• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

2020 රට ‌ලෝකය ‌හොල්ලන අනාවැකි ‌මෙන්න

December 29, 2019
in News, Politics, Uncategorized
Reading Time: 2 mins read
A A
2020 රට ‌ලෝකය ‌හොල්ලන අනාවැකි ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

නව වසරක් ආරම්භ වීමට පෙර එළැඹෙන වසර පිළිබඳ අනාවැකි පළ කිරීම ලෝකය පුරාම සිදු වන්නකි. ඒ වෙනුවෙන්ම කැපවූ අනාවැකිකරුවන් රාශියක්ද ලෝකය පුරා ප්‍රචලිතව ඇත. ශ්‍රී ලංකාව තුළ එලෙස ජනප්‍රිය වූ අනාවැකිකරුවන් අතර හෝමාගම ජෝතිෂ්‍ය සහ ගුප්ත ශාස්ත්‍ර මධ්‍යස්ථානාධිපති වික්‍රමආරච්චි වෙද මහතාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. වික්‍රමආරච්චි වෙද මහතා සඳහන් කරන ආකාරයට ඔහු විසින් පසුගිය කාලයේදී පැවසූ අනාවැකි සියල්ල සත්‍ය වී ඇත. පසුගියදා සිදුවූ ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් තමන් පැහැදිලිව අනාවැකි පළ කළ බව පවසන වෙද මහතා වැඩි දුරටත් පවසන්නේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද තමන් නිශ්චිතව සඳහන් කළ බවය. නමුත් බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීමෙන් එය වළක්වා ගැනීමට තිබූ ඉඩකඩ නැතිවූ බව පවසන වික්‍රමආරච්චි වෙද මහතා මෙවරද එම අනාවැකිය පළ කරන්නේ තමන් පවසන කිසිවක් සිදු නොවේවා යන ප්‍රාර්ථනය සමඟය. ඒ අනාවැකියෙන් පළවන කරුණු කාරණා එතරම්ම ඛේදනීය ඒවා වීම එයට හේතුවය. ඒ සියල්ල නිශ්චිතවම සිදු වන බව තමන්ට 1000%ක් විශ්වාස නමුත් පාලකයන් සහ ජනතාව උනන්දු වන්නේ නම් එම උවදුරුවලින් සිදුවන හානිය අවම කර ගත හැකි බවද ඒ මහතාගේ අදහසය.
විශ්ව කර්ම නමැති යූටියුබ් චැනලය හරහා ප්‍රචාරය වූ වික්‍රමආරච්චි මහතාගේ අනාවැකියන් සඳහා අන්තර්ජාලය තුළ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය. එහිදී පළ වූ බොහෝ කරුණු ඉතාම තීරණාත්මක ඒවා වූ අතර ඒවා පිළිබඳ කිසිදු වගකීමක් දැරීමට අප පුවත්පත සූදානම් නැත. මෙතැන් පටන් පළ වෙන්නේ අන්තර්ජාලය හරහා වික්‍රමආරච්චි වෙද මහතා පළ කළ අනාවැකි පෙළය.
වික්‍රමආරච්චි වෙද මහතා තම අනාවැකි පළ කිරීම අරඹන්නේ ඉදිරි දෙවසර තුළ සමාජයීය වශයෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන තත්ත්වයන් පිළිබඳ අදහස් දක්වමිනි.
“සමාජයීය වශයෙන් ගත්තොත් මුලින්ම කියන්න ඕනේ ජාත්‍යන්තර වශයෙන් කුමන්ත්‍රණයක්, නීතිමය ගැටලුවක් රටට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නීතිමය ගැටලුවක් රටට පැන නඟින්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර සංවිධානවලින් ලංකාවට එරෙහිව දියත් කරන කුමන්ත්‍රණයකුත් මේ වසරේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සුවිශේෂී රටවල් තුනක් එකට එකතු වෙලා තමයි ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. ඒ තුළින් රටට අපකීර්තියක් වගේම රටේ ඉහළ දේශපාලනඥයන් කිහිප දෙනකුට යම් චෝදනා එල්ල වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඉදිරි වසර දෙක තුළ භාණ්ඩ මිල ශීඝ්‍ර වශයෙන් ඉහළ යාවි. ඒ ඉහළ යෑම තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ දැඩි හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතීතයේ තිබුණු හාල් පොලු වාගේ භාණ්ඩ මිලදී ගැනීමේදී යම් සීමාවන්ට යටත්ව ඒවා මිලදී ගැනීමට සිදු වන තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඒ වගේම ඒකාධිකාරයක් පවත්වා ගෙන ගිය අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් ඒ කියන්නේ සුදුපාට ආහාර ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන ආයතනයක් ඉදිරි වසර තුළ වසා දැමීම සිදු වෙන්න පුළුවන්. පෙබරවාරි මාසයේ ඉඳන් ලංකාවේ ආර්ථිකය යම් ආකාරයෙන් වර්ධනය වුණත්, එය මිනිසුන්ගේ දියුණුවට හේතු වෙන වර්ධනයක් නෙවෙයි. ඒ වගේම ප්‍රධාන පෙළේ ව්‍යපාරිකයෙකුගේ සිර ගත වීමකුත් ඉදිරි වසර දෙක තුළදී සිද්ධ වෙන්න පුළුවන්. කෘමි උවදුරක් නිසා ලංකාවේ වගාවන් කඩා වැටීමත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම උතුරු, කොළඹ හෝ නුවර ප්‍රදේශය තුළ සමූහ මිනිස් අනතුරක් සිද්ධ වීමේ අවදානමකුත් ලබන දෙවසර තුළ තියෙනවා. ඒ පිළිබඳ රජය සහ ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලයි මම කියන්නේ.
දේශපාලනය පැත්තෙන් ගත්තොත් කිසිවෙකු නොසිතූ පුද්ගලයෙක් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළියක් ඉදිරි දෙවසර තුළ සිදු කරනවා. ඒ වගේම සියදිවි නසා ගැනීම්, බෝවන රෝග සහ හදිසි අනතුරුවලින් මිය යන ප්‍රමාණයත් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම රටම ආදරය කරපු ස්වාමීන් වහන්සේ නමකගේ මිය යෑමත් ඉදිරි දෙවසර තුළ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවම ආදරය කරපු නිළියකගේ මිය යෑමත් ඉදිරි වසර දෙක තුළදී සිදු වෙනවා. ඒ වගේම ගායනයෙන් රංගනයෙන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල දක්ෂතාවක් දක්වපු කෙනකු සුව කළ නොහැකි රෝගී තත්ත්වයකට පත් වීමත් ඉදිරි දෙවසර තුළ සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු ගැන විශේෂ පුවතක් ඉදිරි වසර දෙක තුළ අහන්න ලැබෙනවා. කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවල පැතිර යන රුධිරාශ්‍රිත හඳුනා නොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් විශාල පිරිසක් රෝහල් ගත වීම සහ මිය යෑම ඉදිරි දෙවසර තුළ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරි දෙවසර තුළ දන්ත ධාතූන් වහන්සේගේ සුවිශේෂී හාස්කමක් සිද්ධ වෙනවා.”
ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන බලපෑම් වික්‍රමආරච්චි වෙද මහතා විස්තර කරන්නේ මෙසේය.
“පැහැදිලිවම ඉදිරි දෙවසර තුළ ආර්ථිකය යහපත් වෙන්නේ නැහැ. ඒත් ජාත්‍යන්තර ආර්ථික ප්‍රදාන ලැබීම ඉහළ යන්න පුළුවන්. බලාපොරොත්තු නොවූ රටවල් දෙකකින් ඉදිරි දෙවසර තුළ ආර්ථික ප්‍රදානයන් ශ්‍රී ලංකාවට ලැබේවි. ඒ හරහා බලාපොරොත්තු නොවන ආර්ථික වර්ධනයක් සිදු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම බලාපොරොත්තු නොවන ආර්ථික කඩා වැටීම් ඉදිරි දෙවසර තුළ බහුලයි. දුක් විඳලා මහ පොළොව එක්ක හැප්පෙන ගොවියෙකුට නිල් පැහැති දෙයක් මහ පොළොවෙන් හම්බ වෙන්න පුළුවන්. පොළොවට උරුම දේ තුළින් ව්‍යාපාර කරන ඒ කියන්නේ ගොවිතැන, මැණික් සහ මිනිරන් කර්මාන්ත නොසිතූ විදියට කඩා වැටෙන්න පුළුවන්. ලංකාවේ සුප්‍රසිද්ධ පූජා භූමියක සිදුවන අනතුරකින් ලංකාවේ මිනිස්සු රැසකට රෝහල් ගත වෙන්න සිදු වෙනවා. ඒ හින්දා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන එක හොඳයි. ඒක කුමන ආගමකට අයත් එකක්ද කියන එක නම් මට දැන්ම කියන්න බැහැ. ඒ වගේම ප්‍රසිද්ධ පූජා භූමියක සිදු වන මහා පරිමාණ සොරකමක් හින්දා රට ඇතුළේ විශාල කැලඹිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒ සොරකම කහ පාට ඇඳ ගත්තු කෙනෙක් වග කිව යුතු වෙනවා. දකුණු පළාතේ විශාල තාප්පයක් කඩා වැටීමෙන් රටේ උරුමයක් විනාශ වීමත් ඉදිරි කාලයේදී සිද්ධ වෙනවා. නමුත් සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි මාසයෙන් පස්සේ ඉහළ යාවි. ඒ හරහා සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් අත් කර ගන්න පුළුවන් වුණත්, කෑම විසවීමක් හරහා විශාල සංචාරකයන් පිරිසක් රෝහල් ගත කරන්නත් ඉදිරියේදී සිද්ධ වෙනවා. ඒ කෑම විෂ වීම සිද්ධ වෙන්නේ ලංකාවේ අංක එකේ තරු පන්තියේ හෝටලයක. ඒ හින්දා ලංකාවේ දේශපාලකයෙකු ඇතුළු තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනකුට රෝහල් ගත වෙන්න සිද්ධ වේවි.”
තමන් පවසන අනාවැකි සිදු නොවන්නේ නම් තමන් කැමැති බව පවසන වික්‍රමආරච්චි වෙද මහතා වැඩි දුරටත් පවසන්නේ එය රටේ පාලකයන්ගේ වගකීමක් බවය.
“මේ අනාවැකි සමාජ ගත කරන එක තමයි මගේ වගකීම. හැබැයි ඒවා ගැන කිය කිය රටේ නායකයෝ පස්සේ යන එක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි. මම කලින් කිව්ව අනාවැකි එකක් ගැනවත් කවුරුවත් සැලකිලිමත් වුණේ නැහැ. එහෙම වුණා නම් මේ රටේ ලොකු විනාශයක් වළක්ව ගන්න තිබුණා. ඒ හින්දා දැන්වත් මේවා වළක්ව ගන්න කටයුතු කරන එක නායකයන්ගේ වගකීම. ඒ වගේම මේව නවත්තගන්න ඕන විදිය මම දන්නවා. රටේ නායකයෝ ඒ ගැන ඇහුවොත් ඒක කියලා දෙන්න මම සූදානම්.”
ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට බලපාන පාරිසරික බලපෑම පිළිබඳව වෙද මහතා අනාවැකි පළ කරන්නේ මේ ආකාරයෙනි.
“ඉදිරි වසර දෙක පාරිසරික වශයෙන් එතරම් සුබදායක නැහැ. ඉදිරි වසර දෙක තුළ උෂ්ණත්වය ඉතා විශාල වශයෙන් ඉහළ යාවි. ඒ වගේම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල රට තුළ හිතා ගන්න බැරි තරමේ ශීත තත්ත්වයක් ඇති වේවි. ඒ වගේම ජීවිතේට දැකලා නැති හිමත් කන්ද උඩරට ප්‍රදේශයේදී දකින්න ලැබේවි. කන්ද උඩරට ප්‍රදේශයේ විශාල නායයෑම් වගේම රත්නපුර හෝ උඩරට ප්‍රදේශයේ විශාල ගමක් සම්පූර්ණයෙන්ම ගිලා බැසීමත් ඉදිරි දෙවසර තුළ සිද්ධ වෙනවා. ඒ ගැනත් වැඩි අවධානයක් යොමු කරන එක හොඳයි. ඒ ගම ගැන තව ටිකක් විස්තර කරනවා නම් අතීතයේ ඉඳන් පැවතගෙන එන නම් දරාපු ගහක් තියෙන ගමක් තමයි ඒ අවදානමට මුහුණ පාන්නේ. ඒ වගේම සුළි සුළඟක් මඟින් ප්‍රදේශ කිහිපයක් විනාශ වීමත් ඉදිරි දෙවසරේදී සිද්ධ වෙනවා. පොළොව හෙල්ලීම් රැසක් වගේම ඉන්දියන් සාගරය තුළ සිද්ධ වන්නා වූ විශාල භූමි කම්පාවකුත් ඉදිරි වසර දෙක තුළ සිද්ධ වේවි. ඒ වගේම ලංකාව හරහා ගිහින් ඉන්දියාවට ඇතුළු වෙන දරුණු සුළි සුළඟකටත් ඉදිරි කාලයේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වේවි. ඒක අපි මෙතෙක් අත්දැකපු සෑම සුළි සුළඟකටම වඩා දරුණු එකක් වේවි කියලත් කියන්න ඕනේ. ඒ වගේම යාපනය සහ උතුරු ප්‍රදේශවල මුහුදු ඛාදනය අධික වීමත්, ලංකාව ආසන්නයේදී නැවක් ගිලී යෑමත් ඉදිරි දෙවසර තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ගුවන් යානයක් අනතුරට පත් වීමේ හැකියාවකුත් තියෙනවා. ඒක ඉන්දියාව හරහා ගමන් කරන ගුවන් යානයක්. ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරන එක හොඳයි. ඒ වගේම දකුණු පළාතෙන් සහ බස්නාහිර පළාතෙන් ගලා බසින ගංගා දෙකක් පිටාර ගැලීමත් ඉදිරි දෙවසර තුළ සිද්ධ වේවි.”
මේ ආකාරයෙන් ඉදිරි දෙවසර තුළ සිදු වන ව්‍යසන බොහෝ ප්‍රමාණයක් පිළිබඳ අනාවැකි පළ කළද, 2020 වසර ලංකාවේ කේන්දරය අනුව සුබදායී වසරක් බවට පළ වන මත සම්බන්ධයෙන් වික්‍රමආරච්චි වෙද මහතා අදහස් දැක්වූයේ මෙසේය.
“එහෙම සුබ වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඒත් එතැනින් එහාට ඒ ගැන මොකුත් කියන්න මම කැමැති නැහැ. ඒත් මම මේ කියන හැමදේම 1000%කින් සිද්ධ වෙන බව මම දන්නවා. ඒත් ඒවා වළක්වගන්න රටේ පාලකයන්ට සහ රට වැසියන්ට පුළුවන්.”
බොහෝ දෙනකුගේ අවධානය යොමුව ඇති ඉදිරි දෙවසරෙහි ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් වික්‍රමආරච්චි වෙද මහතා පළ කරන අනාවැකිය මෙසේය.
“දැන් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් පළ කරන අනාවැකිය ගැන. ඒත් මම ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් කිසිම අනාවැකියක් කියන්නේ නැහැ. ඒක මම කලිනුත් කිව්වා. නමුත් මම දේශපාලනය ගැන අනාවැකි කියනවා. වර්තමාන ජනාධිපතිතුමාට යම් පීඩනයකට මුහුණ දෙන්න සිදු වන ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් එල්ල වෙන වසරක් විදියට ඉදිරි වසර නම් කරන්න පුළුවන්. ඒ වගේම දැඩි පීඩනය යටතේ එතුමා තීරණාත්මක දැඩි තීන්දු කිහිපයක් ගන්නා බවත් කියන්න ඕනේ. ඒ තීන්දු රටේ දේශපාලනය තුළ දැඩි වෙනසක් ඇති කරාවි. අලුතෙන් පත්වන අගමැතිතුමාට ආණ්ඩුව ගෙන යෑමේ අසීරුතාවයකට පත් වෙන්න වෙනවා. ඒ කියන්නේ නොසිතෙන විදියේ ඔළුගෙඩි මාරුවක් ඉදිරි දෙවසර තුළ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා. ඒ වගේම රටේ කැබිනට් ඇමැතිවරයෙකට දැඩි අපල තත්ත්වයකුත් ඉදිරි දෙවසර තුළ පෙන්වනවා. ඒ වගේම ඇමැතිවරයෙක් හදිසි අනතුරකින් ඔත්පළවීමත් සිද්ධ වෙනවා. නව පාර්ලිමේන්තුවේ අලුත් මුහුණු රැසක් දකින්න ලැබේවි. ඒ අලුත් මුහුණු විසින් සිදු කරන වෙනස හරහා රටට යහපතක් කරන්න උත්සාහයක් ගනීවි. ඒක කබලෙන් ළිපට වැටීමක් විතරයි. ඒ වගේම රටේ රාජ්‍ය නායකයන්ට ජාත්‍යන්තර බලපෑම් රැසක් එල්ල වන වසර දෙකක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම රටේ ආන්දෝලනාත්මක තීන්දු තීරණ කිහිපයක්ම දේශපාලන නායකයන් විසින් ගනීවි. 19 වැනි සංශෝධනය අස්සන් කරන්න එපා කියලා මම ඒක එන්න කලින්ම කිව්වා. මම අද කියනවා ජාත්‍යන්තර ගිවිසුම් දෙකක් සහ රටේ ව්‍යවස්ථාමය ගිවිසුමක් ඉදිරි දෙවසර තුළ අස්සන් කරාවි. දෙකම ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි. රට සල්ලි ලැබේවි කියලා හිතාගෙන අස්සන් කරන එම ගිවිසුම් හින්දා රට තුළ ගැටලු ගොඩක් ඇති වේවි. ඒ වගේම උතුරු පළාත සම්බන්ධ දේශපාලකයෙකුගේ මිය යෑමත් සිද්ධ වේවි. ඒ වගේම උතුරු පළාත තුළ අලුත් පක්ෂයක් බිහිවීමත් සිද්ධ වේවි. ඒක අනාගතය වෙනුවෙන් බිහිවන පක්ෂයක්. මුස්ලිම් සහ ද්‍රවිඩ සම්භවය සහිත බොහෝ දෙනකු එම පක්ෂය සමඟ එකතු වීමත් සිද්ධ වේවි. ඒ වගේම දකුණු පළාත මුල් කර ගනිමින් අලුත් දේශපාලන පක්ෂයක් බිහි වීමත් ඉදිරියේදී සිද්ධ වේවි. එම පක්ෂය රටේ වෙනසක් සිදු කිරීම වගේම රටේ අනාගතය තීන්දු කරන පක්ෂය බවටත් එම පක්ෂය පත් වේවි. ඒ වගේම දන්ත ධාතූන් වහන්සේගෙන් සිදුවන ආශ්චර්යය රටේ දේශපාලනය තුළ කැලඹීමක් ඇති කිරීමට හේතු වේවි. ස්වාමීන් වහන්සේ නමක් දේශපාලන පොර පිටිය තුළ සිදු කරන්නා වූ එක්තරා සිදුවීමක් හේතුවෙන් සංඝ සමාජයම දේශපාලනය තුළ සහ සමාජය තුළ හානියකට අපකීර්තියකට පත් වීම සිද්ධ වේවි. ඒ වගේම විපක්ෂයේ සිටින දේශපාලකයෙකුගේ සිරගත වීමත් ඉදිරි කාලයේදී සිද්ධ වේවි. රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්, වෘත්තීයවේදියෙක් තමයි ඒ විදියට සිර ගත වෙන්නේ. ඒ සිරගත වීම තුළ රටට යම් ගැටලුවලට මුහුණ දෙන්නත් සිද්ධ වේවි. ඒ වගේම විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගේ මිය යෑමත් මේ වසර තුළ සිද්ධ වේවි.
ශ්‍රී ලංකාව පිළිබඳ ඒ ආකාරයෙන් අනාවැකි පළ කරන වෙද මහතා විදේශීය රටවල් සම්බන්ධයෙන් තම අනාවැකිය පළ කරන්නේ මේ ආකාරයෙනි.
“ඇමෙරිකාවේ සුවිශේෂී වෙනසක් වගේම සුවිශේෂී සොයා ගැනීමකුත් සිද්ධ වේවි. ඒ වගේම නාසා ආයතනය ලෝකය බලාපොරොත්තු වුණු විදියේ පිම්මක් පනින වසරක් ලෙසත් ඉදිරි වසර සටහන් වේවි. ඒ වගේම පිටසක්වළ ග්‍රහලෝකයක් පෘථිවියට කඩා වැටීමත් ඉදිරි වසර දෙක තුළ සිද්ධ වේවි. ආර්ථික වශයෙන් ගත්තොත් චීනයේ විශාල ආර්ථික කඩා වැටීමක් ඉදිරි වසර දෙක තුළ සිද්ධ වෙනවා. ඒ වගේම ජපානයේත්, සිංගප්පූරුවෙත් කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. තුන්වන ලෝකයේ සුවිශේෂී වූ රටවල් කිහිපයක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන අතර එංගලන්තයේ අගමැති කෙනකුගේ මිය යෑමත් සිද්ධ වේවි. ඒ වගේම ලෝකයේ ප්‍රධාන රජ පවුලකට සම්බන්ධ කාන්තාවක් මිය යෑමත් ඉදිරි කාලයේදී සිද්ධ වේවි. පාරිසරික වශයෙන් භූමිකම්පා, ගංවතුර සහ කාල විපර්යාස සිදුවන වසර දෙකක් විදියට ශීත කාලය උණුසුම් වෙන්නත්, උණුසුම් කාලය ශීත වෙන්නත් පුළුවන් වසර දෙකක් බවට මේ කාලය පත් වේවි. නොසිතූ ආකාරයක සුනාමි අවදානමක් ජපානය, මාලදිවයින සහ ඒ ආශ්‍රිත රටවල්වලට බලපාවි. ඒ වගේම නැවතත් ලංකාව ගැන කතා කළොත් මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ලංකාවේ ප්‍රධාන වනාන්තරයක් දැවී යෑමත් ඉදිරි කාලයේදී සිද්ධ වේවි.”

සැලකිය යුතුයි

වික්‍රමාරච්චි වෙද මහතාගේ මතභේදාත්මක අනාවැකි සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ පළවී තිබූ අදහස්ද විවිධාකාරය.
“ජෝතිෂ්‍යය යනු මිථ්‍යාදෘෂ්ටික මතයකි. බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය තුළ මිථ්‍යා දෘෂ්ටිකයෙක් වීමෙන් අපාගත වීමටද පුළුවන එම නිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය පමණක් විශ්වාස කරන්න තෙරුවන් සරණයි.”
“එන අවුරුද්දෙත් උදේ වැඩට යයි හවස ගෙදර එයි. අත හෙල්ලුවොත් කට හෙලවෙයි. ඕවා ඕනවට වැඩිය හිතන්න ගිහින් නිකම්ම සෙනසුරු ලබනවා අපට.”
“කියන්නට කිසිවක් නොමැත. බුද්ධිමත් ඔබ බුද්ධිමත්ව හිතන්න. විස්ව කර්ම නැතත් ඔබෙ පව පින අනුව. අදහන ආගම අනුව ඔබෙ කටයුතු කරන්න. මිථ්‍යා මතවලින් ඈත් වන්න.”
“ගොවියාට පොළොවෙන් හම්බවෙන නිල් පාටට හුරුදෙය වතුර වෙන්න බැරිද. වියළි කලාපයේ ගොවියෙකුට පොළොවෙන් ලැබෙන වටිනාම දෙය ජලය තමයි. නැතුව ඉතින් ගොවියෙකුට නිල් කැට ලැබුණා කියලා මොනව කරන්නද.”
“ජෝතිශ්‍යකාරයෙක්. මෙයා කියන්නේ මේ ලාංකිකයෙක් විදිහට සාමාන්‍ය මනුස්සයෙක් වෙයි කියලා හිතන්න පුළුවන් දේවල්. බොරුකාරයෙක්.”
ඒ එලෙස පළ වී තිබූ අදහස් කිහිපයකි.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

වෙනමම පාලනයක් තියෙන ලංකාවෙම කෑල්ල

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් දූ දරුවන්ට ශිෂ්‍යත්ව 300ක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.