• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මකරුන් සිටින සඳහඩපහණක් බෙලිගලින් මතුවෙයි

January 3, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මකරුන් සිටින සඳහඩපහණක් බෙලිගලින් මතුවෙයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය පැරණි ගල් වඩුවාගේ සැබෑම විස්මිත නිර්මාණයක් ලෙස පැරණි සඳකඩ පහණ පෙන්වාදිය හැකිය. කළු ගලක් ඔප දමා එහි කැටයම් කොටා එසේ නිර්මාණය කළ සඳකඩ පහණේ සැබෑ වටිනාකම නම් දැනෙන්නේ කාලයක් ගිය පසුය. ඊට හොඳම සාක්ෂිය වන්නේ අතීතයේ ගල් වඩුවා මහත් වෙහෙසක් ගෙන නිර්මාණය කළ සඳකඩ පහණට වර්තමානයේදී ලැබී ඇති ඉමහත් අගයයි. ඔය කළු ගලක් ඔප දැමීම ලේසි පහසු නැත. නමුත් අපේ ලාංකේය පැරණි ගල් වඩුවා ඒ අපහසු කාර්යයට පවා අත ගසමින් අපේ රටට මහත් විස්මිත නිර්මාණයක් දායාද කරන්නට විය. එය නමින් සඳකඩ පහණයි. දැනට අපේ ශ්‍රී ලංකාවේ ඇති හොඳම සඳකඩ පහණ ලෙසින් හැඳින්වෙන්නේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ බිසෝ මාලිගය ඉදිරිපිට අද ඇති සඳකඩ පහණයි. මේ අතර අපි දැන් ඔබට පවසන්නේ දැනට අපේ ශ්‍රී ලංකාවේ ඇති වෙනස්ම සඳකඩ පහණ ගැනය. එහි වෙනස වන්නේ ශ්‍රී ලංකාවේ දැනට හමුවී ඇති මකරුන් සිටිනා පළමු සහ එකම සඳකඩ පහණ වන්නේ මෙය වීමයි.

මෙම අපූරු වූ සඳකඩ පහණ ගැන පැවසීමට පෙර මේ සඳකඩ පහණක් යනු කුමක්ද යන්න කියවන ඔබට ඓතිහාසික ඇසින් විවරණය කිරීම මහාවංශය අපේ වගකීමකි. ඒ අනුව පැරණි බෞද්ධ විහාරස්ථානයකට පිවිසෙන දොරටුව අබියස ඇති පියගැට පේළිය පාමුල මුරගල් දෙකට මැදිව අර්ධ කවාකාරව තබා ඇති ගල් පුවරුව සඳකඩ පහණක් වශයෙන් හැඳින්වෙයි. හැඩය අනුව එහි ස්වරූපය අඩ සඳකි. සඳකඩ පහණ විවිධ වූ නමින් හැඳින්වෙයි. ඉර, හඳ ගල, ආරෝහ චන්ද්‍ර මෙන්ම පද්මශිලා යන නම්වලින් එසේ සඳකඩ පහණ හඳුන්වා තිබේ. සඳකඩ පහණක විවිධ වූ අංග ඇත. ඒවා වන්නේ අර්ධ වෘත්තාකාර පද්මය හෙවත් නෙලුම, ලියවැල් හා හංස පෙළ, සත්ව පෙළ, පලාපෙති සහ ගිනිදැල්ය. එදා මෙවන් අපූර්වතම වූ නිර්මාණයක් කලාකරුවා කළේ නිකන්ම නොවේ. සැබෑවටම සඳකඩ පහණේ සැබෑම වූ අර්ථය වන්නේ නිවන හෙවත් නිර්වාණයයි. මිනිසාගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා වූ සංසාර ගමන මෙන්ම එයින් මිදීමට නිර්වාණය කරා ගමන් කිරීමට හැකි ඒ මඟත් සඳකඩ පහණේ සියුම් කැටයම් අතරින් අර්ථ නිරූපණය කර තිබේ.

දැන් අප කෙළින්ම කියන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට හමුවී ඇති මකරුන් සිටිනා පළමු සහ එකම සඳකඩ පහණ ගැනය. සැබෑවටම මෙවන් අපූරු සඳකඩ පහණක් මීට පෙර අපේ රටෙන් කිසිදාක හමුවී නැත. මෙම අපූරු සඳකඩ පහණ අපට හමුවන්නේ එදා තුන්වැනි විජයබාහු රජතුමන්ගේ රාජධානිය බවට සැලකෙන එම බෙලිගල රාජධානියෙනි. ඒ අනුව දැනට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රසිද්ධම විහාරස්ථානයක් ලෙස හඳුන්වන එවකට මහනුවර ශ්‍රී දළදා වහන්සේ පවා වැඩ සිටි බෙලිගල ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරයේදී මෙම දුර්ලභ සඳකඩ පහණ දැක බලාගත හැකිය. එම විහාරස්ථානය සඳහා යා හැකි පහසුම වූ මාර්ගය වන්නේ කොළඹ නුවර ප්‍රධානතම මාර්ගයේ යට්ටෝගොඩ මංසන්ධියෙන් වමට ඇති වේරගොඩ නම් මාර්ගයේ කිලෝමීටර් හතරක් ගිය තැනය. එසේ පැමිණෙන ඔබට විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩ දොරකඩ අසලදී අද ආරක්ෂිතව ආවරණය කර ඇති ඉහතින් අප සඳහන් කළ දුර්ලභ මෙන්ම සුවිශේෂී වූ සඳකඩ පහණ දැකගත හැකිය.

මෙම දුර්ලභ සඳකඩ පහණේ විශේෂත්වයන් නම් ගණනාවක්ම තිබේ. ඒ අනුව මෙම සඳකඩ පහණෙහි මධ්‍යයේ පිහිටි පද්මය උස් කර නිර්මාණය කර ඇති අතර එය අර්ධ කවයකට වැඩිවන ලෙසට නිර්මාණය කර තිබේ. එය විශේෂම ලක්ෂණයකි. එමෙන්ම මෙම සඳකඩ පහණ කෙළවර ඇත්තේ මකර රූප දෙකකි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු සඳකඩ පහණක එවැනි මකර රූප දැකිය නොහැකිය. වෙනත් සඳකඩ පහණ් තුළ අවසාන කවයේ දැකිය හැකිවන්නේ ලියවැල්ය. එසේ වුවද මෙහි එම ලියවැල් වෙනුවට දැනට තිබෙන්නේ ගිනිදැල්ය. තවද වෙනත් වූ සඳකඩ පහණ තුළ දැකිය හැකිවන්නේ සත්ව රූප එක පෙළට වුවද මෙහි සියලු සත්ව රූප දෙපසින් පැමිණ මැදදී හමුවෙන ආකාරයට නිර්මාණය කර තිබේ. එමෙන්ම පිටත කවයෙහි සිට පිළිවෙළින් සිංහ ඇත් අශ්ව රූප කව වෙන වෙනමද දක්වා තිබීමද විශේෂත්වයකි. එම සත්ව කවයන් තුළ සිටින සිංහයන්ගේ හිස් පිටුපසට හැරී ඇති අතර ඇත් පෙළේද පිටුපස කකුල් ඇත්තේ ඔසවාගෙනය. තවද ඇතුළත කවයේ අශ්වයන් දස දෙනෙකි. ඔවුන්ගේ හිස් පහතට නැමී ඇත. මකරුන් දෙදෙනා සිටින්නේ මෙම සඳකඩ පහණේ දෙපස කෙළවරට වෙන්නටය.

මකරා යනු සැබෑ ලෝකය තුළ සැබෑම සත්වයකු නොවේ. සැබෑවටම එය අපේ බෞද්ධ ඉතිහාසයෙන්ම උපදවන ලද එක්තරා වූ මිථ්‍යාවකි. එම නිසාම මකරා අපේ බෞද්ධ සංකේතයක් ලෙසින් යොදාගත් අවස්ථා ඇතැම් තැන්හි දැකගන්නට ලැබෙයි. දැනට ලංකාවේ බෞද්ධ විහාරස්ථානවල තිබෙන මකර තොරණ ඊට සමීපම උදාහරණයයි. එම මකර තොරණේද මකරුන් දෙදෙනෙකු සිටියි. මේ අතර මෙම මකරා සෑදී ඇත්තේ තවත් සත්වයන්ගේ ශරීරාංග කිහිපයක එකතුවෙනි. එමෙන්ම මකරාගෙන් සංකේතවත් වන්නේ ගින්දර බව එක්තරා විශ්වාසයකි. ඒ අනුව අප ඉහතින් කතා කළ සඳකඩ පහණේ අපිට නොදැනෙන විශාල වූ යටි අර්ථයක් ඇතුවාට සැකයක් නැත. ලංකාවේ අනෙකුත් සඳකඩපහන් සමඟින් මෙම සඳකඩ පහණ වෙනස් වෙන සුවිශේෂී ලක්ෂණවල සිට එහි සිටිනා මකරුන් දෙදෙනා දක්වාම සඳකඩ පහණ තුළ යම්කිසි අර්ථයක් ඇත. අවසානයේ අපට නොතේරෙන එම කතාව අසා දැනගන්නට අප ගියේ විහාරයේ දැනට විහාරාධිපති ධුරය දරන දම්මල ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ළඟටය. උන්වහන්සේට මුලින්ම වැඳ ආශීර්වාද ආදිය ලබාගත් අපි මෙම සුවිශේෂී සඳකඩ පහණ පිළිබඳව තොරතුරු ඇසුවෙමු. උන්වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මෙසේය.

“එදා ඔය දුර්ලභ සඳකඩ පහණ තිබුණේ අපේ පන්සලේ ප්‍රධාන වාහල්කඩ දොර ළඟ. ඒ හින්දා ඒක මිනිසුන්ට පෑගිලාම සෑහෙන්න දුර්වර්ණ වෙලා හොඳටම වගේ මැදිලයි තිබුණේ. අන්තිමේ අපි තීරණය කළා එය ඉතා ආරක්ෂිතව ආවරණය කරන්න. මොකද අපේ රටටම මෙහෙම මකරු ඉන්න සඳකඩ පහන් තියෙන්නේ එකයි. ඒ වගේමයි මෙහි විශේෂත්වය ඉන්න මකරුන් දෙන්නම නෙවෙයි. සත්ව පේළිය පවා වෙනස් විදිහට සඳකඩ පහණේ තියෙන්නේ. අනෙකුත් කැටයම් ටිකත් එහෙමයි. ඒ හින්දයි මේක අපි වෙනම ආරක්ෂා කරලා ආවරණය කරලා තියෙන්නේ…”
සැබෑවටම මෙය නම් ඉතා සියුම් ලෙස කළු ගලේ නිර්මාණය කර ඇති අපූර්ව සඳකඩ පහණකි. එමෙන්ම මෙවන් දුර්ලභ සඳකඩ පහණක් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරස්ථානයක දැකිය නොහැකිය. එම නිසාම මෙවන් දුර්ලභ ගණයේ වූ සුවිශේෂී සඳකඩ පහණක් වන්නේ නම් ඒ මෙයම පමණි. කෙසේ හෝ මෙම අපූරු සඳකඩ පහණ එදා පැවතියේ මෙම විහාරස්ථානයේ ඇති ප්‍රධාන වාහල්කඩ ඉදිරියේය. එම නිසා එය මිනිස් පාවලට පෑගීමෙන් ගෙවී ගොස් මෙන්ම දුර්වර්ණද වී තිබේ. නමුත් වර්තමානයේ එය ඉතා ආරක්ෂිත ලෙස ආවරණය කර ඇත. එම නිසාම එහි ආරක්ෂාව දැන් තහවුරුය. මෙම සඳකඩ පහණ එදා මිනිස් පයට පෑගී කොතරම් නම් ගෙවී ගියද අදටත් එහි ඇති කැටයම් සියල්ල පැහැදිලිව දැකගත හැකිය. එය මෙම අපූර්ව සඳකඩ පහණේ දැකිය හැකි සුවිශේෂී ගුණයකි. එම නිසාම පසළොස්වක පොහෝ දිනට මෙහි පැමිණෙන දහස් ගණනක් වූ මිනිසුන් මෙම සඳකඩ පහණ අසල බොහෝ වේලාවක් රැඳී සිටින ආකාරය දැකිය හැකිය.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

හැංගිලා හිටපු DIG නිලන්ත මඩකලපුවෙන් එළියට එයි

Next Post

ACL කේබල්ස් රන් සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.