මහජන බැංකුවේ හයිඩ් පාක් කෝනර් ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
කොළඹ 02, උද්‍යාන වීදියේ, පාක්ලන්ඩ් ගොඩනැගිල්ලේ, අංක 33 දරන ස්ථානයේ විවෘත කෙරුණු මෙම ශාඛාව අතිනවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවන්ගෙන් සමන්විත වන අතර, මෙහි මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක්ද (Self Banking Unit) ස්ථාපිත කර ඇත.
මෙම අවස්ථාවට කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතික) කේ.බී. රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) රෝහිනී මදුරාවල, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාර මාධව කනක්ක හේවගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ටී. සුදාකර්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිණියන් වන කේ.ඒ. උදේනි ධර්මසිරි හා ඩබ්ලිව්. ජී. පී. දමයන්ති, හයිඩ් පාර්ක් කෝනර් ශාඛා කළමනාකාර ලලිත් හිරිමුතුගොඩ යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් සහභාගි විය.