බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් සදහා වන ඡන්දය විමසීමේ දින දෙකෙහි ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණ සිටිය යුතු බවට දැනුම් දීමක් කොට ඇත.
ඒ, විපක්ෂ මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් විසින් එම වැය ශිර්ෂ සදහා ජන්ද විමසීමක් ඉල්ලා සිටීමට පියවර ගෙන තිබීම හේතුවෙනි.
එම ඡන්ද විමසීම් නොවැම්බර් 29 සහ දෙසැම්බර් 02 පැවැත්වීමට නියමිතය.