• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරු තරු නිමී යන්නේ පෙරඹර අහසෙන් කළ වරදක් ද දරුවෝ! කාටත් රහසෙන් මහේෂ් දුග්ගන්නාරාල සර් හදිස්සියෙම නික්ම ගිහින්…!

August 7, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ගුරු තරු නිමී යන්නේ පෙරඹර අහසෙන් කළ වරදක් ද දරුවෝ! කාටත් රහසෙන් මහේෂ් දුග්ගන්නාරාල සර් හදිස්සියෙම නික්ම ගිහින්…!
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක බණ්ඩාරවෙල දරු දැරියො දහස් ගණනක් හඬවමින් ලංකාවෙ ටියුෂන් ගුරුවරයෙක්ගෙ මරණය සිදුවුණා. සාමාන්‍යයෙන් මේ කාලෙ හරියට මරණ සිද්ධ වෙනවා. අපට කවුරු වුණත් මනුෂ්‍යයෙකුගේ මරණය ඛේදවාචකයක්. ඔහු මියගියේ කොහොමද කියන එකට වඩා ඔහු මියගියෙ ඇයි කියන එක තමයි ප්‍රශ්නය. රටට අවශ්‍ය කරන මිනිස්සු එකිනෙකා රටෙන් සමුඅරගෙන යනකොට අපි මේ රට ඇතුළේ හුදෙකලා වෙනවා. ප්‍රශ්න දාහක් අස්සේ අපිව එහෙම තනිකරලා යන එක වැරැදියි කියලා අපි හිතන නිසයි මේ ලිපියත් ලියන්නේ.

මහේෂ් දුග්ගන්නාරාල. මේ නම ඔබට ඉතා හුරුපුරුදු නමක් වෙන්න ඇති. ඔහු සිනමා නළුවෙක් නොවුණත්, ඔහු මහා කලාකරුවෙක් නොවුණත්, ඔහු දේශපාලකයෙක් නොවුණත් ඔහුගේ නම අපි හැමෝටම මතක හිටින තැනකට අරගෙන එන්න මේ මහේෂ් දුග්ගන්නාරාල කියන මනුෂ්‍යයට පුළුවන් වුණා. නාරම්මල පුංචි ගමක පුංචි පන්තියක් පටන් අරගෙන, අමාරුවෙන් කුරුණෑගල පන්තියකට ගිහිල්ලා, ඉන් පස්සේ ලංකාවම දන්න ටියුෂන් ගුරුවයෙක් බවට පත්වෙන්න පුළුවන් වුණු මහේෂ් දුග්ගන්නාරාලට අවුරුදු 41ක් වෙනකොට ජීවිතයෙන් සමුඅරගෙන යන්න සිද්ධ වෙනවා. මේක බරපතළ විදියෙ ඛේදවාචකයක්. මහේෂ් දුග්ගන්නාරාල සර් ජීවිතයෙන් සමුඅරගෙන යනකොට ෆිසික්ස් සම්බන්ධ විiාගාරයක් නැති සියලු පාසල්වලට නොමිලේ විiාගාර පහසුකම් ලබාදෙන්න පුළුවන් විදියේ විiාගාර බස් එකක් හදලා ඒ කටයුතු සියල්ල අවසන් කරමිනුයි හිටියේ. මේවා රටේ අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකළ යුතු දේවල්. අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් වෙන්න ඕනෙ වැඩ. ඒත් ඒවා එහෙම නොවෙනකොට එක එක්කෙනාට චෝදනා කර කර ඉන්නෙ නැතුව තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන්, තමන්ට කරන්න පුළුවන් වැඩ ටික ඇඟට අරගෙන ඒවා කරන්න නිහතමානී වෙච්ච මනුෂ්‍යයෙක් විදියට මහේෂ් දුග්ගන්නාරාල සර්ව මතක් කරන්න පුළුවන්.

‘මහේෂ් දුග්ගන්නාරාල සර්ගෙ අවසන් වචන’ කියලා එක්තරා වීඩියෝ එකක් සමාජ ජාලවල හුවමාරු වෙනවා අපි දැක්කා. අපි දන්නෙ නෑ ඒක අවසාන වශයෙන් මහේෂ් දුග්ගන්නාරාල සර් කියපු දේවල්ද, නැත්නම් කාලකෙට කලින් කියපු දේවල්ද කියලා. ඔහු කියන්නේ ‘මේ වෙලාවෙ මම උඹලට උදව් කරන්නෙ නැතුව ආයෙ කවදා උදව් කරන්නද…’ කියලා. ආර්ථික අපහසුතා තියෙන දරුවො ඉන්නව නම් මට කතා කරන්න. මං දන්නවා මේ වෙලාවෙ ගොවිතැන් පාළු වෙලා, හරියට ප්‍රශ්න තියෙනවා. උඹලා දන්නෙ නැතුව ඇති ගෙවල්වල තියෙන ප්‍රශ්න. ඒ නිසා මට කතා කරන්න. ඒ වගේම ඉස්පිරිතාලවල මේ කාලෙ හරියට අඩුපාඩු තියෙනවා. ඒවා මට කියන්න. කෙළින්ම ඒ පුද්ගලයො මට සම්බන්ධ කරලා දෙන්න. මම ඒවට උදව් කරන්නම්. මම මේ මාසෙ උඹලගෙ පන්ති ගාස්තුව සම්පූර්ණයෙන්ම වියදම් කරන්නේ ඒ වැඩවලට. මේ වෙලාවෙ රට වැටිලා තියෙන තැනින් නැඟිටින්න අපි පුළුවන් විදියට උදව් කරන්න ඕනෙ කියලයි මහේෂ් දුග්ගන්නාරාල සර් කියන්නේ. ජීවිතේ පුංචිම තැනක ඉඳලා නැඟිට්ට මේ ගුරුවරයා රටට පාඩමක් ඉතිරි කරලා, ඒ වගේම අද හරිහම්බ කරපු දේවලින් සැප විඳින ගොඩක් ගුරුවරුන්ට අලුත් පාඩමක් කියලා දීලා මේ ගුරුවරයා මේ වෙනකොට සමුඅරගෙන ගිහින් ඉවරයි. තව දුරටත් මහේෂ් දුග්ගන්නාරාල සර්ගෙ ෆිසික්ස් පන්තියෙ මහේෂ් දුග්ගන්නාරාල සර් නෑ. තව දුරටත් අර දරුවන්ට උදව් කරන්න මහේෂ් සර් නෑ. තව දුරටත් රෝහල්වලට උදව් කරන්න මහේෂ් සර් නෑ. මේ මාසෙ සල්ලි ඔක්කොම රෝහල්වලට වියදම් කරනවා කියලා පොරොන්දු වෙච්ච මහේෂ් දුග්ගන්නාරාල සර්ට අන්තිමට සිද්ධ වුණේ තමන්ගෙ රෝහල් බිල වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ අවසාන මාසෙ සල්ලි ටික වියදම් කරලා දාන්න. ඒක මහේෂ් සර් හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. මේ සොබාදහම ඒ තරම් නරක විදියට මිනිස්සුන්ට සලකනවාද කියන එක පවා අපිට ප්‍රශ්න කරන්න හිතෙන තැනක් තමයි මේක. ඒකට හේතුව දරුවො වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සුන්ව උදුරාගෙන ඒ දරුවො හුදෙකලා කිරීම සොබාදහම කරපු විශාල වරදක් නිසා. හැබැයි ඒ වරදට වගකියන්න ඕනෙ කවුද?

මේ විදියට මියගිය පළමු ටියුෂන් ගුරුවරයා මහේෂ් සර් නෙවෙයි. හරියටම මීට අවුරුද්දකට කලින් මේ විදියටම ප්‍රකට ලොජික් ගුරුවරයෙක් වෙච්ච මංජුල විජේසූරිය සර්ත් මියයනවා. ඔහු මියයන්නේ හෘදයාබාධයකින්. මේ විදියට නම් ගම් නොකිව්වට ටියුෂන් ගුරුවරු කිහිප දෙනෙකුගෙ මරණ සිදුවුණා හදිසි හෘදයාබාධ නිසා. ඔබ නොහිතනවා වුණාට මේ අය ඉතා වෙහෙසෙන අය. හරියටම මහේෂ් සර් මියයන් අවුරුද්දකට කලින් තමයි මංජුල විජේසූරිය සර්ගෙ මරණය සිද්ධ වෙන්නේ. ඒ, අගෝස්තු 01 වැනිදා. මේවා සැලසුම්සහගත දේවල් නෙවෙයි. මේවා හිතලා කරපු දේවල් නෙවෙයි. ඒත් මේ ටියුෂන් ගුරුවරු අසීමිතව වෙහෙසෙනවා. ඔවුන් සමහර වෙලාවට හරියට නිදාගන්නෙ නෑ. හරියට කන්න බොන්න වෙලාවක් නෑ. එක පන්තියකින් තව පන්තියකට යන්න කලබලයක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබ හිතාගෙන ඉන්නවා නම් ටියුෂන් ගුරුවරයෙක් ගතකරන්නේ මාර සැපවත් ජීවිතයක්, මාර ආතල් ජීවිතයක් කියලා ඒක එහෙම නෙවෙයි. කොච්චර ලොකු ටියුෂන් ගුරුවරයෙක් වුණත් තමන්ගෙ නිබන්ධන වෙනුවෙන්, පාඩම වෙනුවෙන්, විෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. සමහර වෙලාවට උසස් පෙළ ලියන දරුවෙකුට වඩා මේ විෂය සම්බන්ධයෙන් ගුරුවරයා වෙහෙසෙනවා. දේවල් හොයනවා. අලුත් නිබන්ධන හදනවා. ප්‍රශ්න පත්‍ර හදනවා. ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් සමහර වෙලාවට කණ්ඩායම් පත්කරලා, ඒ අයත් එක්ක වැඩ කරනවා. සමහර වෙලාවට උත්තර පත්තර නිරීක්ෂණය කරනවා. මේ සියල්ලත් එක්ක ටියුෂන් ගුරුවරු ඉතා කාර්යබහුලයි. මේ පණිවුඩය දෙන්න තිබුණේ ඇත්තටම සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ටියුෂන් ගුරුවරුන්ට.

ජීවිතේ කියලා කියන්නේ මෙහෙම ලේසියෙන් අතහැරලා දාන්න ඕනෙ දෙයක් නෙවෙයි. දැඩි ලෙස වෙහෙසිලා, දැඩි ලෙස මහන්සි වෙලා තමන් හරිහම්බ කරපු දේවල් ටික අතහැරලා දාලා ඉතා ඉක්මනට සමුඅරගෙන යන ජීවිතවලට වඩා වටින්නේ මේ රට පෝෂණය කරන්න අවශ්‍ය ශක්තිය, කැපකිරීම වැඩකරන්න පුළුවන් මිනිස්සු. ඒ නිසා මේ වගේ රටක් රැකබලා ගන්න ඉන්න මිනිස්සු ඉක්මනින් ගියාම හුඟ දෙනෙක් හුදෙකලා වෙනවා. බදුල්ලෙ ඉඳන් බණ්ඩාරවෙලට බස් අරගෙනයි ළමයි මහේෂ් සර්ගෙ පන්ති ගියේ. මහේෂ් සර් බදුල්ලෙ පන්තිය නතර කරලා, බණ්ඩාරවෙල පන්තිය පටන් අරගත්තට පස්සේ බදුල්ලෙ දරුවන්ට පාරෙ රස්තියාදු වෙනවා කියලා සර් ගානෙ බස් එකක් කතා කරලා දීලා තිබුණා බදුල්ලෙන් බණ්ඩාරවෙලට යන්න. ඒ නිසා මේවා දරුවො වෙනුවෙන් කරපු අපූරු වැඩ. එහෙම කරපු මිනිස්සු හිඟයි. ඒ නිසයි අපිට මේ මතකයන් අසිරිමත් වෙන්නේ. කොහොම නමුත් සුබ ගමන් මහේෂ් දුග්ගන්නාරාල සර්… කියලා කියලා මේ කතාව මෙතැනින් නතර කරන්න වෙනවා. තවත් කෙනෙක් ගැන මේ විදියට නොලියන්න තම තමන් පෞද්ගලිකව හිතලා තමන්ගෙ ජීවිත පරිස්සම් කරගන්න කියලා අපි අපේ ආදරණීය ටියුෂන් ගුරු පරම්පරාවෙන් ඉල්ලා සිටිනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කැරැල්ල මර්දනයෙන් අවසන් කළ යුතුයි! නාමල් කියයි! (VIDEO)

Next Post

මන්කිපොක්ස් ලංකාවටත් ඇවිල්ලද? ‌හෙට ඉඳන් චෙක් කරන්න පටන් ගනී!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.