ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනාගත පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබපැතුම් ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය යටතේ 2018 වසරේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ දූ දරුවන් 300කට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන ලදී.
ව්‍යාපෘතියේ 2019 වසරේ වැඩසටහන දෙසැම්බර් 16 වැනි දින නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වූ අතර මේ සඳහා ශිෂ්‍යත්වලාභී සිසු දරු දැරියන්, මව්පියන්, විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාරිත්වය සහභාගි විය.
අඛණ්ඩව 6 වැනි වරටත් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සිසු දරු දැරියන්ට සිය අධ්‍යාපනික ඉලක්ක ළඟාකර ගැනීම සඳහා මහඟු දායකත්වය ලබාදී ඇති අතර මේ වන විට ශිෂ්‍යත්ව 1200කටත් වඩා පිරිනමමින් රුපියල් මිලියන 50කට අධික මූල්‍යමය ශිෂ්‍යත්ව ලබාදීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්වී තිබේ.











