පසුගියදා පැවැති SLIM Nasco 2019 සම්මාන උළෙලේදී ්ක්‍ඛ කේබල්ස් සමාගම රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව සිටී. කාර්මික, නිෂ්පාදන හා බලශක්ති අංශයෙන් ACL කේබල්ස් සමාගම මෙම සම්මානය හිමිකර ගත්තේය.
වෙළෙඳ විධායක අංශයෙන් තරග වදිමින් ACL කේබල්ස් සමාගමේ තනුර රන්දුල මලලගේ විසින් මෙම සම්මානය දිනාගන්නා ලදී. කේබල් නිෂ්පාදන අංශයෙන් රන් සම්මානයක් දිනාගන්නා ලද එකම ජයග්‍රාහකයා වූයේද මලලගේ මහතාය. SLIM Nasco සම්මාන උළෙලේදී ACL කේබල්ස් සමාගම රන් සම්මානයක් දිනා ගත් දෙවැනි අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් SLIM Nasco සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. අති උත්කර්ෂවත් ආකාරයට කොළඹ BMICH පරිශ්‍රයේදී මෙවර සම්මාන උළෙල පැවැත්විණි. සෑම ක්ෂේත්‍රයකම වෙළෙඳ හා අලෙවි අංශයන්හි විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරන දක්ෂයන් අගය කිරීම සඳහා පැවැත්වෙන SLIM Nasco සම්මාන උළෙල ජාතික වැදගත්කමක් සහිත සම්මාන උළෙලක් බවට පත්ව තිබේ.











