• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පින්නවල අමතකව ගිය කතාව

January 6, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පින්නවල අමතකව ගිය කතාව
Share on WhatsAppShare on Facebook

පින්නවල යැයි පැවසූ පමණින්ම අපේ සිහියට නැඟෙන්නේ අලි ඇතුන්ය. ඒ පින්නවල ඉදිකර ඇති අලි අනාථාගාරය නිසාය. එදා කැලයේදී අතරමං වූ කුඩා අලි පැටවුන් නව දෙනෙක් සමඟින් ඉදිකළ මෙම අලි අනාථාගාරය තුළ වර්තමානයේදී අලි ඇතුන් අසූවකට අධික ප්‍රමාණයක් දැකිය හැකිය. දිනකට දහස් සංඛ්‍යාත පිරිසක් එන යන මෙම පින්නවල අලි අනාථාගාරය යනු දැනට ශ්‍රී ලංකාවේ ඇති එකම අලි අනාථාගාරයයි. එමෙන්ම අලි අනාථාගාරයට යන දෙස්-විදෙස් සංචාරකයන්ට මෙහිදී තවත් අමතර වාසියක් හිමිවෙයි. එනම් පින්නවල සත්ව උද්‍යානයද ඒ අසලම තිබීමයි. එම සියලු කරුණු කාරණාද සමඟින් අප අද පවසන්නේ මෙම පින්නවල අලි අනාථාගාරයේ ඔබ දන්න නොදන්න වත්මන් කතාවයි.

වනය තුළ අනාථ වන අලි ඇතුන් රැකබලාගනු ලබන ශ්‍රී ලංකාවේ එකම තැන වන්නේ පින්නවල අලි අනාථාගාරයයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙය වර්තමානයේ දෙස්-විදෙස් සංචාරකයන්ගේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වී තිබේ. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ලේ සිට කි.මී. 82 කණුව අසලින් හැරී කි.මී. 10ක් පමණ ගිය විට පින්නවල හමුවෙයි. දුම්රියෙන් ගමන් කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෑගල්ල දෙසට කි.මී. 2ක පමණ ගිය විට මෙම අලි අනාථාගාරය හමුවේ. අලි ඇතුන් සම්බන්ධ කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්‍ෂණාගාරයක් ලෙසද මෙම අලි අනාථාගාරය හැඳින්විය හැකිය. එම නිසාම පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීය ලෙසද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධානතම සංචාරක කේන්ද්‍රස්ථානයකි.

වර්ෂ 1975දී ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අක්කර 25ක් පමණ වූ භූමි භාගයක පින්නවල අලි අනාථාගාරය ආරම්භ කළ බව සඳහන්ය. එය පසුව 1987 වර්ෂයේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන තිබේ. 1982 වර්ෂයේදී සත්ව අභිජනන වැඩසටහනක් පවා මෙහි ආරම්භ කර ඇත. රටේ තෙත් භූගෝලීය කලාපයට අයත් වන මෙම ප්‍රදේශය තුළ පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන විට සිටියේ අනාථ අලි පැටවුන් නව දෙනකු පමණි. එහෙත් වර්තමානය වන විට එහි අලි ඇතුන් ප්‍රමාණය අසූව ඉක්මවයි. ඒ නිසාම පින්නවල අලි අනාථාගාරය හැඳින්වෙන්නේ ලෝකයේ සිටින විශාලතම අලි රංචුවේ නිවහන ලෙසයි. මෙහි විවිධ වූ වයස් ප්‍රමාණයන්ට අයත් අලි ඇතුන් ප්‍රමාණයක් එකවර දැකගත හැකිය.

පින්නවල අලි අනාථාගාරයට එක්තරා දෛනික කාලසටහනක්ද තිබේ. පෙරවරු 8.30ට සංචාරකයන් සඳහා විවෘත වන මෙහි අලි පැටවුන්ට කිරි ලබා දෙන්නේ පෙරවැරු 9.15ට පමණය. අනෙකුත් විශාල අලින්ට ආහාර ලබා දීම සිදුවන්නේ පෙරවරු 10.00ට වන අතර අලි රංචුව දිය නෑම පිණිස රැගෙන යන්නේ දහවල් 12.00ටය. පස්වරු 1.15ට පමණ නැවැත එම අලි රංචුව අලි අනාථාගාරය වෙත රැගෙන එනු ලබයි. අලි පැටවුන්ට කිරි ලබා දීම සහ අනෙකුත් අලින්ට දිවා ආහාරය ලබා දෙන්නේ පස්වරු 2.00ටය. දිනකට දෙවරක් අලි රංචුව මා ඔය වෙත ගෙන යන අතර, ඒ අනුව නැවැත අලි රංචුව මා ඔය වෙත ගෙනයන්නේ පස්වරු 4.00ට පමණය. පස්වරු 5.00ට අලි පැටවුන්ට සවස කිරි ලබා දීම සිදුකරන අතර, සියලුම අලි ඇතුන් ගාල් කිරීම පස්වරු 5.30ට පමණ සිදුකරයි. දිනය අවසානයේදී අලි අනාථාගාරය වසා දමන්නේ සවස 6.00ටය.
මෙම අලි රංචුව දිය නෑම පිණිස ගෙන යන මා ඔය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ජලාශයක් ලෙසිනි. බොහෝ විට මා ඔයේ පතුල ගල් තලාවකින් යුක්ත වන අතර, එය අලින්ට දිය නෑම සඳහා කදිම තටාකයක් බවද නොරහසකි. අලි ඇතුන් වැඩිපුරම ජලයට ප්‍රිය සත්ව පිරිසක් නිසා දිනකට දෙවරක්ම ඔවුන් මා ඔය වෙත ගෙනයනු ලබයි.

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් වර්ග දෙකකි. එයින් එක් වර්ගයක් වන්නේ පින්නවල අනාථාගාරය තුළම උපත ලද අලි ඇතුන්ය. අනෙක් වර්ගය වන්නේ අනාථ වී අනාථාගාරය වෙතට ගෙන එනු ලැබූ අලි ඇතුන්ය. මෙහිදී අලි පැටවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ කිරිය. දිනපතා අලි පැටවුන්ට කිරි වේල් තුනක් ලබා දෙන අතර, එක් වේලකට දෙන කිරි ප්‍රමාණය ලීටර 5.5කි. එක් පැටවකුට දිනකට කිරි ලීටර් 16.5ක් පමණ අවශ්‍ය අතර, කිරි බෝතලයේ කටට රබර් බටයක් ගසා එමඟින් අපතේ යෑමකින් තොරව පහසුවෙන් පැටවුන්ට කිරි ලබා දීම මෙහිදී සිදුකරයි. මෙම පින්නවල අලි අනාථාගාරය නැරැඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය යන සංචාරක පිරිස් දෙවර්ගයම පැමිණෙන අතර, දේශීය සංචාරකයන් බහුලවම පැමිණෙන්නේ අප්‍රේල් මෙන්ම අගෝස්තු සහ දෙසැම්බර් යන මාස තුනේදීය. එමෙන්ම විදේශීය සංචාරකයන් බහුලවම පැමිණෙන්නේ දෙසැම්බර් සිට අගෝස්තු දක්වා කාලය තුළය.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

TVS NTORQ 125 Race Edition ලංකාවට හඳුන්වා දෙයි

Next Post

සුබ අසුබ දිවියට ළංකරන අන්තර් දශා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.