මේ වසරේ රජත පුස්තක සම්මාන උළෙලේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සාහිත්‍යවේදීනී සඳරැසී සුදුසිංහගේ ‘ගිනි වැදුනු පියාපත්’ කෘතිය තේරී පත්ව ඇත.
විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස සංසාර කමටහන් සහ විශිෂ්ටතම යොවුන් නවකතාව වහන්කඩ තෝරාගෙන තිබේ.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානයද ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් සඳරැසී සුදුසිංහ විසින් හිමිකර ගත්තාය.
මාධ්‍යවේදිනියකද වශයෙන් කටයුතු කරන සඳරැසී සුදුසිංහ සාහිත්‍යවේදිනියක වශයෙන්ද ප්‍රකටය.
ගිනි වැදුණු පියාපත් විදර්ශන ප්‍රකාශනයකි.











