• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තු ප්‍රශ්න නිසා ඈතට යන මොනරු

December 27, 2019
in Astrology
Reading Time: 1 min read
A A
වාස්තු ප්‍රශ්න නිසා ඈතට යන මොනරු
Share on WhatsAppShare on Facebook

සාමාන්‍ය ව්‍යවහාරයේ මොනර කොළ කියන්නේ රුපියල් දාහේ නෝට්ටුවලට. මොනරාට ගොඩාක් පියාඹන්න බැරි වුණත් දාහේ නෝට්ටු නම් ඉගිල්ලිලා යනවා කියලා බොහෝ දෙනෙක් පවසන්නේ ඉතිරියක් නැතිකම සංකේතවත් කරමින්. අපි ලක්ෂ ගණනින්, කෝටි ගණනින් මුදල් හරි හම්බ කළත් මොනවා හරි දෙයකට මුදල් වියදම් වී හොරු ගෙන ගිය ආකාරයෙන් අතේ සතේ නැති කරන වාස්තු දෝෂ ගැන අප අද උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු.
මෙම නිවෙසේ මුල් ගෘහමූලිකයා වර්තමාන ගෘහමූලික කාන්තාවගේ පියා. ඇඟලුම් කම්හල් කිහිපයක් හා මුද්‍රණාලයක හිමිකරුවෙක්ව හිටියා. පියාගේ මරණයෙන් පස්සේ අවුරුදු 35ක් විතර පරණ ගේ අලුත්වැඩියා කරන්න ඇය හිතුවේ සෑහෙන කාලෙකින් අලුත්වැඩියාවක් නොකරපු නිසා. නිවෙසේ දිග පළල වෙනස් කළේ නැහැ. නමුත් තිබුණු උඩු මහලටත් අලුත් කොටසක් ඈඳුවා. නිවෙස තුළත් යම් යම් වෙනස්කම් කර නවීකරණය කළා. මේ දේවල් කරලා අවුරුද්දක් දෙකක් ගත වන විට ව්‍යාපාරවල ටිකක් ප්‍රශ්න එන්න පටන් ගත්තා. අවුරුදු හයක් පමණ ගතවන විට නම් යහපතක් සිදුවුණේ නැහැ. ලක්ෂ ගානක මැෂින් කීපයක්ම කැඩුණා. ඒ අතරේ රෙදි ගබඩාවල අවුරුදු ගණනක් සිද්ධ වුණු හොරකම් නිසා පාඩු වුණා විතරක් නොවෙයි සේවක ප්‍රශ්න ඇති වුණා. කලට වේලාවට ඕඩර්ස් දෙන්න බැරිව ගොඩක් ඇඟලුම් ඇණවුම් කෑන්සල් වුණා. අවසානයේ බංකොලොත් වෙලා ඇඟලුම් කම්හල් දෙකක් වසා දමන තත්ත්වයට පත්වුණා. මූල්‍ය ගැටලු, පඩිනඩි නිසා නඩු වැටුණා. සැනසීමට කියලා තිබුණේ එක් ඇඟලුම් කම්හලක් සහ මුද්‍රණ ව්‍යාපාරය විතරයි. ඒකෙනුත් ලොකු ආදායමක් ලැබුණත්, ලැබුණ මුදල් ඉතිරියක් නැතිව වියදම් වෙලා ගියා. නිවෙසේ වාස්තු පරීක්ෂා කරන්න හිතුවේ මේ නිසා. නිවැසියන්ගේ ඇද වැටීමට මුල් වූ වාස්තු දෝෂ පෙන්වා දී දෝෂ නිවැරැදි කරගැනීමට මා උපදෙස් දුන්නේ මෙහෙමයි.

  1. චෞර පාදයේ පිහිටි දොර
    මෙම නිවෙසේ ප්‍රධාන දොර උඵවස්ස පිහිටියේ චෞර පාදයේ. ප්‍රධාන දොර උඵවස්ස මගින් නිවෙසක මංගල කාරණා හතරක් පාලනය කරනවා. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පවුල් ජීවිතයේ සතුට, සමගිය යන මේවාය. නිවෙසක සුබ අසුබ පාද සොයන්නේ ඉන්දියානු ගුරුකුල මතවාද අනුව නිවෙසක දිග, පළල ගෙන එය යම් ගණිතමය සිද්ධාන්තයකට ගුණ කර ලබා ගන්නා දත්තයන් මත. එමෙන්ම මෙහිදී නිවෙසේ හැඩයද සලකා බලනවා. නිවෙසක ප්‍රධාන දොර චෞර පාදයේ තිබීමෙන් එහි නමේ අර්ථය ලෙසම කරදර ඇති වේ. නිවෙසට සොර සතුරන්ගෙන් නිරන්තරයෙන් හානි සිදුවේ. ආදායම මාර්ග ඇන හිටියි. ජීවිත හොරු ගෙන යන තත්ත්වයට පත්වෙයි. අපේ රටේ තවමත් ප්‍රධාන දොර උඵවස්ස තැබීමේදී සලකා බලන්නේ දිශාව පමණි. සුබ දිශාවක දොරක් තැබූ පමණින් ධනය, සෞභාග්‍යය ගලා එන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් උතුර, ඊශාන දිශාවන්ට ප්‍රධාන දොර තබා බොහෝ දෙනකු සුබඵල බලාපොරොත්තු වෙයි. ඊශාන උතුරට ප්‍රධාන දොර තබා ඇති බොහෝ නිවෙස්වල කිසිදු සෞභාග්‍යයක් නොමැතිව දිනෙන් දින පිරිහෙන තත්ත්වයකට ඇද වැටී ඇති අවස්ථා මා බොහෝ වර දැක ඇත. ප්‍රධාන දොර උඵවස්ස ගලවා සුබ පාදයක තැබීමෙන් දෝෂය භංග කළා. නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන්ද මෙම දෝෂය භංග කළ හැකිය.
  2. පියාට වර්ග කර සෑදූ නිවෙස
    වාස්තු පරීක්ෂාව සඳහා නිවෙස සම්පූර්ණයෙන් මැන බැලීමේදී සොයා ගතහැකි වූයේ නියමිත වඩුරියන් ප්‍රමාණයකට අනුව වර්ග කොට සාදා ඇති බවයි. වාස්තු විද්‍යාවේදී වර්ග කිරීමේ සිද්ධාන්තයන් අනුව යම් ගෘහමූලිකයකුගේ උපන් නැකැතට ගැළපෙන පරිදි නිවෙසක දිග පළල නිර්ණය හෙවත් වර්ග කිරීම සිදු කෙරුවොත් ඔහුගෙන් පසු නිවෙසේ ඊළඟ උරුමකරුවන්ට නිවෙස පල දෙන්නේ නැහැ. ගෘහමූලික කාන්තාවගේ පියාට වර්ගකළ නිවෙසේ පියාගේ අභාවයෙන් පසු ඔවුන්ට පල නොදී ප්‍රතිඵලය ලෙස නිවෙසියන්ගේ ජීවිත පිරිහීම සිදුවිය. ගෙදර හැමෝටම පල දෙන පරිදි සුබ වූ දිග පළලක් ගෙන නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන් මෙම දෝෂය ඉවත් කළ හැකිය.
  3. ප්‍රධාන දොර කෙළින් පඩිපෙළ
    ප්‍රධාන දොර කෙළින් පඩිපෙළ නඟින ස්ථානය මුහුණට මුහුණ සිටින සේ තිබීම දෝෂ සහිතයි. මෙහිදී සඳහන් කරන්නේ දොර ළඟ සිටින්නකුට පඩිපෙළ පෙනීම නොව පඩිපෙළ බැස ගෙන පැමිණි විට ප්‍රධාන දොරෙන් ඇතු`ඵවෙන්න හා මුහුණට මුහුණ හමුවීම එනම් පඩිපෙළේ නැග්ම ආරම්භ වන්නේ ප්‍රධාන දොර කෙළින්. ප්‍රධාන දොර ඉවත් කිරීමත් සමඟ එම දෝෂය ඉවත් වෙයි. මෙලෙස පිහිටීමෙන් නිවැසියන්ගේ ජීවන ගමනට බාධක පැමිණෙන නිසා දැඩි මානසික අසහන ඇති වෙනවා.
    නිවෙසේ වාස්තු දෝෂ නිරාකරණය කිරීමෙන් පසු හවුල්කරුවකු ඇඟලුම් ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් පසු ව්‍යාපාරය නැවත ගොඩ නැඟුණා. දැන් නිවෙසියන් නැවතත් සාර්ථකත්වයට පත්වී පෙරටත් වඩා හොඳින් ජීවත්වීම සතුටට කරුණක්.
    ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ
SendShareShare
Previous Post

Marina Square – Uptown Colombo ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

Next Post

විහාරාරාම කාර්ය මණ්ඩල රහස්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.