• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබට ලක්ෂ්මී යෝගය උදාවන දවස දැනගන්න

December 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ළඟ ළඟම එන සරස්වතී යෝගය සහ පූජාව
Share on WhatsAppShare on Facebook

උත්සාහයෙන් හම්බකරලා, ඉතුරු කරලා තව, තව ආදායම් මාර්ග හදාගත්තොත් සියලු සැප සම්පත් බුක්ති විඳින්න පුළුවන් කියලනේ අපි හිතාගෙන ඉන්නේ. ඒත් ඉතින් හැමෝටම එහෙම බැහැනේ. සමහරු නම් වැඩි ගානක් නැතුව ඔහේ හිටියට ඒගොල්ලන්ට සියලු සැප සම්පත් පහළ වෙලා. ඉන්නේ හරිම සතුටින්. මෙහෙම වෙන්නේ කොහොමද කේන්දරයක් අරගෙන ග්‍රහ පිහිටීම දිහා බැලුවොත් සමහර කේන්දරවල ප්‍රබල යෝග පිහිටා තිබෙනවා. ඒ වගේ යෝග පිහිටි අයට සියලු සැප සම්පත් ලැබෙනවා. අන්න එහෙම යෝගයක් වන ලක්‍ෂ්මී යෝගය ගැන අද සොයා බලමු.

ලග්නාධිපතියා බලවත්ව සිටියදී නව වැන්න අධිපතියා කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් ඉන්නවා නම් ඒ තමයි ලක්‍ෂ්මී යෝගය. මේ යෝගය පිහිටි අයගේ පෙනුම ඉතාමත් සිත් ඇදගන්නාසුලුයි. හරිම අවංකයි. පාලන බලය ඇතුව රාජ්‍ය ගෞරව ලබමින්, ධන ධාන්‍ය, සම්පත් අනූනව, උගත්කම, තේජස් සහිතව නිතරම සතුටින් සහ සුවපහසුවෙන් කාලය ගතකිරීමට වාසනාවන්ත වෙනවා. කොටින්ම කියනවා නම් මේගොල්ලන්ට කිසිම දෙයකින් අඩුවක් නැහැ. සත්කීර්තිමත්.

අපි දැන් බලමු මේ ලක්‍ෂ්මී යෝගය තමන්ගෙ හඳහනේ සැඟවිලා තියෙනවද කියලා හොයා ගන්නා හැටි ඉතාමත් සරලව. පළමුවෙන්ම පහත වගුවෙන් බලාගන්න. තමන්ගේ ලග්නාධිපති කවුද කියලා සහ එයා බලවත් වන්නේ මොන රාශි තුළදීද කියලා.
ලග්නය ලග්නාධිපති උච්චරාශිය ස්වක්‍ෂේත්‍ර රාශි
මේෂ කුජ මකර මේෂ, වෘශ්චික
වෘෂභ ශුක්‍ර මීන වෘෂභ, තුලා
මිථුන බුධ කන්‍යා මිථුන, කන්‍යා
කටක චන්ද්‍ර වෘෂභ කටක
සිංහ රවි මේෂ සිංහ
කන්‍යා බුධ කන්‍යා මිථුන, කන්‍යා
තුලා ශුක්‍ර මීන වෘෂභ, තුලා
වෘශ්චික කුජ මකර මේෂ, වෘශ්චික
ධනු ගුරු කටක ධනු, මීන
මකර ශනි තුලා මකර, කුම්භ
කුම්භ ශනි තුලා මකර, කුම්භ
මීන ගුරු කටක ධනු, මීන
ලක්‍ෂ්මී යෝගය පිහිටන්න නම එක පැත්තකින් ලග්නාධිපතියා බලවත් වෙන්න ඕනෑ. ග්‍රහයෙක් උච්ච වීම ස්වක්‍ෂේත්‍ර වීම වැනි තත්ත්වයක් තමන් තැන්පත්වෙලා ඉන්න රාශිය තුළදී ලබා ගන්නවා නම්, එයා බලවත්. තමන්ගේ කේන්දරයේ කොටු දොළහ අයිති වන්නේ මොන මොන රාශියටද කියලා සොයා ගන්න එක අමාරු නැහැනෙ. ලග්න අනු පිළිවෙළ වන්නේ ඉහත වගුවේ 1, 2, 3, 4,… පිළිවෙළටයි. ඉතින් ඔයාගේ ලග්නයට අනුව ලග්න කොටුවේ (කේන්දරයේ ඉහළින්ම තියෙන ලොකු කොටුවේ) ඉඳන් පිළිවෙළට වම් පැත්තට රාශි ලකුණු කරගෙන ගියාම කොටුවල රාශි අයිතිය හොයා ගන්න පුළුවන්. දැන් බලන්න තමන්ගේ ලග්නාධිපති බලවත්ද කියලා. පහත වගුවෙන් තමන්ගේ නව වැන්න අධිපතියා හඳුනාගෙන ඉහත වගුවේ දෙවැනි පේළියට අනුව එයා බලවත් වන රාශි හඳුනා ගන්න.
ලග්නය 9 වැන්න අධිපති
මේෂ ගුරු
වෘෂභ ශනි
මිථුන ශනි
කටක ගුරු
සිංහ කුජ
කන්‍යා ශුක්‍ර
තුලා බුධ
වෘශ්චික චන්ද්‍ර
ධනු රවි
මකර බුධ
කුම්භ ශුක්‍ර
මීන කුජ
දැන් ඔබ ඔබගේ ලග්නාධිපතියා හඳුනනවා. ඒ වගේම එයා බලවත්ව ඉන්නවාද කියලත් දන්නවා. ඊළඟට ඔබ ඔබගේ නවවැන්න අධිපතියාත් හඳුනනවා. එයා බලවත්ව ඉන්නවාද කියලත් හොයා ගත්තා. නව වැන්න අධිපතියා ඕනෑම ස්ථානයක බලවත්ව ඉඳලා හරියන්නේ නැහැ. එයා බලවත්ව ඉන්න ඕනෑ එක්කෝ කේන්ද්‍රස්ථානයක නැති නම් ත්‍රිකෝණ ස්ථානයක.
කේන්ද්‍රස්ථාන කියන්නේ ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන ස්ථානයි. (ලොකු කොටු) ත්‍රිකෝණ ස්ථාන කියන්නේ 1, 5, 9 යන ස්ථානයි. මේ අනුව ඔබගේ නව වැන්න අධිපතියා උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලය අත්පත් කරගන්නා ගමන්ම එයා 1, 4, 5, 7, 9, 10 යන ස්ථානයක ඉන්නවා නම් ලග්නාධිපතියාත් ජන්ම පත්‍රයේ බලවත්ව ඉන්නවා නම් ඔබට ලක්‍ෂ්මී යෝගය පිහිටා තිබෙන අතර, කලින් සඳහන් කරපු වාසි ඔබට අත්වෙනවා. මෙහෙම වන්නේ බොහෝ පෙර පින් තියෙන අයටයි.

පුද්ගලයා සමාජය තුළ ඉහළ තලයකට ඔසවා තබමින් සියලු සැප සම්පත් ලබා දෙන ග්‍රහ පිහිටීම ගණනාවක් ගැන ජ්‍යොතිෂයේදී හඳුන්වා දී තිබෙනවා. ප්‍රායෝගිකව පෙනෙන කරුණක් තමයි මෙවැනි සුබ ග්‍රහ පිහිටීම් ඇති අය සමාජයේ හොඳින් ජීවත් වන බව. බොහෝ ජන්ම පත්‍ර හිමියන් තමන්ගේ ජන්ම පත්‍රය තුළ තිබෙන වටිනාකම් හඳුනාගෙන, ඒවාට අනුව නිසි මඟ යමින් ලස්සන ජීවිත ගතකරන බව වර්තමානයේ පෙනෙන්නට තිබීම සතුටට කරුණක්.
ජ්‍යොතිෂ විදශා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

විජය රජු කුවේණිව එළවපු ලග්ගල

Next Post

ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් පුහුණු වැඩසටහනක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.