• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවේ ආර්ය ජනාවාස ඇරැඹුම

January 5, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාවේ ආර්ය ජනාවාස ඇරැඹුම
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භය පිළිබඳ කදිම විස්තරයක් මහාවංශයේ අන්තර්ගතව ඇත. විජයගේ ආගමනයත් සමඟ ගතවූ කෙටි කලකින් ජනාවාස මෙහි ගොඩනැංවූ බව පෙනේ. එහිලා වැදගත් සාධකයක් ලෙස අනුරාධ නම් ඇමැතියා කළ අනුරාධ ගාම නම් ජනාවාසය සඳහන් කළ හැකිය. මෙය සිංහල ජාතියේ ආරම්භය සනිටුහන් කරන සුවිශේෂ අවස්ථාවකි. විජය ඇතුළු පිරිසේ ආගමනයත් බුද්ධ පරිනිර්වාණයත් එකම දිනෙක සිදුවූ බව වංසකතාව කියයි. මහාවංශයේ සිංහල පරිවර්තනයේ එය මෙසේ දක්වා ඇත.

“එකල්හි නැවින් ගොඩබටුවා වූ විජය කුමාර ආදීහු ක්ලාන්ත වූවෝ අතින් භූමියෙහි ස්පර්ශ කොට හිඳගත්තේය. යම් හෙයකින් තඹවන් අත්ල ඇතිවීද එහෙයින් ඒ දේශයද, දිවයිනද ඒ නම් ඇත්තෝ හෝ තාඹුපර්ණි නම් විය. ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය. එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ධ ඇති සියල්ලෝම සිංහලයෝය.”

මේ අනුව විජය මෙහි පැමිණීමෙන් පසු ඔවුන් අත්විඳි දේ නිසා මෙම රට තම්බපණ්ණි වූ බව කියැවේ. විජය මෙරට පාලනය කළේද මෙකී ස්ථානයේ සිටය. විජය ක්‍රමයෙන් මෙරට ස්ථාවර පාලකයකු බවට පත්විය. ඔහු මෙරටෙහි එතෙක් විසූ ස්වදේශිකයන් සමූල ඝාතනය කළ අතර, ඒ සඳහා කුවේණියගේද දායකත්වය ලබාගෙන ඇත. ඉන් පසුව කුවේණිය හා විජය සමඟ සහවාසය නිසා දරුවන් දෙදෙනකු ලැබූ බව වංසකතාව කියයි. එනමුත් විජය ඉන්දියානු කුමරියක සරණපාවා ගන්නා ලදින් ඔහුට දාව කුවේණිය වැදූ ජීවහත්ථ, දිසාලා යන දරුවන් දෙදෙන තම්බපණ්ණියෙන් පිටමං කළ බව කියැවේ. මධුරාපුර සිට පැමිණි විජායි කුමරිය විජයගේ මෙහෙසිය වූ අතර කුවේණිය පිටමං කිරීම නිසා කෙටි කලකින්ම ඇයගේ ඥාතීන් අතින් ඇය ඝාතනය වූ බව කියැවේ.

විජය සමඟ පැමිණි අනෙක් සහචරයන් මල්වතු ඔය අවට හා වියළි කලාපීය ගංගා ආශ්‍රිතව ජනාවාස පිහිටුවාගත් බව පෙනේ. ඔවුහු පිහිටුවාගත් ජනාවාස තම නාමයෙන්ම හඳුන්වා ප්‍රසිද්ධ කොට ඇත. මේ ගැන මහාවංශයේ ඇති තොරතුර මෙසේය.

“ඔහුගේ ඇමැතියෝ ඒ ඒ තැන ගම් පිහිටුවූහ. අනුරාධ නම් ඇමැති තෙමේ කොළොම් හෝ ඉවුරෙහි අනුරාධ නම් ගම පිහිටුවීය. පෙරෙවි උපතිස් තෙමේ අනුරාධපුරයෙන් උතුරුදිග ගම්භීර නදී තීරයෙහි උපතිස්ස ග්‍රාම ඉදි කළේය. අනෙක් ඒ ඇමැතියෝ තුන්දෙනෙක් උදේනිය, උරුවේලාය එසේම විජිත නගර යැයි යන වෙන වෙන ගම් ඉදිකළෝය.”

මෙරට ආර්ය ජනාවාස පිහිටුවීම පිළිබඳ මූලිකම අවස්ථාව මෙයයි. විජය ඇතුළු පිරිස මෙහි ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුව භාරතයෙන් තවත් පිරිස් මෙහි පැමිණ ඇත. විජයගෙන් පසුව මෙහි පාලනය භාර ගැනීම පිණිස පැමිණි පණ්ඩුවාසදේව ඉන් එක් තැනැත්තෙකි. ඔහු විජයගේ සහෝදර සුමිත්ත කුමරුගේ බාල පුතාය. ඔහු මෙහි පැමිණ විජයගෙන් පසු පාලනය භාරගත් අතර විවාහ මංගල්‍ය සඳහා ඉන්දියාවෙන් කුමරියක ගෙන්වා ගත්තේය. ඒ භද්දකච්චායනා කුමරියයි. පණ්ඩුවාසට දාව දරුවන් එකොළොස්දෙනකු වැදූ අතර ඒ අතර දියණියක් වූවාය. ඇය චිත්‍රා කුමරියයි. ඇය සමඟ රහස් සබඳතා පැවැත්වූ දීඝගාමිණී කුමරු ශාක්‍ය වංශිකයෙකි. ඔහු විජය සමඟ මෙහි පැමිණි දීඝායු කුමරාගේ පුතාය. දීඝායු නම් පණ්ඩුශාක්‍ය රජුගේ පුතාය. පණ්ඩුශාක්‍ය අමිතෝදන රජුගේ පුතාය. අමිතෝදන සුද්ධෝදන රජුගේ සහෝදරයෙකි. ඒ අනුව දීඝගාමිණී යනු ශාක්‍ය වංශිකයෙකි.

චිත්‍රා කුමරිය හා දීඝගාමිණී කුමරු දෙදෙනාගේ සබඳතාව කෙතරම් තියුණුදැයි කියන්නේ නම් චිත්‍රාවට ඔහුට දාව දරුගැබක් හටගත්තේය. ඒ පණ්ඩුකාභයයි. දෛවඥයන් පැවසූ අන්දමට තම මාමාවරුන් මරා රාජ්‍යයත්වයට පත්වූයේ ඔහුය. ඔහු රාජ්‍යත්වයට පත්වන විට පන්තිස්වන වියේ පසුවූ අතර අනුරාධපුර නගරය සියලු අංගයන්ගෙන් හෙබි නගරයක් බවට පත්කරන ලද්දේ ඔහුගේ කාලයේදීය.

මෙහි පැමිණි ආර්යයෝ ගංගාශ්‍රිතව ජනාවාස පිහිටුවාගත් අතර ක්‍රමයෙන් රට මැදටත් සංක්‍රමණය වූහ. මල්වතු ඔය, කලාඔය, දැදුරු ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය, මහවැලි ගඟ, ගල්ඔය ආදී ස්ථාන ආශ්‍රිතව ඔවුහු ජනාවාස තනාගත්හ. මෙහි ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමට පෙරත් ස්වදේශිකයන් කුඩා ජනපද පිහිටුවාගෙන සිටි බව මෙගස්තීස්ගේ වාර්තාවල දැක්වේ. ඔවුන්ගේ නිවාස දැව හා බටවලින් නිමවා තිබේ. කෙසේ නමුත් පණ්ඩුකාභය අනුරාධපුර නගරය සංකීර්ණ තත්ත්වයට පත්කළ අතර, ඇතුළු නගරය පිට නගරය වශයෙන් එය කොටස් දෙකකින් යුක්ත විය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

හතේ ‌පොතට හතේ හත වදියිද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.