• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Monday, September 25, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

ඩේවිස් කුසලාන ආසියා-ඕෂනියා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!

August 10, 2022
in Business
Reading Time: 4 mins read
A A
ඩේවිස් කුසලාන ආසියා-ඕෂනියා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව නැවත වරක් ආසියානු/ඕෂනියා ඩේවිස් කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරයි. මෙම තරගාවලිය iv කාණ්ඩයේ A ඉසව්වේ තරගාවලියක් ලෙස අගෝස්තු මස 08 සිට 13 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මෙම උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ LICC ජීන්ස් සමාගම හා ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශයයි.


මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශය, බෘනායි, දරුසලම්, ඉරාකය, කිරිගිස්තානය, මාලදිවයින, යේමනය සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම යන කණ්ඩායම් 7 සහභාගි වීමට නියමිතය. මැකාවු, ඕමානය සහ කටාර් යන රටවල කණ්ඩායම් මෙවර තරගාවලියෙන් ඉවත්ව ඇත.


iv වැනි ආසියා ඕෂනියා කාණ්ඩයේ ඇති කණ්ඩායම් විස්ස එක් ඉසව්වකට කණ්ඩායම් දහය බැගින් ඉසව් දෙකකට බෙදා ඇත. A කාණ්ඩයේ ඉසව් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතරතුර B කාණ්ඩයේ ඉසව් 2022 ඔක්තෝබර් 17 සිට 22 දක්වා බහරේනයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 4ක් හා අනෙක් කාණ්ඩයට කණ්ඩායම් 3ක් ලෙසින් තරග වැදීමට නියමිත අතර එක් එක් කාණ්ඩවල ප්‍රථම ස්ථානය ලබාගන්නා කණ්ඩායම් ආසියා ඕෂනියා 3 වැනි කාණ්ඩයේ play off තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සහ යොවුන් නවක ක්‍රීඩකයන් තිදෙනෙකු සමගින් තරගාවලියට සහභාගි වීමට නියමිතය.


2022 ඩේවිස් කුසලානය සඳහා ක්‍රීඩා කරග ශ්‍රී ලංකා කණ්ඩායම
⦁ හර්ෂන් ගොඩමන්න
⦁ යශික ද සිල්වා
⦁ ටෙහන් විජේමාන්න
⦁ චාතුර්ය නිලවීර
⦁ අශේන් සිල්වා
⦁ උදිත් වික්‍රමසිංහ (ක්‍රීඩා නොකරන නායක)
⦁ වෙනුක් විජේමාන්න (පුහුණුකරු)
⦁ කොමාන්ඩර් ප්‍රදීප් කරුණාතිලක (කළමනාකරු)

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 54.75ක් සමගින් ශ්‍රේණිගත කිරීම්වල 106 වැනි ස්ථානයේ රැඳී සිටී. ඩේවිස් කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව 1995 වසරේ සහ 1989/1992 කාලය අතරතුර ආසියා/ඕෂනියා ii කලාපයේ දෙවැනි වටය සඳහා පස් වතාවක් සුදුසුකම් ලබා ඇත. 2002 වසරේ සිට ක්‍රීඩාවේ නිරත වන හර්ෂණ ගොඩමාන්න 2022 ඩේවිස් කුසලාන ය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයායි. කනිෂ්ඨ ඩේවිස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ලෙස ටෙහාන් විජේමාන්න සහ චාතුර්ය නිලවීර යන ක්‍රීකයන් හඳුන්වා දී ඇත. අශේන් සිල්වා තම මංගල තරගය මෙම තරගාවලියේදී ක්‍රීඩා කරනු ඇත. ක්‍රීඩා නොකරන කණ්ඩායම් නායක හිටපු ජාතික කණ්ඩායම් ක්‍රීඩකයෙක් වන අතර පුහුණුකරු රෙනුක් විජේමාන්නද ජාතික කණ්ඩායමේ හිටපු පලපුරුදු ක්‍රීඩකයෙක් සහ ඩේවිස් කුසලාන නියෝජනය කරන ලද ක්‍රීඩකයෙකි. කණ්ඩායම් කළමනාකාර නාවික හමුදා කොමාන්ඩර් ප්‍රදීප් කරුණාතිලක ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ උපසභාපති ලෙසද කටයුතු කරයි.


මෙම ඉසව්වේ ITF තීරකයා ලෙස ඉන්දියාවේ අභිෂේක් මුකර්ජි මහතා සහ සහාය විනිසුරු ශ්‍රී ලංකාවේ ධාරක එල්ලාවල මහතා කටයුතුකරයි. මෙම තරගාවලිය සඳහා ඉන්දියාවෙන් ශ්‍රීරරාම් ගෝක්ලේ, දකුණු කොරියාවෙන් සුන් මින් නම්, ඉරානයෙන් අමීර් මොසාවී, පාකිස්තානයෙන් ෂාහ්සාඩ් අල්වි සහ ශ්‍රී ලංකාවෙන් දිනුෂ විජේසූරිය සහ ප්‍රසාද් ජයලතාරච්චි යන විනිසුරුවරුන් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ ප්‍රධාන විනිසුරු ලෙස ඉන්දියාවේ ලිනා නගේෂ්කාර් හා ඔහුගේ සහායට ශ්‍රී ලංකාවේ මුෆ්ඩාල් හසාරි සහභාගි වනු ඇත. තවද රේකා විනිසුරුවරුන් 26 දෙනෙක් සහ Ball Kids 26 දෙනෙක් සහභාගි වේ.


ශ්‍රී ලංකා ටෙනිස් සංගමේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා සහ ටෙනිස් කමිටුව පවතින ආර්ථික අර්බුදය හා විවිධ අභියෝග හමුවේ මෙවර තරගාවලිය පැවැත්වීමට විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. තවද මෙම තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අනුප මත්තමගොඩ සහ එස්. හරිප්‍රශාන්ත්, එස්. ශියනාත් සහ ටී. බහිරතන් යන තරගාවලි කාර්යමණ්ඩලයද විශාල මෙහෙයක් ඉටුකර ඇත. තවද නිර්මලා ද සිල්වා මහත්මිය, ශිරන් විජේසිංහ මහත්මා, නිපුනි මහේෂිකා මහත්මිය, නෙත්මි කරුණාතිලක මහත්මිය, වාර්ෂිණී රෂ්මිකා මහත්මිය සහ පිටියේ කාර්යමණ්ඩල ප්‍රධානී පී. කනගරාජන් මහතා මෙම තරගාවලිය සංවිධානයේ කොටස්කරුවෝ වෙති.


තවද ටෙනිස් සම්මේලනයේ සභාපතිතුමා ප්‍රකශ කර සිටියේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ තරග සංවිධාන කිරීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වුවත් සාර්ථක තරගාවලියක් සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳ සතුටු වන බවයි.


තරගාවලියේ සමාරම්භක උත්සවය අගෝස්තු 08 වැනි දින පස්වරු 9.40ට ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය සඳහා සියලු ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ සහභාගි වීමට හැකියාව ඇති අතර සියලු ක්‍රීඩා ලෝලීන්ට මෙම උත්සවය සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය ආරාධනා කර සිටියි.

ShareTweetSendShare
Previous Post

ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වුණා! අපි දැන් අරගලය ගමට අරන් යනවා! රටම අරගල භූමියක් කරනවා! අරගලකරුවන් දෙවන සටන ආරම්භ කරයි! (VIDEO)

Next Post

AIA නැවතත් MDRT සඳහා අංක 1 ස්ථානයට…

MORE NEWS

මෝටර් රථ නැවත පින්තාරු කිරීම් සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවීනතම වර්ණ ගැළපීමේ පද්ධතියක් හඳුන්වා දෙයි!
Business

මෝටර් රථ නැවත පින්තාරු කිරීම් සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවීනතම වර්ණ ගැළපීමේ පද්ධතියක් හඳුන්වා දෙයි!

2023 ක්‍ C RUGBY තරගාවලිය මෙම 16 දා AGOAL අනුග්‍රහයෙන් උත්සවාකාරයෙන් පැවැත්වෙයි! I Sri Lanka Latest News
Business

2023 ක්‍ C RUGBY තරගාවලිය මෙම 16 දා AGOAL අනුග්‍රහයෙන් උත්සවාකාරයෙන් පැවැත්වෙයි! I Sri Lanka Latest News

Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!
Business

Hi-Expo සැප්තැම්බර් 8 සහ 9 දෙදින මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී!

ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!
Business

ශ්‍රී ලකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනයට පියවර රැසක්!

Sri Lanka Latest News
Business

අයිඩියල් මෝටර්ස් වෙතින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ආයතන දෙකක් වෙත මහින්ද්‍ර Powerol විදුලිජනක යන්ත්‍ර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Business

අලියාන්ස් ලංකා සමාගම Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූ විශිෂ්ටයන් සමරයි I Sri Lanka Latest News

Load More
Leave Comment
රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය අධ්‍යාපනයට අත තියන්න දෙන්නෙ නෑ! විශ්වවිද්‍යාල අධ්‍යයන – අනධ්‍යයන කාර්යමණ්ඩලය ඒකාබද්ධ සටනක! VIDEO I Sri Lanka Latest News

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය සහ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේ අද...

Read more
IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

IMF නියෝජිතයන් විපක්ෂනායක හමුවෙයි! සජබ රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරන බව සජිත් දැනුම් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

අහිංසක මිනිස්සු ඉතුරු කරපු සල්ලි ගන්න ආවම කුණුහරුපෙන් බැණ තග දාපු අකුරැස්ස සමෘද්ධි බැංකුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

2015 වෙඩි තැබීමේ සිද්ධියකට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න එපා කියපු ‌හිටපු සීනියර් DIG ලලිත් ජයසිංහ අවුරුදු 5ක් හිරේ! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ගහන්න යන්න එපා! සියලුම සුපිරි වෙළෙඳසැල්වලට පොලිසියෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version