• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ප්‍රියංකාගේ දරු සුරතල්

December 13, 2019
in Heart
Reading Time: 1 min read
A A
ප්‍රියංකාගේ දරු සුරතල්
Share on WhatsAppShare on Facebook

තම විවාහ සංවත්සරය ඉතාම සුන්දරව ගත කළ ඉන්දීය සුපිරි තාරකාවක වූ අනුෂ්කා ෂර්මාගේ අලුත්ම තොරතුරු සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පැතිර ගියේ මෙයට සති ගණනාවකට පෙරය. 2019 සීතල උඳුවප් මාසයේ උදාවත් සමඟ ප්‍රියංකා චොප්රාද තම විවාහ සංවත්සරයේ ආනන්දනීය වූ ප්‍රීති ප්‍රමෝදය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ බෙදා හදා ගත්තාය. විවිධාකාර වූ සුපිරි නඵවන් සමඟ සම්බන්ධතාවන් ඇති කරගත් සරාගී ගිනි සිඵවක වූ ලස්සන ප්‍රියංකා විවාහයත් සමඟ සම්පූර්ණයෙන් වෙනස් වූයේ නික් ජොනාස්ගේ අසීමිත වූ ප්‍රේමණීය ස්වාමිත්වය හරහා වන්නට ඇත.
දීපාවලිය ද හරිම සංවේදී පින්තූර රාමු පෙළක් සමඟ සිය ට්විටර් යහ`ඵවන් සමඟ බෙදා හදාගත් ප්‍රියංකා පළමු විවාහ සංවත්සරය සඳහාද අලංකෘත වූ පින්තූර සමූහයක් එළි දැක්වීය.
එහි එක් පින්තූරයක වූයේ, ප්‍රියංකා නික් සමඟ අලුත උපන් දරුවකුට සමීපව සිටින දසුනකි. දින ගණනක පෙනුමක් ඇති කුඩා බිලිඳාව නික් සිය දෑතෙහි හොවා සිටි අතර ප්‍රියංකා නික්ට ඉතා සමීපව හැඟීම්බර දෑසින් බලා සිටින සෙයක් එහි දැක්විණි.
“මගේ සහ මට ආදරණීයව සිටින ඔහුගේ බලාපොරොත්තුව මෙයයි.” යන්න ප්‍රියංකා එහි සටහන් කොට තිබිණි.
ප්‍රියංකාගේ ට්විටර් මිතුරු පිරිස මෙයින් දැඩි උද්දාමයට පත් වූයේ නොසිතූ ලෙසය. එයට හේතුව වූයේ, ප්‍රියංකා බොහෝ මාධ්‍යයන්වල
“දරුවකු ගැන සිතන්නට තමාට සහ නික්ට තව වසර 4ක හෝ 5ක විවේක කාලයක් ඕනෑ.” යැයි පවසා තිබූ නිසාය.
ට්විටර්හි පළමු ඉහත කී ඉතා හැඟීම්බර සේයාරුව වෙනුවෙන් දස දහස් ගණනක කමෙන්ට්ස් සටහන්ව තිබිණි.
“දඟකාරියක වූ ඔබ මවක වීමේ මෙහෙවරට දායකවීම ගැන අප දැඩිව හැඟීම්බර වූයෙමු.”
“ඔබේ ලස්සන සිනහව හිමි දුවක බිහිකරන්නට වාසනාව ලැබේවා.”
“ලස්සන ප්‍රියංකා ඔබ වැනිම දඟකාර දුවක් ඔබට හිමිවේවා.”
එවන් වූ විවිධාකාර අදහස් ඒ කමෙන්ට්ස් අතර විය.
ප්‍රියංකාගේ ජංගම දුරකතනය නිස්කාංසුවක් නැතිව දිගින් දිගට නාද වන්නට ගත්තේද ඔය අතරමය. බොහෝ විට කවුරුත් සිතුවේ ප්‍රියංකා ගැබ්ගෙන හෝ ගැබ් ගැනීමට ආසන්නව සිටින බවකි. ප්‍රියංකා තම සේයාරුවට ලැබුණු ප්‍රතිචාරයන් හමුවේ යම් දෙගිඩියාවකට පත්වුණා දැයි යන්න දන්නේ නැත.
නමුත්, “යම් අවස්ථාවක මාපියන් වීමේ ප්‍රීතිය සහ බලාපොරොත්තුව මා සහ නික් තුළ නොතිබේ යැයි කීම මුසාවකි. එහෙත් මේ ඒ සඳහා වෙලාව නොවන බව මෙහිදී පවසමි”යනුවෙන් ඈ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබුවේ යම් චකිතයක් දැනුණු නිසා වන්නට බැරි නැත.
ප්‍රියංකා චොප්රාට දැන් වයස අවුරුදු 37කි. ඉතින් මවක වීමේ ආසාව ඉටුකර ගැනීමට තවම අවස්ථාව පැමිණ නැතැයි ඈ පැවැසීම අසාමාන්‍ය කතාවකි. එලෙසම ප්‍රියංකා චොප්රා කියන්නේ බොහෝ විට පාට පාට හීන තුළ ජීවත්වන බොළඳ ගැහැනියකි. ඈ පවසන සමහර දේ තුළ සහ මුදා හරින සමහර රූප රාමු තුළද ඇත්තේ හරසුන් දේය.
සමහර විටෙක දරුවකු අරන් හදා ගැනීමේ හෝ ටියුබ් බේබි සංකල්පය තුළ ඈ යම් හීනයක් දකිනවා වෙන්නට බැරි නැත.
කෙසේ වුවද සොඳුරු පින්තූර පෙළකින් සහ අපූරු කමෙන්ට්ස් තුළ ගෙවී යමින් තිබූ ප්‍රියංකාගේ සංවත්සර සතුට හමුවේ තවත් අපූරු යමක් සිදුවිය.
ඒ…, “නික් ජොනාස්ව” ඈ විසින් අපූරු අහඹුවකට පත් කිරීමය. අහඹුව සඳහා ප්‍රියංකා භාවිතයට ගෙන තිබුණේ සුපිරි පන්නයේ හරිම අපූරු ජර්මන් ෂෙපර්ඞ් බලු සුරතලෙකි.
ප්‍රියංකාගේ කම්මුල් රත් පැහැ යන තරමේ හාදුවක් දෙමින් ඇයට සුබ පතන්නට හිමිදිරියේම එලාමය සටහන් කොට තැබූ නික්ගේ දෑසට හසුවූයේ තමා අසල උණුසුමට ගුළි වී සිටින ලස්සන පැහැයකින් සමන්විත ‘ජර්මන් ෂෙපර්ඞ්”සුරතලාය.
එක තත්පරයක් හෝ පමා නොවූ නික් “සුනඛ සුරතලා සිටින සේයාරුව” තම ට්විටර් ගිණුමට මුදා හැරියේය. එයට පහළින් මෙවැනි සටහනක්ද විය.
“මගේ බිරිඳ ඉන්දියානු හින්දු කතකි. ඈ පුදුමාකාරය, පළමුව දෙවියන්ටත්, දෙවනුව ප්‍රියංකාටත් මාව ඇගේ සැමියා වෙනුවෙන් තෝරාගැනීම ගැන මම නිතරම ස්තුතිවන්ත වෙමි.”
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෝඨාගෙන් ‌ලෝක මාධ්‍යයට කනගාටුව: ලංකාවේ මාධ්‍යයට ප්‍රසාදය

Next Post

මාරක අපලවලට මගපාදන කුරුස පාදම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.