නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය වශයෙන් ඇ.ඩො. මිලියන 25ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් ලැබී තිබේ.
Perennial Real Estate Holdings සමාගම මගින් කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරෙන අතර මහල් 30 ක වාණිජ කුලුනක් සහ නව නිවාස ඒකක 700 ක් ඒ හරහා ස්ථාපනය කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමි වී තිබේ.










