2019 වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ සමුළුව ඉතිහාසයේ ප්‍රථම වරට තායිලන්තයේ පතායාහි සන්බීම් හෝටලයේදී සහ බැංකොක්හි බැංකොක් පැලස් හෝටලයේදී අති සාර්ථක අන්දමින් දෙසැම්බර් මස 01 වැනි දින සිට 04 වැනි දින දක්වා පැවැත්වූ අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ අංශයේ ඉහළම දක්ෂතා දැක්වූ අලෙවිකරුවන් මෙහිදී ඇගයීමට ලක් කිරීම සිදුවිය.
ජීවිත රක්ෂණ අලෙවියේ සුවිශේෂී දස්කම් දැක්වූ අලෙවිකරුවන් හඳුනාගැනීම සහ ඇගයීම සඳහා වාර්ෂිකව සංවිධානය කරන මෙම වැඩසටහන ඔස්සේ මෙවරත් එක් එක් කාණ්ඩ යටතේ අලෙවි ඉලක්ක සාර්ථකව ළඟාකරගත් අලෙවිකරුවන් 350කට අධික පිරිසක් ඇගයීමට ලක්වූ අතර 150කට අධික පිරිසකට විදේශ සංචාරයන් ප්‍රදානය කරන ලදී.











