ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ආකාරයට උළුප්පා දැක්වීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තම කනගාටුව පළකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිදුවීමේදී මෙරට මාධ්‍යයේ හැසීරීම සම්බන්ධයෙන් තම ප‍්‍රසාදය පළ කිරීමටද කටයුතු කළේය.
අද (12) දිනයේදී මෙරට මාධ්‍ය ප්‍රධානීන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධීපතිවරයා මේ බව සදහන් කර සිටියේය.
තම පාලන කාලය තුළදී රටේ මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් එල්ල නොකරන බව එහිදී කියා සිටි ජනාධිපතිවරයා, ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් රටට විය යුතු වගකීම් ඉටුකිරීමට සියලූම මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවද කීය.










