සිය අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ තම වෙබ් අඩවියේ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා ඇඟලුම් අලෙවියේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ෆැෂන් බග් විසින් තම අන්තර්ජාල ගෙවීම් පිවිසුම් (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මෙහිදී, කොමර්ෂල් බැංකුව විසින් ෆැෂන් බග් වෙබ් අඩවියේ ගෙවීමේ ක්‍රියාවලිය සඳහා මාස්ටර්කාඞ් ගෙවීම් පිවිසුම් සේවාව (MPGS) මගින් පහසුකම් සලසනු ඇත.
ෆැෂන් බග් වෙත ලබාදෙන සේවාව සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිඞ් කාඞ්පත් අනුමත කිරීම සහ මාස්ටර්කාඞ්, වීසා සහ යුනියන්පේ සන්නාමවලින් යුත් කාඞ්පත්වලින් සිදුකරන ගෙවීම් සැකසීම ඇතුළත්වේ. මෙය ඉතාමත් සුරක්ෂිත ඊ-වාණිජ්‍යය විසඳුමක් බවත් මෙහිදී කාඞ්පතේ තොරතුරු සැකසීම වෙළෙන්දාගේ පාර්ශ්වයෙන් සිදු නොවී ගෙවීමේ සර්වරය මගින් සිදුකරන බව බැංකුව සඳහන් කරයි.











