• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නුවර අහස යට හැංගුණු කතාව

December 30, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නුවර අහස යට හැංගුණු කතාව
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඇති පූජනීය බෞද්ධ සිද්ධස්ථාන කිහිපයකි. අනුරාධපුරය, පොළොන්නරුව, කතරගම සහ මහනුවර ඒ අතරින් ප්‍රසිද්ධම පූජනීය ස්ථාන බව රහසක් නොවේ. එහෙත් මෙම කාලයට එම පූජනීය ස්ථාන අතරින් වඩාත් ඉස්මතු වන්නේ මහනුවරයි. ඊට සමීප හේතුව වන්නේ අගෝස්තු මාසයට ශ්‍රී දළදා මාලිගාව මුල්කරගෙන පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයයි. මෙවරද එම දළදා පෙරහැර මංගල්‍යය මහත් ඉහළින් පැවැත්වෙන මොහොතක ශ්‍රී දළදා මාලිගාව ගැන කතා නොකරම බැරිය. එසේ කතා නොකර බැරිවන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව මුල්කරගෙන මෙම පෙරහැර මංගල්‍යය මහත් ඉහළින් පැවැත්වීමයි. ඒ, එහි වැඩවසන උතුම් වූ දළදා වහන්සේ වෙනුවෙනි. මෙම ලිපියේ අන්තර්ගතය වන්නේද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අතීතයේ සිට වර්තමානය දක්වා විකාශනය වූ දළදා මාලිගය ගැන ඇති සම්පූර්ණ කතාවයි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ශ්‍රී දළදා මාලිගාව යනු බුදු රජුන්ගේ වාම දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති වටිනා ඓතිහාසික ස්ථානයයි. මෙම මහනුවර දළදා මාලිගාව ඉදිකළේ පළමු වැනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එහෙත් එය පෘතුගීසින් විසින් විනාශ කර දැමූ අතර වර්තමානයේ දැකගන්නට ලැබෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ඉදිකළ දළදා මාලිගාවයි. පසු කලෙක රාජ්‍යත්වය ලැබූ බොහෝ රජවරු ශ්‍රී දළදා මාලිගාව වැඩිදියුණු කරමින් ආරක්ෂා කර ඇත. වර්තමානයේ මහනුවර දක්නට ලැබෙන්නේ එසේ වැඩිදියුණු කළ දළඳා මාලිගාවයි. මේ අතර දළඳා මාලිගාව ඇතුළුව මහනුවර නගරයම ලෝක උරුම නගරයක් ලෙස යුනෙස්කෝව ප්‍රකාශයට පත්කර තිබේ.

දළදා වහන්සේට දිනපතාම නිසි පුද පූජා සත්කාර පැවැත්විය යුතුය. එය අතීතයේ සිට පැවැත එන පැරැණි සිරිතකි. විශේෂයෙන්ම මල්වතු සහ අස්ගිරි යනුවෙන් හැඳින්වෙන දෙපාර්ශ්වයේ ස්වාමින් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට මෙසේ පුද පූජා සත්කාර කරනු ලබති. දළදා තේවාව ලෙස අප හඳුන්වන්නේ එයයි. එය පාන්දර සහ දවල් මෙන්ම සවස ලෙස දිනකට තුන්වරක් කළ යුතුය. එහෙත් බදාදා දිනය තුළ පවත්වන්නේ විශේෂ පූජාවකි. එය “නානුමුර මංගල්‍යය” යනුවෙන් හැඳින්වෙයි. එහිදී සිදුවන්නේ සුවඳ ගන්වා ඇති ඖෂධීය ජලයෙන් සංකේතාත්මක ලෙස දළදා වහන්සේ ස්නානය කරවීමයි. එසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයෙහි විවිධ වූ රෝග සුවපත් කිරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාසයයි.

දළදා වහන්සේ වැඩවසන දළදා මාලිගය අතීතයේ විවිධ නම්වලින් හඳුන්වා දී තිබේ. ධාතුඝරය, දළදා ගේ, දළදා මන්දිරය ආදී නම් ඊට නිදසුන්ය. අතීතයේ සිටම ජනතාවගේ පිළිගැනීම වූයේ රටේ රජුට දන්තධාතූන් වහන්සේගේ භාරකාරීත්වය හිමිවිය යුතු බවයි. ඒ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළ බව ඓතිහාසික කතාවලින් පැවසෙයි. සැබෑවටම මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිකර ඇත්තේ ආරක්ෂිත ස්ථානයක් තුළය. එහි එක් පසෙකින් සීතල හන්තාන කඳුවැටිය ඇති අතර අනෙක් පසින් ඇත්තේ උඩවත්ත කැලයයි. මේ අතර බහිරව කන්දද තවත් පැත්තකින් දිස්වෙයි. ඉතා සෞම්‍ය දේශගුණයක් ඇති මහනුවර ආරක්ෂිත ප්‍රදේශ ලෙස සඳහන් වන්නේ අලුත්නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, ගලේ නුවර, නිළඹේ නුවර සහ සෙංකඩගල නුවරයි.

අතීතයේ මහනුවර හැඳින්වූයේ “ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය” ලෙසිනි. ජනප්‍රවාදයේ ඇති ලෙසට දඹදෙණිය රාජධානියේ හතරවැනි පරාක්‍රමබාහු රජුගේ බෑනා කෙනකු වූ “සිරිවර්ධන” නැමති අය ක්‍රි.ව.1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වූ ප්‍රදේශය අසල ප්‍රදේශය “සෙංකඩගල සිරිවර්ධනපුරය” නමින් නගරයක් ආරම්භ කළ බව පැවසෙයි. එය මහනුවර නගරයයි. තව ජනප්‍රවාදයක පැවසෙන්නේ “සෙංඛණ්ඩ” නම් බ්‍රාහ්මණයෙකු නමින් මෙම නගරය ඉදිකළ බවයි. එමෙන්ම තුන්වැනි වික්‍රමබාහු රජුගේ අග මෙහෙසිය වු “සෙංඛණ්ඩා” නම් දේවිය නමින් මෙම නඟරය ඉදිකළ බවද තවත් එක් ජනප්‍රවාදයකි. මෙම නගරයේ තිබූ “සෙංකඩගල” නම් රක්ත වර්ණ පාෂාණයක් නිසාවෙන් මෙම නගරයට එම නම භාවිත වූ බවද තවත් ජනප්‍රවාදයකි. මේ අතර ගම්පොළ රජ පවුලෙන් ආ සේනා සම්මත වික්‍රමබාහු රජු දළදා මාලිගය තිබූ ප්‍රදේශය “සෙංකඩගල පුරය” ලෙස නම් කළ බව පැවසෙයි. මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා වන්නේද ඔහුයි. එම රජු බුදු සසුනට විශාල මෙහෙයක් කළ අයෙකි. කෙසේ හෝ මහනුවර සිය රාජධානිය කරගනිමින් රජවරු දහදෙනකුන් පමණ මහනුවර රාජ්‍යත්වය දරා තිබේ. එහි අවසාන රජු වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. ඔහු සිංහලයේ අවසාන රජු ලෙසද සැලකෙයි.

විශේෂයෙන්ම මහනුවර දළදා මාලිගයේ ඇති සුවිශේෂී නිර්මාණයන් අතර පැරැණි මඟුල් මඩුව සහ පත්තිරිප්පුව නිර්මාණය කර ඇත්තේ දේවේන්ද්‍ර මූලාචාරීන් විසිනි. ඔහු එදා සිටි දක්ෂ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙකි. දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ තනතුර දරන්නේ ”ප්‍රදීප් නිලංග දෑල” මහතාය. කන්ද උඩරට පාලනය ඉංග්‍රීසින් අතට පත්වන විට මෙහි දියවඩන නිළමේ තනතුර දැරුවේ “කපුවත්තේ අදිකාරම්” නම් නිළමේතුමාය. ඔහුගෙන් පසුව අද දක්වා දියවඩන නිලමේවරු 19ක් පමණ මෙම මෙම උතුම් තනතුර දරා තිබේ. දියවඩන නිළමේ කෙනකුගේ ධුර කාලය වසර දහයකි. සැබෑවටම එය දීර්ඝ කාලයකි. මේ අතර වර්තමාන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතයක් වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පවා ලක් වී ඇත. තවද පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වන්නේද දියවඩන නිළමේතුමාය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව ප්‍රධානතම දේවාලයන් හතරකි. සිව්මහා දේවාලයන් ලෙස අප හඳුන්වන්නේ එයයි. එම ප්‍රධාන දේවාල හතර වන්නේ විෂ්ණු දේවාලයත් කතරගම දේවාලයත් පත්තිනි දේවාලයත් සහ නාථ දේවාලයත්ය. එයින් කතරගම දේවාලය හැර ඉතිරි සියලු දේවාල මහනුවර දළදා මාලිගය සමීපයේදී දැකගත හැකිය. විශේෂයෙන්ම 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වාම ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම සිව් මහා දේවාලයෙන්ද මහා පෙරහැර හතරක් පැවැත්වෙයි. එමෙන්ම අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ මංගල්‍යය සහ කාර්තික මංගල්‍යය ලෙස මහනුවර දළදා මාලිගාවේ අතීතයේ සිට පැවතගෙන එන මංගල්‍යයන් හතරකි. තවද දළදා මාලිගාව සතුව ප්‍රසිද්ධ ඇත් පන්තියක් මෙන්ම කෞතුකාගාරයක්ද පවතියි. විශේෂයෙන්ම මෙම කෞතුකාගාරය තුළ ඓතිහාසික අතින් වැදගත්ම වස්තූන් රැසක්ද පවතින බව රහසක් නොවේ.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

අලුත් අවුරුදු සිරිය වඩන කිරිබත්

Next Post

ගෝඨාගේ ආණ්ඩු‌වේ පළමු විදෙස් ආයෝජනය ‌ලෙස ‌කොළඹට සුපිරි ‌හෝටලයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.