ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා ජාලය වන NOLIMITහි නවතම ශාඛාව පසුගියදා වත්තල ප්‍රදේශයේදී විවෘත විය. අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාව අංක 33, මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටා තිබේ. මේ වනවිට රට පුරා නගර 15ක NOLIMIT අලෙවිසල් 23ක් විවෘත කර ඇත.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට NOLIMIT සභාපති එන්.එල්.එම්. මුබාරක් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මෙන්ම විශේෂ ආරාධිතයන්, කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. සභාපතිතුමන් විසින් උත්සවාකාරයෙන් වත්තල NOLIMIT ශාඛාව විවෘත කරන ලදී.
මෙම අවස්ථාවේදී NOLIMITහි නවතම ලාංඡනය එළිදැක්වීමද සිදුවීම විශේෂත්වයකි. NOLIMIT යනු උසස් තත්ත්වය හා විශිෂ්ට සේවාව යන ගුණාංග සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන සන්නාමයක් වන අතර මෙම ප්‍රසිද්ධිය එහි සියලුම ශාඛාවලට පොදු ගුණාංගයක් වේ.











