ග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2019 දෙසැම්බර් මස 25 වැනි බදාදා ප.ව. 09.29ට මෙතෙක් කල් රැඳී සිටි සිකුරු හිමි තුලා රාශියේ සිට කුජටම අයත් වෘශ්චික රැසට පිවිසෙනු ඇත. වෘශ්චිකය අඟහරුට සිය ස්වක්ෂේත්‍ර රාශිය වන අතර ඒ අනුව කුජ ග්‍රහයා එතැන් සිට එළැඹෙන 2020 පෙබරවාරි 08 වැනිදා පෙ.ව. 3.52 දක්වා මසකට වැඩි කාලයක් වෘශ්චික රාශියෙහි සිය ස්වක්ෂේත්‍ර ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත.
මේ අනුව වෘශ්චිකයේ අඟහරු බලවත් වීමත් සමගින් වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ යන ලග්න 4ට සුබ ප්‍රතිඵල උදාවෙයි. වෘශ්චික ලග්නයේදී ලග්න ගත වන කුජ, කුම්භයේ ලග්නයෙන් 10 වැන්නටත්, වෘෂභයේ 7 වැන්නටත් සිංහයේ 4 වැන්නටත් ගෝචර වනු ඇත. ඒ අනුව එම ලග්න හිමියන්ගේ මෙතෙක් කාලයක් නොවිසඳී පැවති බොහෝ ප්‍රශ්න හා ගැටලු මෙම ග්‍රහ මාරුවත් සමගින් විසඳී යනු ඇත. එම ලග්න හිමියන්ට සුබ දායක වන අතර, යහපත උදාවනු ඇත.
මෙම අඟහරු මාරුවත් සමගින් කුම්භ ලග්න ලංකා කේන්දරයෙහි ග්‍රහ පිහිටීම යම් පමණක සුබවාදී බවක් පෙන්නුම් කරනු ඇත. ලංකා කේන්දරය හිමි කුම්භයේ 10 වැන්න හෙවත් කර්මස්ථානයේ කුජ බලවත් වීම අප රටට යහපත් වනු ඇත. විශේෂයෙන් කුම්භ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ඇතිවනු ඇත. කාලගුණ තත්වයේ කැපී පෙනෙන වර්ධනයක් සමගින් ශීත තත්වයන්ද ඇති විය හැකිය. එමෙන්ම අප රට ආශ්‍රිතව විශේෂයෙන්ම කාම අපරාධ යම් පමණකින් ඉහළ යන කාලයක් වනු ඇත- එම නිසාවෙන් මෙම කාලයේ තරුණ ගැහැනු දරුවන් ගැන මාපියන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය- කුඩා දරුවන් ඉතාමත් පරිස්සම් කරගත යුතු කාලයකි- විශේෂයෙන් තරුණ තරුණියන් තම තමන්ගේ චරිතය මෙම කාල සීමාවෙහි ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුය- තරුණ ආවේගයන් ඉස්මතු වන කාල සීමාවකි. එසේම ජනතාව අතර නොසන්සුන්තා ඇති වන කාලයකි- කාලගුණ විපර්යාස, ප්‍රබල රිය අනතුරු හා ගුවන් යානා අනතුරුද ඇති වන කාලයකි- හදිසි අනතුරු නිසාවෙන් ලේ ගැලීම් ඇතිවන කාල සීමාවක් නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. අධ්‍යාපනයේ හා විශ්වවිද්‍යාල හා පාසල් ආශ්‍රිතවද කැපී පෙනෙන ගැටලු ඇතිවිය හැකිය-
කෙසේ වෙතත් මෙම අඟහරු මාරුවත් සමගින් නව නිෂ්පාදන කටයුතු වර්ධනය වනු ඇත- එසේම ක්‍රීඩා අංශවල උද්‍යෝගිමත් ප්‍රගතියක් ඇතිවන අතර තරුණයන් අතර කැපී පෙනෙන උද්‍යෝගයක් ඇතිවේ. නීති අංශවල අන්දෝලාත්මක නඩු තීන්දු මෙන්ම ඒවායේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වන කාලයකි.
මේෂ
සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමඟ ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
වෘෂභ
සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමඟ ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
මිථුන
මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබ පල උදා කරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලයෙහි එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලයෙහි විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යෑමට හැකිය.
කටක
නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ ගැටලු ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩුහබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමඟ කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැකීරක්ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගාබාධ, වාත රෝගා බාධා, හිරිවාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි.
සිංහ
ඔබට සුබපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. ලිපිලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදව් උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අචිවාහක අයට මංගල යෝජනා උදාවේ. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය.
කන්‍යා
වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම ස්ථාන බාධක බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
තුලා
ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැකියා අංශයන්හි කලකිරීම් ඇතිවන අතර සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුබ දායක වේ.
වෘශ්චික
මෙම කාලයෙහි ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබේ. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. එසේම සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභද ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සවවලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්වය මෙම අඟහරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සවවලට සහභාගි වීමට අවස්ථාව උදා වනු ඇත.
ධනු
ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර නමුත් අතේ මුදල් රැඳෙන කාලයකි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රමාදයක් ඇති වන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්ථානවල යම් යම් ගැටලු ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්කුම්, ස්නායු ආබාධ, මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්වයන් ඇති විය හැකිය. ඔබගේ පවුලේ හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් එතරම් සුබදායක නැත. ස්ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.
මකර
වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනකුට යම් අපලදායක තත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවණතාවයක් පවතී. ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්ථා උදා වනු ඇත. රැකීරක්ෂා කටයුතුවල යම් යම් ගැටලුකාරී තත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී.
කුම්භ
අචිවාහක අයට මංගල යෝජනා උදාවේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝ විට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥාතීන් සමඟ මත බේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියෙනවා වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවෙනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය.
මීන
හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්සන අඩු වන අතර ශරීර ශක්තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලයෙහි ඔබට මිල මුදල් අතින් තද බල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුලෙහි යම් යම් ගැටලු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක් පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ











