ ගුණාත්මකභාවය මැනීම, පතල් කැණීම්, ස්වභාවික උවඳුරු හඳුනා ගැනීම වඩාත් කාර්යක්ෂම වෙනවා” යි මහාචාර්ය තිස්ස විතාරණ අමාත්‍යවරයා පවසා තිබුණා.

SendShareShare
Previous Post

දෑස නොපෙණුනත් මගේ වැඩිය පාඩු නෑ…! ඇඟිලි තුඩින් අතගගා ඉගෙන ගන්නේ මා…! සිංදුවටම ගැලපෙන විදිහට ඇස් දෙකම ‌පේන්නෙ නැතිව විභාගය ලියලා A 9ක් ගත් හිමාෂා කාවින්ද්‍යා…!

Next Post

29යි-02යි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව අනිවාර්යයි! පෙරළියක් වෙයිද?

MORE NEWS

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Load More
යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘යසපාලිත නිර්මාණයක්… රස සාගරයක්…’ මේ, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ පියා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවලට දමන ස්ලෝගන් එක නොහොත් ප්‍රචාරක...

Read more
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.