AIA සමූහ සමාගම අඛණ්ඩව සාර්ථක 8 වැනි වසරටත් MDRT ජයග්‍රහණය සඳහා ලොව විශාලතම සාමාජිකයන් පිරිසක් බිහිකළ බව මහත් සාඩම්බරයෙන් ප්‍රකාශ කර සිටියි.
2010 වසරේදී සිදුවූ සමාගමේ මූලික කොටස් නිකුතුවේ සිට එහි MDRT සාමාජිකත්වය 768%ක් දක්වා ප්‍රශංසනීය වර්ධනයක් අත්පත් කරගෙන ඇත.
ඩොලර් මිලියනයේ වටමේසය (MDRT) රක්ෂණ නියෝජිතයන් හට ජාත්‍යන්තරව ලැබෙන ඉහළම ඇගයීමයි. MDRT සාමාජිකයන් විශිෂ්ට වූ වෘත්තීය දැනුමෙන් යුක්ත වීම, දැඩි ආචාරධර්ම පද්ධතියකට අනුකූලව ක්‍රියාත්මක වීම සහ ප්‍රශස්ත වූ සේවාලාභී සත්කාරය යන කරුණු මෙම ඇගයුමට ලක්වීම සඳහා හේතු වේ. MDRT සාමාජිකත්වය රක්ෂණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ළඟා කරගන්නා විශිෂ්ටත්වය, ජාත්‍යන්තරයේ ඇගයෙන මිනුම් දණ්ඩ ලෙස සැලකේ.