• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

උඳුවප් පුර පසළොස්වක පොහොය

December 11, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
උඳුවප් පුර පසළොස්වක පොහොය
Share on WhatsAppShare on Facebook

11 වැනි බුද දින උදාවෙන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයයි. මෙය මේ වසරේ අවසන් පුර පසළොස්වක පොහොයයි. ලක්වැසි බොදුනුවන් වූ අපට මෙම පොහොය ඉතා වැදගත් දිනයක් වෙයි.
එවකට මේ හෙළදිව පාලනය කළා වූ දේවානම්පියතිස්ස රජු තම රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අරිට්ඨ ඇමැති දඹදිවට පිටත් කොට යැවීය. එම අවධියේදී දඹදිව රාජ්‍ය පාලනය කළ ධර්මාශෝක රජු අරිට්ඨ ඇමැතිවරයා සමඟ කළ සාර්ථක සාකච්ඡාවකින් පසු එතුමාගේ ආදරණීය දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් සමඟ මේ පින් බිමට එවීමට කටයුතු කෙරිණි. ඒ සඳහා අවශ්‍ය සියලු පසුබිම ධර්මාශෝක රජතුමා විසින්ම සම්පාදනය කළ බව ඉතිහාසයේ සඳහන්ය.
ස්වකීය පුරෝහිත බමුණන් විසින් දෙන ලද සුබ මුහුර්තයකින්, රාජකීය උත්සවශ්‍රීයෙන් පසුව සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ පුරා දින හතක මුහුදු ගමනාගමනයකින් ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවද රැගෙන මෙසිරිලක දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පුන් පොහෝ දිනයකය. ඒ සමඟම පරිවාර භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක්ද එදින වැඩිය බවද සඳහන් වෙයි. මෙපුවත පිළිබඳව ආරංචිය ලැබුණු වහාම දේවානම්පියතිස්ස රජු සිය අමාත්‍ය මණ්ඩලය හා සෙසු පරිවාර ජනයා සමඟ අලංකෘත වූ පෙරහැරකින් සංඝමිත්තා තෙරණිය වැඩිය නැව ආසන්නයටම ගොස් අතිමහත් වූ භක්තියකින් යුතුව කරවටක් මහ මුහුදට බැස ශ්‍රී මහා බෝධිය සහිත රන් පාත්‍රය දෑතින්ම පිළිගෙන නැවත මහ පෙරහැරකින්ම සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟ අනුරාධපුරයට වැඩමවා ගෙනැවිත් මහමෙව්නාවේ රෝපණය කිරීමට කටයුතු කෙරිණි. මේ සිද්ධිය ශ්‍රී ලක් ධරණි තලයේ කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ආරම්භ කළ පුවතක් විය. මෙදිනෙන් පසුව මෙහෙණි සස්න පිහිටුවීමද ඇරැඹිණි.
ශ්‍රී ලාංකිකයන් වන අපට උඳුවප් පොහෝ දිනය තවත් අතකින් විශේෂිතය. එනම් බුදුරජාණන් වහන්සේගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කිරීමේ අරමුණින් සියලු බැතිමතුන් සිරිපා සමය ඇරැඹීමයි. සෑම වසරකම දේවාභරණ පැල්මඬුල්ලේ රජ මහා විහාරයේ සිට සමනල කන්ද තෙක් මහත් භක්තියෙන් වැඩමවා තැන්පත් කොට පුද පූජා ඇරැඹෙන්නේද උඳුවප් පුන් පොහෝ දිනකය. ඉන්පසු වෙසක් මස පුර පසළොස්වක දින තෙක් පුරා මාස පහක පමණ කාලයක් සිරිපා සමය ඇරැඹේ.
ගුණරත්න බණ්ඩාර

SendShareShare
Previous Post

රාජ්‍ය ඇමැතිවරුන්ටත් විෂයයන් ‌දෙන්න කැබිනට් අනුමැතිය

Next Post

MCC ගිවිසුම ගැන අමෙරිකාව තීන්දුවක් ගනී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.