• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඩේවිස් කුසලාන ආසියා-ඕෂනියා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!

August 10, 2022
in Business
Reading Time: 4 mins read
A A
ඩේවිස් කුසලාන ආසියා-ඕෂනියා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව නැවත වරක් ආසියානු/ඕෂනියා ඩේවිස් කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරයි. මෙම තරගාවලිය iv කාණ්ඩයේ A ඉසව්වේ තරගාවලියක් ලෙස අගෝස්තු මස 08 සිට 13 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මෙම උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ LICC ජීන්ස් සමාගම හා ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශයයි.


මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශය, බෘනායි, දරුසලම්, ඉරාකය, කිරිගිස්තානය, මාලදිවයින, යේමනය සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම යන කණ්ඩායම් 7 සහභාගි වීමට නියමිතය. මැකාවු, ඕමානය සහ කටාර් යන රටවල කණ්ඩායම් මෙවර තරගාවලියෙන් ඉවත්ව ඇත.


iv වැනි ආසියා ඕෂනියා කාණ්ඩයේ ඇති කණ්ඩායම් විස්ස එක් ඉසව්වකට කණ්ඩායම් දහය බැගින් ඉසව් දෙකකට බෙදා ඇත. A කාණ්ඩයේ ඉසව් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතරතුර B කාණ්ඩයේ ඉසව් 2022 ඔක්තෝබර් 17 සිට 22 දක්වා බහරේනයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 4ක් හා අනෙක් කාණ්ඩයට කණ්ඩායම් 3ක් ලෙසින් තරග වැදීමට නියමිත අතර එක් එක් කාණ්ඩවල ප්‍රථම ස්ථානය ලබාගන්නා කණ්ඩායම් ආසියා ඕෂනියා 3 වැනි කාණ්ඩයේ play off තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සහ යොවුන් නවක ක්‍රීඩකයන් තිදෙනෙකු සමගින් තරගාවලියට සහභාගි වීමට නියමිතය.


2022 ඩේවිස් කුසලානය සඳහා ක්‍රීඩා කරග ශ්‍රී ලංකා කණ්ඩායම
⦁ හර්ෂන් ගොඩමන්න
⦁ යශික ද සිල්වා
⦁ ටෙහන් විජේමාන්න
⦁ චාතුර්ය නිලවීර
⦁ අශේන් සිල්වා
⦁ උදිත් වික්‍රමසිංහ (ක්‍රීඩා නොකරන නායක)
⦁ වෙනුක් විජේමාන්න (පුහුණුකරු)
⦁ කොමාන්ඩර් ප්‍රදීප් කරුණාතිලක (කළමනාකරු)

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 54.75ක් සමගින් ශ්‍රේණිගත කිරීම්වල 106 වැනි ස්ථානයේ රැඳී සිටී. ඩේවිස් කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව 1995 වසරේ සහ 1989/1992 කාලය අතරතුර ආසියා/ඕෂනියා ii කලාපයේ දෙවැනි වටය සඳහා පස් වතාවක් සුදුසුකම් ලබා ඇත. 2002 වසරේ සිට ක්‍රීඩාවේ නිරත වන හර්ෂණ ගොඩමාන්න 2022 ඩේවිස් කුසලාන ය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයායි. කනිෂ්ඨ ඩේවිස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ලෙස ටෙහාන් විජේමාන්න සහ චාතුර්ය නිලවීර යන ක්‍රීකයන් හඳුන්වා දී ඇත. අශේන් සිල්වා තම මංගල තරගය මෙම තරගාවලියේදී ක්‍රීඩා කරනු ඇත. ක්‍රීඩා නොකරන කණ්ඩායම් නායක හිටපු ජාතික කණ්ඩායම් ක්‍රීඩකයෙක් වන අතර පුහුණුකරු රෙනුක් විජේමාන්නද ජාතික කණ්ඩායමේ හිටපු පලපුරුදු ක්‍රීඩකයෙක් සහ ඩේවිස් කුසලාන නියෝජනය කරන ලද ක්‍රීඩකයෙකි. කණ්ඩායම් කළමනාකාර නාවික හමුදා කොමාන්ඩර් ප්‍රදීප් කරුණාතිලක ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ උපසභාපති ලෙසද කටයුතු කරයි.


මෙම ඉසව්වේ ITF තීරකයා ලෙස ඉන්දියාවේ අභිෂේක් මුකර්ජි මහතා සහ සහාය විනිසුරු ශ්‍රී ලංකාවේ ධාරක එල්ලාවල මහතා කටයුතුකරයි. මෙම තරගාවලිය සඳහා ඉන්දියාවෙන් ශ්‍රීරරාම් ගෝක්ලේ, දකුණු කොරියාවෙන් සුන් මින් නම්, ඉරානයෙන් අමීර් මොසාවී, පාකිස්තානයෙන් ෂාහ්සාඩ් අල්වි සහ ශ්‍රී ලංකාවෙන් දිනුෂ විජේසූරිය සහ ප්‍රසාද් ජයලතාරච්චි යන විනිසුරුවරුන් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ ප්‍රධාන විනිසුරු ලෙස ඉන්දියාවේ ලිනා නගේෂ්කාර් හා ඔහුගේ සහායට ශ්‍රී ලංකාවේ මුෆ්ඩාල් හසාරි සහභාගි වනු ඇත. තවද රේකා විනිසුරුවරුන් 26 දෙනෙක් සහ Ball Kids 26 දෙනෙක් සහභාගි වේ.


ශ්‍රී ලංකා ටෙනිස් සංගමේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා සහ ටෙනිස් කමිටුව පවතින ආර්ථික අර්බුදය හා විවිධ අභියෝග හමුවේ මෙවර තරගාවලිය පැවැත්වීමට විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. තවද මෙම තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අනුප මත්තමගොඩ සහ එස්. හරිප්‍රශාන්ත්, එස්. ශියනාත් සහ ටී. බහිරතන් යන තරගාවලි කාර්යමණ්ඩලයද විශාල මෙහෙයක් ඉටුකර ඇත. තවද නිර්මලා ද සිල්වා මහත්මිය, ශිරන් විජේසිංහ මහත්මා, නිපුනි මහේෂිකා මහත්මිය, නෙත්මි කරුණාතිලක මහත්මිය, වාර්ෂිණී රෂ්මිකා මහත්මිය සහ පිටියේ කාර්යමණ්ඩල ප්‍රධානී පී. කනගරාජන් මහතා මෙම තරගාවලිය සංවිධානයේ කොටස්කරුවෝ වෙති.


තවද ටෙනිස් සම්මේලනයේ සභාපතිතුමා ප්‍රකශ කර සිටියේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ තරග සංවිධාන කිරීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වුවත් සාර්ථක තරගාවලියක් සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳ සතුටු වන බවයි.


තරගාවලියේ සමාරම්භක උත්සවය අගෝස්තු 08 වැනි දින පස්වරු 9.40ට ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය සඳහා සියලු ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ සහභාගි වීමට හැකියාව ඇති අතර සියලු ක්‍රීඩා ලෝලීන්ට මෙම උත්සවය සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය ආරාධනා කර සිටියි.

SendShareShare
Previous Post

ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වුණා! අපි දැන් අරගලය ගමට අරන් යනවා! රටම අරගල භූමියක් කරනවා! අරගලකරුවන් දෙවන සටන ආරම්භ කරයි! (VIDEO)

Next Post

AIA නැවතත් MDRT සඳහා අංක 1 ස්ථානයට…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.