පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ගැසට් පත්‍රය මගින්ම විෂයන් පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය කාලය පුරාම කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් විෂයයන් පවරා දීමෙන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ පැවරීමක් සිදු නොවන බවට නැගුණු මැසිවිලි මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව සියලුම අමාත්‍යවරුන්ට බාධාවකින් තොරව සිය වැඩකටයුතු කරගෙන යාම සදහා ජනාධිපතිවරයා විසින් මෙසේ රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන්ද ගැසට් කිරීමට පියවර ගෙන ඇත.










