රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් පසුගිය කාලයේ ඉතා රහසිගත ජීවිතයක් ගත කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත.
පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ නිලන්ත ජයවර්ධන මහතා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමටද හෙතෙම පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් ජනාධිපතිවරණයෙන් පසු නව බුද්ධි අංශ ප්‍රධානියා ලෙස සුරේෂ් සලේ මහතා පත් කිරීමට රජය පියවර ගත්තේය.