ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සදහා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී සාකච්ජා කොට ඇත.
ඉකුත් සදුදා දිනයේදී අමෙරිකොවේ වොෂින්ටන් නුවර මෙම හමුව පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
මෙම අධාරය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 480ක නැවත නොගෙවන මූල්‍යාධාරයක් ලබා දීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ලංකා රජයේ කාර්ය සාධනය තවදුරටත් සලකා බැලීමට තීන්දු වී ඇත.










