නුදුරු අනාගතයේදී චීනයෙන් තායිවානයට යුධ ප්‍රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක් ඇතිබව පැහැදිලිව පෙනෙන බව යුධ විමර්ශකයින්ගේ මතයයි.
එ සේ වන විට ඇතිවන ආක්‍රමණශීලී යුධවාතාවරණයෙන් තායිවානය ආරක්‍ෂා කිරීම උදෙසා මේ වන විට ඉතා බිහිසුණු අන්දමින් කෙරෙන රුසියා යුක්රේන් යුද්ධය ප්‍රායෝගිකව අධ්‍යයයනය කළ යුතු පාඩමක් වශයෙන් ගත හැකි බව ඇමරිකානු යුධ විශ්ලේෂකයන්ගේ මතයයි.
නුදුරේදී තායිවානයට අත්විඳින්නට සිදුවිය හැකි චීන ප්‍රහාරයත් සමග දැනට රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාරයත් යන දෙකම සසඳමින් විමර්ෂණය කර ඇමරිකානු යුධ විශ්ලේෂකයින් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්ථාවක එම විස්තරය දැක්වේ.
එ සේ වුවහොත් තායිවානය රැක ගැනීම සඳහා ඇති උපරිම ආරක්‍ෂක මාධ්‍යය ගුවන් ප්‍රහාරක ශීල්පීය ක්‍රමෝපායන් බව එම වාර්තාවේ නිර්දේශ වශයෙන් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් ගුවන් ගමන් විනිර්මුක්ත ප්‍රදේශයක් වශයෙන් තම ගුවන් කලාපය නම්කරන ලෙසට යුක්රේනය විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව ඇමරිකාව එතරම් සැලකිල්ලක් ගත්තේ ද නැත.
විමර්ශණාත්මක හමුදා වෙබ් සයිට් ප්‍රකාශයක් උපුටා දක්වන“හොංකොං”පුවත්පත දක්වන්නේ යුක්රේනය මෙන් තායිවානය ඉතා අවදානම් තත්ත්වයක නොපවත්නා බවයි.
චන්ද්‍රසේන මාරසිංහ





