• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එයාට අපල දෙන මෙයාගෙ කේන්දරේ

August 19, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
එයාට අපල දෙන මෙයාගෙ කේන්දරේ
Share on WhatsAppShare on Facebook

කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරැණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල ඒ සඳහා සලකනු ලබන කරුණු කෙසේ වුවද අපේ රටේ පිළිගැනීම ජ්‍යොතිෂයයි. ස්ත්‍රී පුරුෂ කේන්දර ගැළපීම සිරිතයි. මෙහිදී නොගැළපෙන කේන්දර හිමිකාරියක හා විවාහයක ලැබුණොත් එය තම ජීවිතය අහිමි වීමට තරම් අපල ගෙනදෙනු ඇත. මේ අයුරින් ස්ත්‍රී කේන්දරයකින් පුරුෂයාට අපල ගෙනදෙන අයුරු ජ්‍යොතිෂයේ දක්වා ඇත.

විවාහය ගැන පරීක්ෂා කිරීමේදී වඩාත් විමසිලිවත් වන්නේ එවැනිම ග්‍රහ පිහිටීමක් ඇති කේන්දරයක් සොයාගැනීමටයි. පොරොන්දම් පරීක්ෂණයේ විසි පොරොන්දම් සුබ වුවත් භෞම හෙවත් කුජ දෝෂයෙන් යුත්ක නම් එය දෙදෙනාටම අපල ගෙනදෙන බව සඳහන් වෙයි. ස්ත්‍රී කේන්දරයක 1, 2, 4, 7, 8, 12 යන මෙකී භාවයක කුජ සිටියේ නම් එවැනිම ස්ථානයක කුජ සිටින කේන්දරයක් විවාහය සඳහා සොයාගත යුතුය. එසේ නොවූ විට ස්ත්‍රී කේන්දරයේ මෙම යෝගය සිටි විට පුරුෂයාගේ මරණයද පුරුෂයාගේ මෙම යෝගය පිහිටි විට ස්ත්‍රියගේ මරණයද සිදුවන බව සඳහන් කර ඇත.

භාව කුතුහලය කතුවරයා සඳහන් කරන පරිදි යම් ස්ත්‍රියකගේ උපතෙහි රවි, කුජ, ශනි, රාහු යන මෙම ග්‍රහයන් සඳුගෙන් හත්වැන්නේ ලග්නයෙන් හතේ හෝ අටේ සිටි විට ඇගේ ස්වාමිපුරුෂයා අකාලයේ මියයන බව දක්වා ඇත.
ලග්නය පාපියකු වී සඳු පාපියකුගේ රාශියක පාපයන් සමඟ සිටි විට එහි ලග්න දෙදෙන සුබයන්ගේ දෘෂ්ටියට හසුනොවේ නම් එවැනි අවස්ථාවක උපන් ස්ත්‍රිය පුරුෂයන් කිහිපදෙනකු මරණයට පත්කරවන තරම් අවාසනාවන්ත ස්ත්‍රියක් වනු ඇත. අටවැනි හෝ දොළොස්වැනි භාවයන් මේෂ හෝ වෘශ්චික වී එයින් එක භාවයක රාහු සමඟ පාපයන් සිටි අවස්ථාවක උපන්නියද පුරුෂයාගේ අභාවයෙන් වැන්දඹුවක් වනු ඇත.

පුරුෂ කේන්දරයේ දෙක මෙන් ස්ත්‍රී කේන්දරයේ අටද බලවත් ස්ථානයක් වේ. ආදායම් පෙන්වා දෙන්නේ අටෙනි. දෙවැන්නාධිපති අටේ නම් ස්වාමියාගේ ධනයට ස්ත්‍රිය හිමිකාරිය වනු මිස ඇයගෙන් ස්වාමියාට දායාද නොලැබෙයි. එවැනි තැනැත්තිය විවාහ වන්නේද සත්‍ය වශයෙන්ම දායාද එපා යැයි කියූ අයකු සමගය. ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ කේන්දරයක ඉතා බලවත් ස්ථානය නමයයි. මන්දගාමීව යන්නා වූ ග්‍රහයන් නවයේ සිටීමෙන් විවාහය කල් දමන යෝග යෙදේ. ඒවා බලවත් බවත් ඔප්පු වී ඇත. පුණ්‍යස්ථානයේ සිටින ශනිට සිකුරු පෙනේ නම් එම සිකුරු සිටින්නේත් රාශියක නම් අන්‍ය යෝග ඉක්මවා විවාහය කල් පසුවේ.
ලග්නාධිපති හා හත්වැන්නාධිපති පාප ග්‍රහයන්ගේ වැඩි වර්ග ගණනක සිටියොත් හෝ ලග්නයේ උදාවන අංශකය හා හතේ එම අංශකයද පාපයන්ගේ වර්ග නම් ස්වකීය ස්වාමිපුරුෂයා නසන්නියක් වේ යැයි කියා ඇත. මෙහිදී වැඩිම වර්ග ගණන පාපයන්ගේ වියයුතු වෙයි. ස්ත්‍රී කේන්දරයක එකොළොස්වැන්නේ පාප ග්‍රහයකු සිටී නම් එහි අධිපතියාද පාපයන්ට පමණක් පෙනේ නම් එම කාන්තාවගේ ස්වාමියාට අපල පෙන්වයි. මෙම තත්ත්ව මෙසේ තිබියදී හත්වැන්නේ පාපයකු සිටීම, හත්වැන්න අධිපතියා පාපයකු දැකීම වැනි දෙයින් දුර්වල වී නම් ස්වාමියා පුරුෂයාට ඉතා අපලයි. ස්ත්‍රී කේන්දරයක රවි හත්වැන්නේ සිටීමද අසුබ පලදීමට හේතුවක් වෙයි.

සඳු පමණක් පාපයන්ට මැදිවී සිටීමෙන් ඇගේ ස්වාමිපුරුෂයා අවි ආයුධවලින් මරණයට පත්වීමද, සඳු පාපයන්ට මැදිව අඟහරුගේ රාශියක පිහිටි විට ගින්නේ මරණයද සිදුවන බව සඳහන්ව පවතී. යම් ස්ත්‍රියකගේ ජන්ම පත්‍රයෙහි ලග්නය කන්‍යාව වී අටේ සඳුද, පස්වැන්නේ ගුරු නීචවද සිටියදී උපන් තැනැත්තී කොතරම් දියුණු තත්ත්වයකින් සිටියද ඇගේ ස්වාමිපුරුෂයා අකාලයේ මරණයට පත්වනු ඇත.
සිකුරු ග්‍රහයා පාප ග්‍රහයන් දෙදෙනකුගේ මධ්‍යයේ සිටියේද එනම් සිකුරු සිටි තැනින් දොළොස්වැන්නෙහි එක් පාපයකු සිටි කල්හි එලෙස උපන් පුරුෂයාගේ බිරිය වැටීමෙන් මරණයට පත්වෙයි.
මේ අයුරින් දැක්වෙන යෝගවලින් ස්වාමිපුරුෂයාගේ හා භාර්යාවගේ අකල් මරණ සිදුව ඔවුනොවුන් එකිනෙකට තනිවී ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ භාග්‍යය අහිමි වනු ඇත.
හිඹුටානේ පියතිලක ද අල්විස්
මුල්ලේරියාව නව නගරය
2419574, 0716212020

SendShareShare
Previous Post

විරෝධය ‌නොතකා ශවේන්ද්‍රට යුදහමුදාපතිකම

Next Post

හොඳට නරකට දෙකටම රවිමද

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.