• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඉර හඳට වැහෙද්දි මතක් වුණු 1955 වදකහ සුදිය

January 10, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ඉර හඳට වැහෙද්දි මතක් වුණු 1955 වදකහ සුදිය
Share on WhatsAppShare on Facebook

අද අලුත් අවුරුද්දක අලුත් දවසකි. මෙම වසරේදී පාඨක ඔබට අප හමුවෙන මුල්ම දිනයද අදය. 2019 ඒ වර්ෂය අවසන් කොට 2020 වර්ෂයට ඔබ අප පැමිණ ඇත්තේ දහසකුත් බලාපොරොත්තු මැදය. ඉතින් එම දහසකුත් බලාපොරොත්තු මැද අප ඔබව හරියටම සතියක් පමණ පසුපසට ගමන් කරවීමට සිතුවෙමු. ඒ අනුව දැන් ඔබ සිටින්නේ 2019 දෙසැම්බර් 26 වැනිදා දිනය. එය ශ්‍රී ලාංකිකයන්ට නම් සුන්දර දිනයක් නොව අසුන්දරම වූ දිනයකි. ඊට හේතුව 2004 දෙසැම්බර් 26 වැනි දින අප රට බලපෑ සුනාමියේ පහළොස් වැනි සංවත්සරය එදිනට යෙදී තිබීමයි. නමුත් අප දැන් අද කියන්නට යන්නේ ඒ ගැන නොව එදින තිබූ අනෙක් විරල සිදුවීම ගැනය. එනම් වළයාකාර සූර්ය ග්‍රහණය ගැනය. ඒ අනුව අප එම වළයාකාර සූර්ය ග්‍රහණය හා තවත් අතීතයට යන්නට සිතුවෙමු. ඒ අතීතයේ සිදුවූ රසවත් කතාවක් සොයන්නටය.

අප ඔබට සියල්ලටම පෙර මෙම වළයාකාර සූර්ය ග්‍රහණයක් යනු කුමක්ද යන්න සරලව පැහැදිලිව කළ යුතුය. දෙසැම්බර් 26 වැනිදා සිදුවූ ඒ වළයාකාර සූර්ය ග්‍රහණය බොහෝ දෙනෙක් නැරැඹුවද ඉන් එහාට එය ගැන යමක් කියන්න දන්නේ එය නැරැඹූ කිහිපදෙනෙක් පමණි. සැබෑවටම වළයාකාර සූර්ය ග්‍රහණයක් මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ඒ නිසා එය විරල සිදුවීමක් ලෙස පැවැසිය හැකිය. විද්‍යාත්මකව පැවසීමේදී පෘථිවිය මත සිටින අපට එය දර්ශනය වන්නේ ග්‍රහ වස්තුවක් විසින් ග්‍රහ වස්තුවක් ආවරණය කිරීමෙනි. එයට අනුව චන්ද්‍රයා විසින් සූර්යයා මුවා කිරීමෙන් සූර්ය ග්‍රහණයද සූර්යයා විසින් චන්ද්‍රයා මුවා කිරීමෙන් චන්ද්‍ර ග්‍රහණයද සිදුවෙයි. එහෙත් පෘථිවියත්, සූර්යයාත්, චන්ද්‍රයාත් යන ග්‍රහයෝ නිතරම චලනය වීම මත මෙවන් අවස්ථාවන් සිදුවන්නේ කලාතුරකිනි. මෙම සූර්ය ග්‍රහණයක් විවිධ අයුරින් සිදුවෙයි. ඒ අනුව පූර්ණ ග්‍රහණය තුළදී හිරු සම්පූර්ණයෙන් වැසී යන අතර, එනිසා පරිසරය අඳුරු වී අන්ධකාරය පැතිරෙයි. අර්ධ සූර්ය ග්‍රහණයේදී සූර්යයාගේ කොටසක් පමණක් වැසී යයි. වළයාකාර සූර්ය ග්‍රහණය යනු චන්ද්‍රයාගෙන් සූර්යයාගේ මධ්‍ය ප්‍රදේශය වෘත්තාකාර ලෙස වැසී යෑමයි. නමුත් සූර්යයා සතු බාහිර කොටස වැසී නොයනා නිසා එය දීප්තිමත් මුදුවක් මෙන් අපට දිස්වෙයි.
පසුගිය දෙසැම්බර් 26 වැනිදා වළයාකාර වූ සූර්ය ග්‍රහණයක් නැරැඹීමට ශ්‍රී ලාංකේය ජනයාට අවස්ථාව උදාවීම සැබෑවටම අරුමයකි. එය දුලබ හා ස්වභාවික සංසිද්ධියක් සේම විරල ගණයේ සිදුවීමකි. ශ්‍රී ලාංකේය ජනයාට අවසාන වශයෙන් මෙවැනි වළයාකාර සූර්ය ග්‍රහණයක් දර්ශනය වූයේ මීට වසර දහයකට පමණ පෙරය. එනම් 2010 ජනවාරි 15 වැනිදාය. එමෙන්ම ඒ ආකාරයට යළිත් එවැනි වළයාකාර සූර්ය ග්‍රහණයක් අපට දර්ශනය වන්නේ 2031 මැයි 21 වැනිදාය. එනම් තවත් පුරා වසර එකොළහකින් පමණි. මේ අතර, ශ්‍රී ලාංකේය අපට පූර්ණ සූර්ය ග්‍රහණයක් දර්ශනය වී තිබෙන්නේ 1955 ජුනි 20 වැනිදාය. එමෙන්ම නැවැතත් එවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් ලාංකේය අපට දර්ශනය වන්නේ 2070 අප්‍රේල් 11 වැනිදාය. එනම් තවත් වසර පනහකින් පමණ පසුවය. විශ්වයේ මෙවන් අපූරු දෑ සිදුවීමට දීර්ඝ කාලයක් පමණ ගතවෙයි. නමුත් අපේ ලෝකයේ කොතැන හෝ වර්ෂයකට සූර්ය ග්‍රහණයක් මෙන්ම තවත් චන්ද්‍ර ග්‍රහණ කිහිපයක්ම සිදුවෙන බව පැවසිය යුතුය.

මෙම වළයාකාර සූර්ය ග්‍රහණය මුලින්ම සෞදි අරාබියට සූර්යයා උදාවීමත් සමඟින්ම පෙරවරු 6.35ට පමණ ආරම්භ වූ අතර, පසුවට එය කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය යන මැද පෙරදිග රටවල් සඳහා දර්ශනය වෙන්නට විය. පෙරවරු 8.05ට පමණ එය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දර්ශනය වූ අතර, පසුව එය තමිල්නාඩුව ප්‍රාන්තය ඔස්සේ ශ්‍රී ලංකාවට දර්ශනය වූයේ එදිනම පෙරවරු 8.09ට පමණ සිටය. පසුව එය මැලේසියාව හා ඉන්දුනීසියාව මෙන්ම සිංගප්පූරුව යන රට රටවලට දර්ශනය වෙන්නට විය. නමුත් මෙය වඩාත් හොඳින්ම වළයාකාර සූර්ය ග්‍රහණයක් ලෙසින් දර්ශනය වූයේ යාපනය අර්ධද්වීපයටය. එමෙන්ම ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට එය හොඳින්ම දර්ශනය වී තිබිණි. මෙම වළයාකාර සූර්ය ග්‍රහණය නිසා එදින සූර්යයාගේ 94%ක් පමණ වැසී තිබුණු අතරම සූර්යයා 6%ක් පමණ ආලෝකය ලබාදීම මත එය පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වූයේ නැත. කෙසේ වුවද පෙරවරු 8.09 සිට දහවල් 11.22 දක්වා පැය 3යි විනාඩි 13ක් පමණ පුරාවට පැවැති වළයාකාර සූර්ය ග්‍රහණය නිමා වූයේ එහි උච්චතම අවස්ථාව පෙරවරු 9.35ට ශ්‍රී ලාංකේය ජනයාට දර්ශනය කරමිනි.

සූර්ය ග්‍රහණයක් නැරැඹිය යුත්තේ ආරක්‍ෂක අව් ආවරණ මනාව පැලඳගෙනය. එසේ නොවන්නට අපට නොදැනීම ඇසට සිදුවන හානිය කෙසේවත් සුළුපටු නැත. විශේෂයෙන්ම මේ වළයාකාර සූර්ය ග්‍රහණයකදී සූර්යයාගේ ආලෝකය බොහෝ ප්‍රමාණයෙන් අඩු වුවද සූර්යයා දෙස එක එල්ලේ බැලීමෙන් අපේ ඇසට හානි සිදුවන බව කිව යුතුය. ඊට හේතුව සූර්යයා විසින් නිකුත් කරනු ලබන පාරජම්බූල කිරණයි. මේ අතර ඒ සූර්ය ග්‍රහණයක් දෙස එක එල්ලේ බැලීම මඟින් අපේ ඇසේ දෘෂ්ටි විතානයට බරපතළ අන්දමින් මහත් හානි සිදුවිය හැකිය. එහෙත් විශේෂත්වය වන්නේ කිසිදු වූ වේදනාවකින් තොරව එය සිදුවීමයි. ඇස්වල අන්ධවීම පවා සිදුවිය හැකිය. එම නිසා අනිවාර්යයෙන් සූර්ය ග්‍රහණයක් නැරැඹිය යුත්තේම වතුර බේසමක් තබා ඒ මත පතිත වන සූර්යයාගේ එම ප්‍රතිබිම්බය දැකබලා ගැනීම මඟිනි. එමෙන්ම අවශ්‍ය නම් විශේෂ අව් කණ්ණාඩි පැලඳ සූර්යයා දෙස එක එල්ලේ බැලිය හැකිය. එහෙත් සාර්ථක සහ නිවැරැදිම ක්‍රමය වන්නේ වතුර බේසමක් තබා සූර්ය ග්‍රහණය නැරැඹීමයි.

දෙසැම්බර් 26 වැනිදා අපට දර්ශනය වූ වළයාකාර සූර්ය ග්‍රහණයත් සමඟින් අප අතීතයට ගමන් කරනා බව ඔබට මෙම ලිපිය ආරම්භයේදීම පැවසූ අතර, ඒ අනුව අප දැන් කෙළින්ම පවසන්නට සූදානම් වන්නේ අතීතයේ සූර්ය ග්‍රහණයක් නිසා සිදුවූ ඉතාම රසවත් සිදුවීමක් ගැනය. මෙම අපූරු සිදුවීම සිදුවන්නේ 1955 වර්ෂයේය. එවකට රටේ සිටි ප්‍රසිද්ධ අනාවැකිකරුවන් පවසා සිටියේ 1955 ජුනි 20 වැනිදා ශ්‍රී ලංකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් දර්ශනය වන බවයි. ඒ සමඟම අද මෙන් කරළියට ආවේ ජ්‍යොතිෂවේදීන්ය. පසුව ඔවුන් පනස් පහේ මෙම සූර්ය ග්‍රහණය පිළිබඳව විවිධ වූ අනාවැකි පළකරන්නට විය. ඔවුන් පවසා සිටියේ එම සූර්ය ග්‍රහණය අවස්ථාවේ යම්කිසි පැළයක් රෝපණය කළහොත් එය ඵල දරනා කාලය වෙන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා සිය ගුණයක් පමණ ඵල දරනා බවයි. එමෙන්ම මෙම කාලයේ රටට ධාර්මික වූ පාලකයකු බිහිවන බවද පැවැසූහ. එහෙත් එම සියලු අනාවැකි පසෙකලා ජනප්‍රිය වූයේ සූර්ය ග්‍රහණය අවස්ථාවේදී කිසියම් කෙනකු මුහුණේ වදකහ ආලේප කළොත් සම පැහැපත් වී රුව වැඩෙන අනාවැකියයි. එවකට ඒ අනාවැකිය ගැහැනු උදවියගේ හිතේ සතුට උතුරා යන අපූරු අනාවැකියක් විය.
ඉහත අනාවැකිය රටේ ඉතා ප්‍රසිද්ධ වූ අතර, පසුව කිහිප දිනකින් 1955 ජුනි 20 වැනිදා උදාවිය. එදා වෙනදා මෙන් නොව අහස තිබුණේ අඳුරේය. අන්ධකාරය මුළු පරිසරයම වෙළාගෙන තිබිණි. කුකුළන්ට උතුර, දකුණ මාරු වෙද්දී කපුටන් සිටියේ මුකුත් හිතාගන්නට බැරි තත්ත්වයේය. බොහෝ සතුන්ට එසේය. ඔය අතර සූර්ය ග්‍රහණය සිදුවෙමින් තිබිණි. එවෙලේ පිරිමින් සිටියේ පොල් පැළ, කොස් පැළ වැනි පැළ අතේ දරමිනි. ඒ සූර්ය ග්‍රහණය අවස්ථාවේ එය සිටුවා වාසි ලබා ගැනීමටය. එහෙත් එම අවස්ථාවේ ගැහැනු උදවිය සිටියේ වදකහ කෝප්පයක් අත දරමිනි. ඔය අතරතුර තවත් කට කතාවක් පැතිරෙන්නට විය. එනම් ගැහැනුන් ඒ සූර්ය ග්‍රහණය මොහොතේ වදකහ පානය කළොත් ඉතාම දීප්තිමත් රූපයක් ලැබෙන බවයි. එදා එම කටකතාව ගැන විශ්වාසය තැබූ ගැහැනු උදවිය සූර්ය ග්‍රහණය මොහොතේ වදකහ මුට්ටි පිටින් පානය කරන්නට විය. එයින් නොනැවතී වඩාත් පැහැපත් වීමට තවත් සමහරු වදකහ වැඩි වැඩියෙන් පානය කරන්නට වූ අතර, අවසානයේ රුව ලස්සන කරගන්නට ගොස් වදකහ පානය කළ සියල්ලෝම නැවතුණේ රෝහලේය.
නලින්ද සම්පත්

SendShareShare
Previous Post

උපන් දිනයෙන් හෙළිවන ජීවන රහස්

Next Post

දමයන්ති ෆොන්සේකාගෙන් අලුත්ම වැඩක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.