HNB ඇෂුවරන්ස් PLC (HNBA) සමාගම විසින් පවත්වනු ලබන උත්සව අතරින් වඩාත් ආකර්ෂණයට ලක් වී ඇති, අලෙවි බළකාය ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයේ 2021 වසරට අදාළ සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. මෙවර සම්මාන උළෙලෙහි දී 2021 වර්ෂය තුළ කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කරමින් ඉහළම දස්කම් දැක්වූ, අලෙවි බළකායේ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් වූ අතර, උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස HNBA සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවන් සහභාගි වූහ.
HNBA අලෙවි සම්මාන 246ක් ලෝකඩ, රිදී, රන්, අධි රන් සහ විශිෂ්ටතා සම්මාන යන කාණ්ඩ යටතේ පිරිනැමුණු අතර, හොඳම සේවා මධ්‍යස්ථානය, හොඳ ම කලාප කළමණාකරු, හොඳම කණ්ඩායම් කළමනාකරු, හොඳම ප්‍රාදේශීය කාර්යාල කළමනාකරු සහ MDRT සුදුසුකම් ලැබූවන් යන අංශ යටතේ සම්මාන 71ක් මෙවර පිරිනැමිණි. 2021 අලෙවි විශිෂ්ටත්ව සම්මාන රාත්‍රියේ දී ‘හොඳම රක්ෂණ උපදේශකවරිය’ට හිමි සුවිශේෂ සම්මානය ශ්‍යාමලී ලියනගේ විසින් දිනාගත්තාය.











