ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyre සමාගම SLIM Brand Excellence සම්මාන උළෙලේදී Turnaround Brand of the Year 2019 රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්‍රදානෝත්සවය ලෙස සැලකෙන SLIM Brand Excellence සම්මාන උළෙල වසර පහළොවකට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි. කොළඹ ෂැංග්‍රී ලා හෝටලයේදී පැවැති විචිත්‍රවත් සම්මාන උළෙලේදී සී/ස සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා සම්මානය ලබා ගත්තේය.
DSI Tyre සන්නාමය පසුගිය කාලය පුරා දැක්වූ විශිෂ්ටත්වය සහ පාරිභෝගික සබැඳියාව ඔස්සේ සම්පූර්ණයෙන්ම නැවුම් මුහුණුවරකින් වෙළෙඳපොළ තුළ ස්ථානගත වීම මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට ප්‍රධාන හේතුව විය. “Any Bike – One Tyre” යන තේමාව ඔස්සේ මෙහෙයවෙන DSI Tyre, Safe Ride, Long Ride iy Trendy Ride යන ධාවන අත්දැකීම්වලින් පරිපූර්ණය.











